Posts

Showing posts with the label නැවක් පෙරලු පෙමක්.

නැවක් පෙරලු පෙමක්.

Image
නැවක් පෙරළු පෙමක්..... ඒ 2012 වර්ෂය යි. මා ශ්‍රි ලංකාවෙන් පිටත්වු පසු ලක්බිමට පය නොතැබූ කාලය යි.නමුදු වසරකට ලැබෙන නිවාඩුව ලබාගැනීමට මා නිතර උත්සුකවන්නේ ඒ නිවාඩු කල සංචාරය කළ හැකි බැවිනි.මන්ද සංචාරය, මාගේ ප්‍රිය විෂයයක් බැවිනි. යුරෝපයේ ග්‍රීෂ්ම සෘතුවේ මුහුදු සංචාරය සියල්ලන්ට ප්‍රිය කාරණයකි.2011 මා එසේ කළ සංචාරයක දී හමු වූ මිතුරෙකුගේ ආරාධනාවකට 2012 නිවාඩුවෙන් වැඩි හරියක් ඔහුගේ පවුලේ අය සමඟින් මධ්‍යම ඉතාලියේ දුපතක මා නිවාඩුව ගත කළෙමි. ග්‍රීෂ්මයේ මුහුදේ නෑම ප්‍රිය වුව ද මා 2012 ජනවාරි නිවාඩුව ලබා ගත් බැවින් නෑම කෙසේ වෙතත් මුහුද මැද දුපතක දැඩි ශීතල දැනෙන බැවින් රාත්‍රියේ නිවසින් පිට කිසිවෙකුත් නොයන්නෙමු. ඒ 2012 ජනවාරි 13 වෙනිදායි.අප 6 දෙනෙකු නිවසේ සිටි අතර 4 දෙනෙක් කාඩ් ක්‍රීඩාවේ ද මා සහ මා මිතුරා චෙස් ක්‍රීඩාවේ ද යෙදී නින්දට යාමට සැරසුන මොහොතයි. රාත්‍රි 11 කනිසම පසුවී තිබූ බව මට හොඳ හැටි මතකයේ ඇත. පුදුමයකි..! වෙනදා නිශ්චල මුහුදේ නැවක් නලා පිඹින හඬ මෙන්ම නැවක බොට්ටුවක එළිය හැර ගණ අන්ධකාරයෙන් පිරෙන මහා සාගරය දෙසින්, විශාල ලෙස හෙලිකොප්ටර් යානා පියාඹන හඬ ඇසුනි. මට පමණක් නොව එහි ...