Posts

Showing posts from June, 2021

මතක මිය ඇදෙන සඳ

Image
 මතක මිය ඇදෙන සඳ....    බැලූ බැල්මට දේශපාලනික කතාන්දරයක් ලෙස කෙනෙකුට ගිණිය හැක,එමෙන්ම කතෘ දෙමළෙකු නිසාම මෙය සිංහලයා, මරක්කලයා දෙවනි කොට දෙමළා ඉහළට ඔසවා තැබූ කතාන්දරයක් ලෙස ද ලාංකේය පාදඩ වහල් ජන මනස වෙළා ගනු නියතය.     නැත....මෙය සිංහලයෙකුවත් නොලියු, තම්බියෙකුවත් නොසිතූ, සැබෑ මානව හිතවාදී දෙමළයෙකු ලියූ ලාංකේය සමාජයේ සැබෑ හෙළිකිරීමයි.     පිටු හත්සියයක් ඉක්මවා දිවෙන කතාන්දරයක්, පිටුවකට ලඝුකළ හැකි ද ? යන පැනය මා තුළ පැන නැඟුණ ද, ලාංකේය ජනසමාජය මෙය කියවිය යුතුම වන නිසා පාඨක උත්තේජනය පිණිස මෙසේ සටහනක් තබන්නට සිත් විය.     පරම්පරා තුනක් හරහා දිවෙන " මතක මිය දෙන සඳ" කෘතිය, පීඩිතයා පාගමින් ලියන පාදඩ ඉතිහාසකරුවාගේ නිරුවත කියා පාන කතාන්දරයක් ලෙස ද මෙය හැඳින්විම මා පැකිලෙන්නේ නැත.     වත්මන් පරපුර තිස් අවුරුදු යුධය ගැන සිතා සිටින්නේ 1971 දී දෙමළ සිසුන් ඉලක්ක කර ගත් ප්‍රමිතිකරණ ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස දෙමළ සිසුන් පිරිසක් සන්නද්ධ කණ්ඩායම් කරා යොමු වීමත්, 1975 ජූලි 27 ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමත්, 1983 ජූලි මස 23 දින හමුදා නිලධාරීන් 13 දෙනෙකු මරා දැමීමත් පාදඩ ජයවර්ධන ආණ්ඩුව මිනී