Posts

Showing posts with the label එක ෆැන්ටසි ලෝකෙක..

එක ෆැන්ටසි ලොකෙක..

Image
එක ෆැන්ටසි ලෝකෙක..... ෆැන්ටසිය....මෙයට විවිධ ගැඹුරු අර්ථ දැක්වීම් ඇති වුවද සරලව සිහින ලෝකය ලෙස හැඳින්වීමේ වරදක් නැත. යමෙකු ෆැන්ටසි ලෝකෙක, සිහින ලොවක ජීවත් විය යුතු ද? ඔව්... ලොව බොහෝ සාර්ථක මිනිසුන් යම් ෆැන්ටසියක ජීවත් වී ඇත. මනෝවිද්‍යාත්මක ව වුව ද යමෙක් යම් සිහිනයක ජීවත් වීම තුල ඔහු හෝ ඇය එම සිහින ලොවේ ඉලක්ක කරා සැබෑවට ගමන් ගැනීමට නිසඟව ම පෙළඹෙනු ලබන අතර,තම සිහින නිතර නිතර දැකීම තුල එම සිහින තම යටි සිත තුල තැම්පත් වී එම ඉලක්කවලට ළංවීමට උත්තේජනයක් ලබා දෙන බව පවසයි. ලොව බොහෝ රටවල යමෙකු, යමක් නිතර නිතර මවා ගනිමින්, සිතමින් දිනක මේ දේ කරනවා යැයි සිහින දැකීම තුල ස්වභාව ධර්මයා එයට නිසඟව ම උදව් කරනු බවට පිළිගැනීමක් ඇති අතර එසේ සිහින දකිමින් නිතර තම සිහිනය තුල එය ළඟාකර ගැනීමට යත්න දරන්නා හට විශ්වීය ශක්තිය පවා එක් රොක් වී සහය වන බව මතය යි. එසේනම් අප සිහින දැකිය යුතු ම නොවේ ද...? මෙය බොහෝ විට බටහිර රටවල නිතැතින් සිදුවන දෙයකි.විශේෂයෙන් ම ප්‍රේමය වැනි කාරණා තුල බටහිර දී සිත් තැවුල් අවම ව එය විදීමටත්, අසියාතික රටවල එය විඳවීමටත් මෙම ෆැන්ටසිය මූලික කරුණක් ව ඇති බව ද දැක ගත හැක. යුර...