ජවිපෙ දෙවන කැරැල්ල.
ජවිපෙ දෙවනි කැරැල්ල ------------------- ලෝකයේ, ජයග්‍රහණයෙන් නිමාවන සටන් විප්ලව ලෙසත් පරාජයෙන් නිමවන සටන් කැරලි ලෙසත් සාමාන්‍ය ව්‍යවහාරයේදි භාවිතා කරනු ලබයි. බොහෝ විට ඉතිහාසය ජයග්‍රාහකයාගෙ තෙලි තුඩින් හැඩවෙන බැවින් පරාජිතයාගෙ ලේ දහඩිය අරමණු ද ඉතා නින්දිත ලෙස යටපත් වේ නැතිනම් පගා තලා පොඩි පට්ටම් කරනු ඇත. ලංකා ඉතිහාසයේ ද එය එසේම ය. 1818 ජාතික සටන විජාතික බලවේග නොව විජාතිකයන් හා කළ සටන්, අපේම පාසල් පෙල පොත පමණක් නොව මහාවංශය වැනි ඉතිහාසය අඛණ්ඩව ලියවී ඇති පොත් වලද කැරැල්ල ලෙස සටහන් වී තිබිමෙන් අදට ද ඒවා කැරලි වේ. ඒවා අප ජාතික මුතුන් මිත්තන්ටද කරන සැබෑ අපහාසයක් ලෙස අපට දැනෙමින් හැඟෙමින් පවති. එපමණක් ද නොව, 1848 ජාතික සටන ද අප ඉතිහාසකරුවන්ට කැරැල්ලකි. එය ද ඒවා සටහන් තැබූවන්ගේ ම වැරදි නොවන්නේද ? ඈත අතීතය හැර, නිදහසින් පසු බණ්ඩාරනායක කළ ඒ 56 පෙරළිය පරාජය වුවානම් එය ද කැරැල්ලකි. නමුදු එය ජය ගත් බැවින් 56 ජාතික පෙරළිය විය. මේ කෙසේ වෙතත් එකදා...