Posts

Showing posts from May, 2020

ප්‍රේම ෆැන්ටසියේ සුජිවගේ භූමිකාව..

Image
ප්‍රේම ෆැන්ටසියේ සුජිවගේ භූමිකාව.. මම සුජීවගේ සාහිත්‍යය කෙසේ වෙතත්, සුජීව ගැන කාලෙක ඉදන් ලියන්න හිටියේ. අතපහු වුණ එයට අත ගැස්සුව, පෝස්ටුවකට මා ලියූ කොමෙන්ටුවෙක දිගුවක් ලෙස එය මෙසේ ලියන්නට හිතුණා. සුජීවගේ මම දකින ගුණ කිහිපයක් තියනවා. 1. සුජීව කියන්නෙම කළමනාකාර උපාධිධාරියෙක්...ඒ දැනුම තම ක්ෂේත්‍රයට යොදලා ජීවත් වෙන හොඳ මුදලාලි කෙනෙක්.ක්ෂේත්‍රයට ම හරියන්න විවාහ ජීවිතයකට ද පා තබා අති සාර්ථක වෙළඳ උපක්‍රම මඟින් වෙළද පොළ අල්ලන්න සුජීවට හැකි වුණා. සුජීව තමා ලත් කළමනාකාර උපාධිය තමා අත ගැසූ ක්ෂේත්‍රයට නිසි ලෙස යොදා ගනිමින් ක්ෂේත්‍රය තුල පුද්ගලිකව අති සාර්ථක පුද්ගලයෙකු වීම.විවේචකයන්ගේ විවේචන තඹයකට මායිම් නොකරන ඔහු කිසිඳු ප්‍රසිද්ධ මාධ්‍යයකට තම සාකච්ඡා පවා ලබා නොදෙන්නේ ද නිකම්ම නොව එය ද වෙළද උපක්‍රමයක් ලෙසයි මා දකින්නේ. 2. පොත් වල මිල..., මේකත් ලංකාවේ අනෙක් ආයතන හා එක්ව ගත්තාම හොඳ තත්වයක තියනවා.ව්‍යාපාරිකයන්ටනම් අත්පිට මුදලට ම පමණක් පොත් ලබා දුන්න ද පාඨකයගෙ පැත්තෙන් බැලුවාම සාධාරණ මිලක්...මොකද ඒ කවර සහ පිටුත් හොඳ තත්වයේ...වගේම දැකුම්කළු නිමාවකුත් තියනවා. 3. නවීන තාක්ෂණය...ලංකාවේ

ඌරන්ගෙන් ප්‍රවේශම් වන්න..!!!

Image
ඌරන්ගෙන් ප්‍රවේශම්වන්න...!!! සන්නස්ගල හා තිස්ස යනු දේශපාලනය කෙසේ වෙතත් රට ට වැඩැති පුරවැසියන් සුවිශාල වූ තරමින් බිහි කළ සාර්ථක ගුරු පියවරුන් දෙපලක් ලෙස සැලකිය හැක. සන්නස්ගලයන් පුද්ගලික පන්ති හරහා සිංහලයේ හැරවුම් ලක්ෂයක් වූ කල, තිස්ස ජනනායකයන් ද විද්‍යාව නවමු මුහුණුවරකින් ජනගත කරමින්‍ සිසු දරුවන් අතර ජනප්‍රිය වූ ගුරුවරයෙකි. දෙදෙනාටම සමාජයේ ගෞරවාදරය දැඩිව හිමි වූ අතර තම ගෝලයන්ට දෙවියන් හා සමාන වූවන් ද විය.ඕනෑම දක්ෂ ගුරුවරයෙකුගේ වදන් සිසු දරුවන්ට දේව වාක්‍යය හා සමාන බව කිව යුතු නොවේ. දේශපාලනිකව සන්නස්ගලයන් එදා එ.ජා.ප ට පක්ෂ වූව ද අද එය වෙනස් කර වෙනත් දේශපාලන මතයක එල්ඹ සිටින අතර,තිස්ස ජනනායකයන් පවතින ආණ්ඩුවට කඩේ යමින් සිටී.නමුදු ඒ ඔවුන්ගේ පුද්ගලික කැමැත්ත සහ ඔවුන්ගේ දැක්මන් ය. දෙදෙනාටම දේශපාලනිකව සමාජයේ යම් අපකීර්තියක් විවේචනයක් ලැබුණ ද ඔවුන් ගුරුවරුන් ලෙස ලබා ගත් ගෞරවයත් කීර්ති නාමයක් සමාජය තුල කිදා බැස ඇත්තකි.(දේශපාලනය නිසා පළිඳු වු තැන් නැතුවා ද නොවේ.) නමුත් දෙදෙනාම රට ට යම් සැලකිය යුතු මෙහෙවරක් කළ සහ තව දුරටත් කළ හැකි උගතුන් බව නොරහසකි. ඉරාජ් යනු දක්ෂ ව්‍යපාරිකයෙකි.රටේ

බල්ලෙකුගෙ හදවත

Image
වල් බල්ලා....... පාරේ සිටින බල්ලෙකුට බොහෝ විට ජන වහරේ එන වචනයකි ඒ. නමුත් ඒ වල්බල්ලා ම ප්‍රස්තුතය කරගනිමින් යමෙකු හිතාගත නොහැකි ලෙස සමාජ,දේශපාලන,ආර්ථික පරිහානිය වැනි දෑ කතා කරන්නේනම් එය සුළු පටු වේද? "බල්ලෙකුගේ හදවත" (Heart of a Dog) වත්මනේ බොහෝ අය සමාජවාදය හෝ ධනවාදය අර්ථ දක්වමින් තම දේශපාලන මතය තහවුරු කිරීමට දරණ අප්‍රසන්න තැත දැක ගත හැක. තම පක්ෂ දේශපාලනයේ පක්ෂ මතය තහවුරු කිරීම වස් තම පක්ෂය දරණ ඕනෑම කුණුගොඩක් නිවැරදි බව ඇගවීමට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන නිහීන තැත අප දැක ඇත. බොහෝ විට සමාජවාදය ගැන සාකච්ඡාවේ ද සමාජවාදය පූර්ණ දෙව්ලොවක් මවන්නා සේ බොහෝ උන් ප්‍රලාප නගනා හැටි අප දැක ඇත. (සමාජවාදයේ ගත යුතු හොඳ දෑ බොහෝ ය.) එනමුදු එසේ මොරදෙන බොහෝ උන් සමාජවාදී ප්‍රතිපත්ති ගැන මොරදෙන්නේ ධනවාදයේ පහස ලබමින් හෝ ධනවාදයෙන් සියළු පහසුකම් ලබමින් ය. එසේත් නැතිනම් ධනවාදී රටක සියළු සැප විදිමින් මනෝරාජික සමාජවාදී තර්ක ලොවට හඬ ගා කියමින් ය. ඒවා පිළිගන්නා සමහර මධ්‍යම පාන්තිකයා නොදන්නා කමින් කඩේ යන්නේ එවැනි උන් ධනවාදී රටවල සියළු සැප විදිනා බව හෝ උන්ගේ දරුවන් ධනවාදී

පීඩිතයා නොසලකන VIP පාලනය.

පීඩිතයා පාගා VIP උන් රකින  ලාංකේය පාදඩ පාලන ක්‍රමය. ========================= කොරෝනා වෛරසය ලොවට ම දැඩි හානි පමුණුවා ඇත. ලොව ම මෙම වෛරසය මැඩ පැවැත්වීමට දැඩි වෙහෙසක් දරන බව අප දනිමු. ලංකාවෙහි ද මෙය සිදුවන අතර තුර ඒ තුල ද බලය,ධනය යනාදී කරුණු පදනම්ව කාලකණ්ණි අශෝබන ක්‍රියා සිදු වන බව ද කිව යුතුය. බලය,ධනය යන ප්‍රධාන කරුණු පදනම්ව ලාංකේය දේශපාලනය දෝලනය වුව ද මෙවන් අවස්ථාවක දී පවා එසේ ක්‍රියාත්මක වීම කෙතරම් ලැජ්ජා සහගත ද...? විදෙස්ගත ශ්‍රී ලාංකිකයා, නමට රට විරුවා වැනි විරුදාවලි යොදා අන්දවා, රටේ ගැහැනුන් නොරටට විකුණා හිඟන ආර්ථිකයකට හිමිකම් කියනවා මදිවට රට ට එසේ විනිමය ගෙන එන අප සහෝදරියන් මැද පෙරදිග දුක් විඳිනා කළ රජය කුමක් කරයි ද..? රටේ විදේශ විනිමය හිඟ වූ කල සුවිශේෂී ගිණුම් හරහා රට ගොඩගැනීමට මුදල් එවන ලෙස විදස්ගත වූවන් යදින පාලකයා, අවම තරමින් විදෙස්ගත ලාංකිකයාට ඡන්ද බලයවත් දීමට සිතා ඇත්ද...? අද මැද පෙරදිග සහෝදර සහෝදරයින් දැඩි පීඩාවකට ලක්ව ඇත. කෑම බීම පමණක් නොව ඉඳුම් හිටුම් ද ඔවුන්ට ගැටළුවක්ව ඇති බව සියල්ලෝ දනිති. එසේ තිබිය දී එංගලන්තයේ සිටි පිරිස් එක්වර ගෙ