Posts

Showing posts with the label වීශාලාව සියැසින් දුටිමි.

විශාලාව සියැසින් දුටිමි.

Image
විශාලාව සියැසින් දුටිමි.... රෝග බිය ගැන කතා කළ සැනින් අප හට විශාලා මහනුවර නිතැතින් සිහියට එන්නෙ ලංකාව යනු බෞද්ධ රටක් නිසා විය හැක. නමුදු එය අසා තිබුණ ද එවැනි අත්දැකීමක් අපට නැත. නමුදු ඉතාලියේ වෙසෙන අප හට එවැනි අත්දැකීමක් මේ දිනවල අකමැත්තෙන් වුවද විඳගැනීමට සිදු ව ඇත. චීනයෙන් හටගෙන ලොව ම සලිත  කළ කොරොනා, අද වන විට චීනයට වඩා සීඝ්‍රව පැතිරිරෙමින් මරණ අනුපාතය ඉහළ ම අගයක් ගණිමින් ඉතාලිය තුළ ව්‍යාප්ත වුයේ නොසිතු ලෙස ය. අද වන විට ඉතාලියේ රෝගය නොපැතිරුණ නගර පවා වැසියන් දැඩි භීතියෙනි.පාසල්, අවන් හල්, සිනමා හල් වැනි පොදු ස්ථාන වසා දමා ඇත. නිරතුරුව නිවෙස්වල රැඳෙනා ලෙසත් රෝගය පැතිරීම වලකාලීමට සහය දෙන ලෙසත් රජය, ජනතාවට ආයාචනා කරයි. මං මාවත් හිස් ය.එදා පෙම්වතුන්ගෙන් පිරීගිය සිනමාහල්, උද්‍යාන අද පාලු සුසානයන් බදුය. නගරය නිහඬ ය.නමුදු බියකරු ය.මෙරටුන් නිවෙස්වල රැඳි ඇත.වෙනත් රටවලින් පැමිණ මෙහි සේවය කරන උන් තම නෑ හිතවතුන්ගෙන් දුරස්ව දැඩි සාංකාවෙනි. මෙරට සේවයේ නියුතු වූවන්ගේ නෑ හිතවතුන් ලංකාවේ සිට දැඩි භීතියෙනි. කනස්සල්ලෙනි. අද මෙරට සේවය කරන උන් හට වෙනදාට වඩා තනිකම පාලුව හිස් බව දැන...