Posts

Showing posts from January, 2020

දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය.

Image
පොතක් ...... බොහෝවිට පොතක් යන්නට අර්ථකථනයන් බොහෝ ය.නමුදු මා දැඩිව විශ්වාස කරන කාරණය නම් යම් පොතකින් යමෙකුගේ ප්‍රඥ්ඥාව අවධි කරයිනම් එය මහා අනර්ඝ පොතක් යන්නයි. ලංකාවේ ස්වතන්ත්‍ර නංවාලිය යුතු බවත් දේශීය ලේඛකයා රැකගත යුතු බව සඳහන් කළත් මෑත කාලීන බොහෝ ලේඛකයන්ගේ ලියවිලි ප්‍රශ්නකාරි මෙන්ම හරසුන් බව මා දැක ඇත. විශේෂයෙන් ම ලේඛිකාවකගේ මෑතකාලීනව හිතට හදවතට දැනෙන පොතක් මට හමු වී නැති තරම් නිසාවෙන් මා බොහෝ විට වත්මන් ලේඛිකාවන්ගේ පොත් කියවීම අඩු කළ බව කණගාටුවෙන් සඳහන් කළ යුතුය. එසේ සිටිය දී  මෙවර නිවාඩුවට මව් රට ට පැමිණ පොත් කඩවල් වල සැරි සරද්දී මගේ මුහුණු පොතේ සිටින ලේඛිකාවක වන නිසාත්, පොතේ නම නිසාත් මෙම "දේශදෝහියෙකුගේ නිර්මල හෘදය" පොත මිලට ගතිමි. විශ්මයකි... තරංගනි රෙසිකා ප්‍රනාන්දු, නැතිනම් ආදරණීය තරුරසී අක්කා... මා පුදුමයට පත් කළා පමණක් නොව ඇගේ ලේඛන දක්ෂතාවය මා මත් කළේය. පිටු 230 ක් තුළ ඇය මා ලක් මව් තුළ මෑත ඉතිහාසයේ සියළු ඛේදනීය ඉරණම් කරා රැගෙන ගියේ ය. මට අලුතින් බොහෝ දෑ සිතීමට ඈ බල කළා ය.ජීවිතයේ සමාජ, දේශපාලන, ආර්ථික ක්‍රමයන් හි නවමු මුහුණුවරක් ඈ මට පසක් කළේය. පොත

The Mother - Maksim Gorki

Image
අම්මා..... මා සිතනා හැටියට ලොව වැඩියෙන් ම භාවිතා වන වදනයි.වදනක් පමණක් නොව ලොව සියලු සත්වයන්ගේ හදවත හා බැඳුනු තම අධ්‍යාත්මය හා වෙළී ඇති යමෙක් ඇද්ද ඒ අම්මා නොවේ ද...? රුසියාව... කැරලි, විප්ලව, සමාජ වාදය මෙන්ම සාහිත්‍යය යන්න කතා කිරීමේ දී කතා කළ යුතුම රටකි. මක්සිම් ගොර්කි..  රුසියානු සාහිත්‍යය විප්ලවය ගැන කතා කිරීමේ දී කතා නොකරම බැරි සාහිත්‍යයධරයෙකි. මේ තෙවැදුරුම එක්වු තැන ස්වර්ග රාජ්‍යයක් මැවීම අරුමයක් ද? නමුදු මෙය එක් හුයකින් ගැට ගසා ඒ ප්‍රාතිහාර්‍ය්ය සෑම අයෙකුට ම කළ නොහැකි වුව ද රුසියන් සාහිත්‍යයේ අග්‍රගණ්‍ය සාහිත්‍යයවේදියා, ඒ අම්මා නම් දැවැන්ත නවකාතව තුළින් ලොව සාහිත්‍යය ලොකයේ ස්වර්ග රාජ්‍යය මවා පෑ යේය.  වර්ෂයෙන් 1918 යනු සමාජ වාදයට, විප්ලවයට මෙන්ම රුසියාවට වැදගත් ම සිදු වීම වූ රුසියන් විප්ලවය සිදු වූ වසරයි. නමුදු මෙම විප්ලවය දවසින් දෙකෙන් සිදු වුවක් නොවන බව අපි දනිමු. මෙය 17 වැනි ශත වර්ෂයේ අගභාගයේ සිට ක්‍රියාත්මක වු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ගැනිය හැක. එයට පොතින් පතින් පත්‍රයෙන් නවකතාවෙන් කොටින් ම ලේඛනයෙන් වූ මෙහෙයට හොඳම උදාහරණය තොල්ස්තොයි &#