Posts

Showing posts with the label The Mother

The Mother - Maksim Gorki

Image
අම්මා..... මා සිතනා හැටියට ලොව වැඩියෙන් ම භාවිතා වන වදනයි.වදනක් පමණක් නොව ලොව සියලු සත්වයන්ගේ හදවත හා බැඳුනු තම අධ්‍යාත්මය හා වෙළී ඇති යමෙක් ඇද්ද ඒ අම්මා නොවේ ද...? රුසියාව... කැරලි, විප්ලව, සමාජ වාදය මෙන්ම සාහිත්‍යය යන්න කතා කිරීමේ දී කතා කළ යුතුම රටකි. මක්සිම් ගොර්කි..  රුසියානු සාහිත්‍යය විප්ලවය ගැන කතා කිරීමේ දී කතා නොකරම බැරි සාහිත්‍යයධරයෙකි. මේ තෙවැදුරුම එක්වු තැන ස්වර්ග රාජ්‍යයක් මැවීම අරුමයක් ද? නමුදු මෙය එක් හුයකින් ගැට ගසා ඒ ප්‍රාතිහාර්‍ය්ය සෑම අයෙකුට ම කළ නොහැකි වුව ද රුසියන් සාහිත්‍යයේ අග්‍රගණ්‍ය සාහිත්‍යයවේදියා, ඒ අම්මා නම් දැවැන්ත නවකාතව තුළින් ලොව සාහිත්‍යය ලොකයේ ස්වර්ග රාජ්‍යය මවා පෑ යේය.  වර්ෂයෙන් 1918 යනු සමාජ වාදයට, විප්ලවයට මෙන්ම රුසියාවට වැදගත් ම සිදු වීම වූ රුසියන් විප්ලවය සිදු වූ වසරයි. නමුදු මෙම විප්ලවය දවසින් දෙකෙන් සිදු වුවක් නොවන බව අපි දනිමු. මෙය 17 වැනි ශත වර්ෂයේ අගභාගයේ සිට ක්‍රියාත්මක වු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස ගැනිය හැක. එයට පොතින් පතින් පත්‍රයෙන් නවකතාවෙන් කොටින් ම ලේඛනයෙන් වූ මෙහෙයට හොඳම උදාහරණය තොල්...