Posts

Showing posts from April, 2020

ලජ්ජා

Image
ලජ්ජා අබ්දුල්ලා සහ අමීනා බින්ට් ට දාව මහම්මද්තුමන් වර්ෂ 570 අප්‍රේල් 22 දා මෙලොව එළිය දුටු බව ලොව විශ්වාසය යි. (මතභේද නැතිවා ද නොවේ.)       තැනින් තැන කූඩාරම් ගසමින් යන බේඩුයින් යන නමින් හැඳින්වෙන සංචාරක අරාබි ගෝත්‍රයක, උපත ලද මෙතුමා ඉපදීමටත් පෙර පියාගෙ මරණය හේතුවෙන් තම සීයා ළඟ හැදි වැඩේ.      තම සීයා මිය ගිය පසුව මාමා කෙනෙකු ළඟ සේවයට යන මොහු, කදීජා නම් වූ ධනවත් වැන්දඹු කාන්තාව ළඟ සේවයට ගොස් පසුව ඇය හා විවාහ විය.      වයස හතළිහ පමණ වන විට අධ්‍යාත්මක දිවි පෙවතකට ගමන් කළ මොහු, දිනක් හීරා කඳු මුදුනේ තනිව සිටින විට යමෙකු දර්ශනය වී මෙසේ පැවසු බව සඳහන් ය.      "මහමද්! නුඹ අල්ලාගේ පණිවිඩකරුවා ය!"      එසේ දිස් වුයේ ගේබ්‍රියල් බවත් එය මහමද්තුමන් ලද පළමු දේව පණිවිඩය ලෙස සැලකෙන බවත් ඉස්ලාමයේ උපත ද එයම ලෙසත් සැලකේ.      ඉන්පසු දෙවියන් සෘජුව ම මහමද්තුමා වෙත විසි අවුරුද්දක් මෙසේ පණිවිඩ ලබා දුන් බවත් එය සටහන් කළ පුස්තකය, කුරානය ලෙසත් අද හැඳින්වේ.      කෙසේ හෝ පසුව තම දේශනා හා වෙනත් ගැටුම් හේතුවෙන් උපන් දේශයෙන් පැනගොස් මදීනාවේ ප්‍රථම ඉස්ලාම් රාජ්‍යය සංකල්පය(දාර් අල් ඉස

මං ඉතාලියේ තනිවුනා...

Image
මං ඉතාලියේ තනිවුණා.... ඉතාලිය...., කලකට පෙර ලාංකේය තාරුණ්‍යයේ සිහිනයක් විය. නීත්‍යානුකූල නොහැකිනම් නිත්‍යානුකූල නොවන අයුරින් එකල  ඉතාලියට තරුණ පිරිස් සංක්‍රමණය වුයේ තම සිහින සැබෑ කරගැනීමට මිල්ලෙ සොයා ය. පසුව මිල්ල, යුරෝ වූ අතර සංක්‍රමණය එලෙසම සිදු වුණි. ඉතාලිය, ලංකාව තුල කෙතරම් ජනප්‍රිය රටක් වී ද යත් පුංචි ඉතාලිය ලෙස හඳුන්වන පළාත් පවා ලංකාවේ බිහි ව ඇත. ඒ කතෝලික පල්ලි ගහණ ඉතාලි පාරිසරික හුරුව හා එදා මිල්ල සොයා ඉතාලියට ආ ගිය බොහෝ අය වෙසෙන නිසාවෙනි. ඉතාලිය ආශ්‍රිතව චිත්‍රපට, නාට්‍යය, ගීත බොහෝ බිහි ව ඇති අතර කලකට පෙර එය රැල්ලක් ව ප්‍රචලිත විය. නමුදු අද වන විට ඉතාලියත් එහි වසන ලාංකිකයිනුත් කොරෝනා වෛරසය හේතු කොටගෙන දැඩි ආතතියකින් පෙළන බව අප දනිමු. සිහින පාරාදීසය වූ ඉතාලිය, අද මෙලෙස රෝගීව දැඩි අපහසුතාවයකට පත්ව ඇති මොහොතේ ඉතාලිය සම්බන්ධ ගීතයක් ගැන සටහනක් තැබීමට සිත් විය. අද ඉතාලියේ තනි වූ අපගේ හදවත්වලට දැඩි සංවේදී මෙම ගීතය, ධනපාල උඩවත්තයන්ගේ වු ද මෙය වඩා සංවේදී වූයේ, ඔහුගේ පුත් ගයාන් උඩවත්තගේ ගායනය හේතුවෙනි. තම පෙම්වතා පෙම්වතියන් ලංකාවේ සිටිය දී මෙම රට තුල හිර වී

අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?

Image
අනගාරික ධර්මපාල මාක්ස් වාදීද? සෝවියට් දේශය මුල් කරගත් සමාජවාදී කඳවුර විනාශ කරලීමෙන් පසු අද අධිරාජ්‍යවාදී බටහිර බලවතුන්ගේ ප්‍රධාන කාර්යය බවට පත් ව ඇත්තෙ තෙවන ලෝකය තුලින් මතුවන ජාතිකත්වය මුල්කරගත් ජාතික ව්‍යාපාර විනාශ කිරීමයි. මෙයට ජාතිවාදි විෂ නැමති ටොපිය දේශපාලනය නමැති කොළයෙන් දවටා සරසා ජනතාව අතට දෙමින් ජනතාව මුලා කරමින් නව යටත් විජිතවාදි සංකල්පය සරුවට ඔවුන් කරගෙන යන බව පෙනෙන්නට ඇත. ඔවුන්ට විරුද්ධ, යටත් නොවන තර්ජනයක් වන ඕනෑම රටක් විනාශ කිරීමට CIA එක හරහා ඇමෙරිකානු අධිරාජ්‍යයත් බටහිර අනෙක් බලවතුනුත් කිසිවිටෙකත් පසුබට නොවේ. 1991 වන විට සමාජවාදය හා ජාත්‍යන්තරවාදය බිඳ වැටුණ බවත් එයට මූලිකව රැසියන් ජනපති ඉත්තෙකු කර, ඇමෙරිකාවට රිසි ලෙස නටවා, 1918 ලෙනින් එක්කල සෝවියට් සමුහානණ්ඩුව විනාශ කළ සැටි අප දනිමු. සමාජවාදි රටවල් පමණක් නොව මොහොමද් ගඩාෆි සාර්ථකව ගෙන ගිය ලිබියාව ඇමෙරිකානුවන් විනාශ කළේ ඒකපුද්ගල ආදායම ඉතා ඉහළ මට්ටමක පමණක් නොව ලොව ඉහළ ම සුභසාධන කටයුතු වන රටක් ව තිබිය දී බව අප දනිමු. එදා ගඩාෆි මියගිය පුවත ඇසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් දෑඟිලි ඔසවා ජයග්‍රාහී සලකුණ පෙන්ව

ඉමොජියට කතාවක්..

Image
ඉමොජියට කතාවක්.. ඒ වනවිට ඔවුන්ගේ ආදර කතාව පටන් අරන් මාස තුනක්. ඔවුන්ගේ මුලින්ම හමුවෙන්නේ කඩවත දී. යොදා ගත් දිනට, හරි වෙලාවට කඩවත සම්පත් බැංකුව අසලට පැමිණෙන්න ඈ ඔහුට පොරොන්දුව උන්නා. කෙළිලොල් අර්ජුනට ඕන වුණේ, නිසංසලාව දැක්ක ගමන්, ඈ ළඟ දණ නමා  ඈ අත ඉඹලා ආදරෙයි කියන්න. ඈව වඩා ගෙන රවුමක් කැරකෙන්න. ප්‍රේමය තම ජීවිතය කරගත් අර්ජුනගේ රසකාමී හිතේ හීනයක් ඒක. ඔහු, ඒ ගැන නිසංසලාට කල් ඇතුව කියලා තිබුණා. ඒත් නිසංසලාගේ හිත බියෙන්, " අනේ....අර්ජුන්....මේ හන්දියක් මැද එහෙම කරන්න එපා. ඔයා බැංකුව ඉස්සරහ ඉන්නකෝ...."  ඈ කීවා. කවදත් වෙලාවට වැඩ පුරුදු ඔහු එදා කතා කරගත් වෙලාවටත් කලින්ම විත් කඩවත සම්පත් බැංකුව ළඟ දෑස් විදාගෙන බලා උන්නේ කොළඹ දෙසට ඇදෙන බස් ගණිමින්.... ජංගමය හරහා පොටෝවකින්, වීඩියෝවකින් ඇගේ රුව දැක තිබුණත්, ජංගමය හරහා එන ඇගේ සැර වහරට අනුව අර්ජුන හිත මැවි තිබුණෙ,ඈ සැර පරුෂ ඇති තරමක ස්ථුල සිරුරක් ඇත්තියක් ලෙසයි. අර්ජුනගේ හිත කිතියකින් තිගැස්වමින් බසයෙන් බැස එන ඈ, දුර සිටම හඳුනාගැනීමට ඔහුට හැකි වූයේ සසරේ පෙර හුරු පුරුද්දට මෙනි. ඇය බුහුටිය....හැඩය.... රවුම් ම

තණමවිල කොල්ලෙක්

Image
තණමවිල කොල්ලෙක් මා බොහෝ විට ලාංකිය නාට්‍ය නැරඹීම අත්හිටවු අයෙකි.මන්ද විවේචනයටවත් නුසුදුසු හරසුන් අවරගනයේ නාට්‍යය, වාණිජමය අරමුණු පමණක් මුදුන් පමුණුවා ගැනීමට රටේ විවිධ රූපවාහිනි චැනල් දිග හැරීම, තරගයට මෙන්ම ඉන්දියානු ගොබ්බ මෙගා රැළි තුලින් ජන මනස විකෘති කර ඇති නියායෙනි.      නමුදු ඉදහිට හොඳ නාට්‍යයක රස වින්දනයක් ලබාදීමට යමෙකු උත්සහ දරයිනම් එය මා අත් නොහරිනවා පමණක් නොව ඒ ගැන සටහනක් තැබීම ද පුරුද්දකි.      මා අවසන් වරට බැලු නාට්‍යය දෙක තෛලෝකා සහ සහෝදරයා වෙයි. ඉතා සාර්ථක නාට්‍යයක් වු සහෝදරයාගේ අවසන් රූප රාමුවට විවේචනාත්මක සටහනක් තැබූ අතර එය එහි අධ්‍යක්ෂවරයා නාමල් පාවා දුටු බව මා දුටිමි.(ලයික් කර තිබුණි.)      එහි අරමුණ අධ්‍යක්ෂකවරයා අධෛර්‍ය්මත් කිරීම නොව වඩා හොඳ අදහස් ලබා ගැනීමට තව තවත් ධෛර්‍ය්මත් කිරීම බව සබුද්ධ පාඨකයා මෙන්ම අධ්‍යක්ෂකවරයා ද දනියි.      එසේ සිටි මා හට එක්තරා මිතුරියක් පණිවිඩයක් තබා තිබුණේ, අයියා බලපන් හොඳ නාට්‍යයක් යනවා කියායි. ඇය ද හොඳ රස වින්දනයක් ඇති ඇත්තියක් නිසා නිකමට යු ටියුබ් හරහා පළමු දිග හැරුම දිග හැරුණි.       අහෝ ඇඟ සීතල වි මා හිරිවැටි ග

මාගේ ප්‍රේමිය ජකරන්ද..

Image
මාගේ ප්‍රේමිය ජකරන්ද.. ඒ වසර බොහෝ කලකට ඈත දී ය..... එකමත් එක රටක මා යම් ගැටුම් මත වුව සතුටින් ගෙවු කාලයයි. ඒ එකමත් එක රටෙහි රැජිනක් රජව සිට රජෙක් වෙත බලය මාරු වු කාලය යි. කැමැත්ත අකමැත්ත, සතුට නොසතුට මත නොව දෛවයේ තීන්දු තීරණ මත නොරටකට යාමට සිදු වු මොහොත යි. මා අකමැති වුවද මා මිත්‍රයන්ගේ ලියවිලි හරහා යුරෝපා සංගමයට අයත් ප්‍රංශය වෙත ගුවන්ගත වුණි. ප්‍රංශයට පැමිණ කෙටි කලක් රැකියා විරහිතව නීෂ්(Nice) හී රැඳී සිටිය මා හට, ගෙන්වු අයගෙ සහයක ඇතිව එක්තරා ඉතාලියානු සමාගමක කුඩා රැකියාවකට උරුමකම් කිව හැකිව තිබිණි. ඒ බොහෝ ඉතාලියානුවන් ගැවසෙන සෙන් ත්‍රොපේ(Saint-Tropez)හී රැකියාවට බැදුණු මා හට ප්‍රංශ බස වෙනුවට ඉතාලි බස ප්‍රගුණ කිරීමට සිදු වුයේ එසේය. මා නීෂ්(Nice) මුහුද අසල සිටිය ද සේන් නදියට හිතින් පෙම් කළේ කියවා අසා තිබු දෑ නිසා ය. මා පැරිසිය දැක ගැනීමට පැමිණියේ ලොව සියල්ලන් පවසන ප්‍රේමයෙන් උමතු වු පාරාදීසය සියැසින් දැකීමට ය. නමුදු ඒ පීඩනකාරි, අතිධාවනයක යෙදෙන ප්‍රංශ ජන සමාජය මා හට දිරවිය හැකි වූයේ නැත. සමහර විටෙක ප්‍රංශ බස ද එයට හේතු වන්නට ඇත. සිහින කඩා වැටුණි

නැවක් පෙරලු පෙමක්.

Image
නැවක් පෙරළු පෙමක්..... ඒ 2012 වර්ෂය යි. මා ශ්‍රි ලංකාවෙන් පිටත්වු පසු ලක්බිමට පය නොතැබූ කාලය යි.නමුදු වසරකට ලැබෙන නිවාඩුව ලබාගැනීමට මා නිතර උත්සුකවන්නේ ඒ නිවාඩු කල සංචාරය කළ හැකි බැවිනි.මන්ද සංචාරය, මාගේ ප්‍රිය විෂයයක් බැවිනි. යුරෝපයේ ග්‍රීෂ්ම සෘතුවේ මුහුදු සංචාරය සියල්ලන්ට ප්‍රිය කාරණයකි.2011 මා එසේ කළ සංචාරයක දී හමු වූ මිතුරෙකුගේ ආරාධනාවකට 2012 නිවාඩුවෙන් වැඩි හරියක් ඔහුගේ පවුලේ අය සමඟින් මධ්‍යම ඉතාලියේ දුපතක මා නිවාඩුව ගත කළෙමි. ග්‍රීෂ්මයේ මුහුදේ නෑම ප්‍රිය වුව ද මා 2012 ජනවාරි නිවාඩුව ලබා ගත් බැවින් නෑම කෙසේ වෙතත් මුහුද මැද දුපතක දැඩි ශීතල දැනෙන බැවින් රාත්‍රියේ නිවසින් පිට කිසිවෙකුත් නොයන්නෙමු. ඒ 2012 ජනවාරි 13 වෙනිදායි.අප 6 දෙනෙකු නිවසේ සිටි අතර 4 දෙනෙක් කාඩ් ක්‍රීඩාවේ ද මා සහ මා මිතුරා චෙස් ක්‍රීඩාවේ ද යෙදී නින්දට යාමට සැරසුන මොහොතයි. රාත්‍රි 11 කනිසම පසුවී තිබූ බව මට හොඳ හැටි මතකයේ ඇත. පුදුමයකි..! වෙනදා නිශ්චල මුහුදේ නැවක් නලා පිඹින හඬ මෙන්ම නැවක බොට්ටුවක එළිය හැර ගණ අන්ධකාරයෙන් පිරෙන මහා සාගරය දෙසින්, විශාල ලෙස හෙලිකොප්ටර් යානා පියාඹන හඬ ඇසුනි. මට පමණක් නොව එහි

නිරොධායනයට නිවසක්..

Image
ඉතාලියේ වසන ශ්‍රි ලාංකිකයෙක් ලංකාවේ තම නිවස නිරෝධායන මධ්‍යස්ථානක් ලෙස රජයට ලබා දෙයි. ---------------------------------------------------------- 'දකුණත දුන් දේ වමත දැනගත යුතු නොවේ.' මේය සියලු ආගමික නායකයන් ද ලොව පහළ වු විශිෂ්ට දාර්ශනිකයන් ද පැවසු වදනක් වුව ද අද එය එසේ සිදුවනවා ද යන්න සිතා බැලිය යුතුය. ලොව covid 19 නමැති යක්ෂයා ගිල ගනිමින් දැඩිව අසරණ කර ඇති මොහොතක ලෝක බලවතුන් එය මර්ධනයට ධනය ශ්‍රමය තාක්ෂනය යොදා ගනිමින් සුවිසල් සටනක යෙදෙන බව පෙනෙන කරුණකි. ලංකාවට ද මෙය දැඩි ව බලපා ඇති අතර වෙනදා මෙන් ලක් වැසියන් කණ්ඩායම් බෙදි මරා ගැනිල්ල කිසිඳු වෙනසක් නැත. ලොව කොතනකවත් දැකිය නොහැකි ලෙස සැක සහිත පුද්ගලයන් සොයා ගොසින් නිරෝධායනයට ලක් කරමින් රජය කටයුතු කිරීම ද පැසසිය යුතුය. රජයක් එසේ කටයුතු කරනා විට පුරවැසියන්ගෙ ඔලු ගෙඩි තුලට මෙය ජාතික ව්‍යවසනයක් ය යන මතය තවමත් කිදාබැස ඇත්දැයි සැක සහිත ය. පසුගිය දා ඉතාලියේ සේවය කළ එක් පුද්ගලයෙකු රෝගය ඇතිබව දැන දැනත් එය සඟවා රට තුලට පැමිණීම,නිරෝධායනයට විරුද්ධ පිරිසක් ආරක්ෂක අංශ හා ගැටීම වැනි කාරණා දඩමීමා කර ගනිමින් සමහරු තම පුද්ගලික වෛර

නව කොරොනා ජාතිවාදය සහ ස්ත්‍රි සලකුණ

Image
නව කොරෝනා ජාතිවාදය සහ ස්ත්‍රී සලකුණ. ------------------------------------------------------------- Covid 19 නව කොරෝනා රෝගයෙන් ලොව ම වෙලා ඇති මොහොතක යුහුසුළුව ලෝකයා මෙම ව්‍යවසනයෙන් ගැලවීම සඳහා යත්න දරමින් සිටි. ලොව එසේ වුවද සැමදා සෑම ප්‍රශ්නයක දී ම දෙපිලට තුන් පිලට බෙදි, අප රට වැසියා මරා ගන්නා සැටිනම් මෙවන් විටක ද කිසිඳු වෙනසක් නොමැත. මෙම වෛරසය චීනයෙන් ජර්මනිය හරහා ඉතාලියට පැමිණි විට ඉතාලිය ජර්මනියටවත් චීනයටවත් එරෙව්වේ නැත. රෝගය මර්ධනයට උත්සුක වුවා පමණි.නමුදු අපේ රටේ පේන කියන්නන් යුරෝපයේ රටවල් මරා ගන්නා බවට අනාවැකි පල කලේ අප සෑම දේට ම මරාගැනීමේ ප්‍රතිපත්තියක සිටින නියාවෙන් විය යුතුය. බුකියේ සිංහලෙන් වෙන රටවලට කෑමොර දී තම කාලය අපතේ යවන විට,අපෙ රටේ උන් නිරෝධායනයට මධ්‍යස්ථානයක් හදන විට අපේ ගමට එම මධ්‍යස්ථාන එපා යැයි පෙළපාලි යන තරමට කුහක වුයේ ද අප ම නොවේ ද? අප එසේ වුවද ලොවට ආදර්ශයක් දෙමින් ඉතාලියේ රෝගින් වැඩි වන විට ජර්මනිය, විශේෂිත රොහල් ගුවන්යානයක් ඉතාලියට ගොඩබස්සවා ඉතාලි රෝගීන් ජර්මනියට ගෙනයාමට තරම් කාරුණික වීම ලොවට ම ලබා දුන් ආදර්ශයකි. අප මෙම රෝගය තුරන් කරනවා වෙනුවට අප අප