Posts

Showing posts with the label චෙකොෆ් වික්‍රමසිංහට බලපැම් කලාද?

චෙකොෆ් වික්‍රමසිංහයන්ට බලපෑම් කලාද?

Image
චෙකොෆ්... වික්‍රමසිංහයන්ට බලපෑම් කළාද..? මිනිස් චරිතයේ ඉතා සුසිලිටි තැන්‍ අතිශය තුනී ලෙස සිතුවම් කර ඇති චෙරි උයන..අභාවයට යන වැඩවසම් ක්‍රමයටත් නැගී එන වාණිජවාදී අර්ථ ක්‍රමයටත් මැදි වුන සැබෑ මිනිස් චරිත පිළිබද සියුම් විභාගයක් ඉදිරිපත් කරයි.ඔවුන්ගෙ දුක් දොම්නස් ,අමනකම් හා මෝඩකම් දැන හඳුනාගෙන සසල වන පාඨකයා තමා මෙන්ම ජිවිතයේ දුක,ශෝකය,භය කෝපය සමඟ පොර බදිමින්‍ ඒවා විඳ දරාගන්නා එම චරිත සමග මුහු වේ... මෙය චෙරි වත්ත පිළිබද වුවද  චෙරිවත්ත නමැති නම නොමැතිව එතැනට ගම්පෙරලිය යන්න යෙදුවානම් සිංහල සාහිත්‍ය පිලිබද අවධානයෙන් සිටින පාඨකයාට එය අරුමයක් නොවනවා සේම විරුද්ධත්වයකින් තොරව එකඟ වන බව නිසැකයි. සිංහල සාහිත්‍යයෙ සළකුණ ලෙස සැලකෙන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ය...එතුමා සිංහල සාහිත්‍යයට, ජාතික චින්තනයට කළ මෙහෙය පිළිබඳ තර්කයක් නොමැත. ඒ කෙසේ වෙතත් වික්‍රමසිංහයන්ගෙ ගම්පෙරලියට චෙකොෆ්ගෙ චෙරි වත්ත බලපෑම් කළාද...?වික්‍රමසිංහයන්ට අපහාසයක් නැතිනම් එතුමා කොපි කිරීමට එම විශිෂ්ට යයි අර්ථකථනය කරන ගම්පෙරලියට යෙදුවායයි ප්‍රබුද්ධ පාඨකයන් සමහරෙක් මා සමග උරණ වනවා නිසැකයි.එසේ වුවද මෙම කෘති දෙක ගැලපීමේ දී එන හැඟීම...