Posts

Showing posts from March, 2020

නිරොධායනයට විරුද්ධ මුග්ධයිනි.

Image
නිරෝධායනයට විරුද්ධ මුග්දයිනි..!! අද වන විට ලෝකයේ වෙනත් රටවල් හා සැසදීමේ දී ලංකාව කොරෝනා රෝගයට සාර්ථකව මුහුණ දෙන බව ලෝකයේ කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්ව ඇති රටක වෙසෙන මා හට පෙනෙන කරුණකි. එසේ වුව ද සමහර මුග්ද පුරවැසියන් රජයේ නිවේදන ගණන් නොගන්නා බවත්, නිරෝධායනයට ද විරුද්ධව හැසිරෙන අයුරුත් යම් යම් තැන් හි දුටිමි. ලංකාවේ වෙසෙන්නනි, නුඹලා තවමත් මෙහි බරපතලකම නොදනිති. මිනී කඳු ගොඩ ගැසෙන, මැරෙන කෙනෙකුට පෙට්ටියක්වත් හිමි නැතිව, ආදාහනයට ද ඉඩක් ලබාදිය නොහැකිව මේ රටේ ජනපති කඳුළු සලන හැටි අප දෑසින් දැක ඇත්තෙමු. අප අවසානාවන්ත ම ලාංකික පිරිස වේ. යම් හෙයකින් අප මියැඳුන හොත් මිනියවත් තම රට ට එනු නැත. එසේ තබා වැලළු තැනක් පවා කිසිවෙකු නොදකිනු ඇත. තම ආදරණීයන්ගේ වල උඩ මල්පොකුරු තැබීමට, පහන් පත්තු කිරීමට තබා නිසි අවසන් ගෞරව ද නොලැබෙනු ඇත. තත්වය කෙතරම් ශෝචනීය ද? මෙහි උන් එහි බරපතලකම දනිති. දැනෙති. එය මා හට ද පොදු කරුණකි. අද ඉතාලියේ වෙසෙන ලාංකිකයන් අහස් යානාවක් ගෙන මව් රටට පැමිණීමට වෙරදරමින් සිටි. එසේ තිබිය දී, "නෑ... අපි මෙම අවදානම සමඟ නොපැමිණ්නෙමු. මිනිය වැලළු තැන හොයාගන

මිනිසත්කමේ මිනුම් දන්ඩ කොරොනා.

Image
මිනිසත්කමේ මිනුම් දණ්ඩ, කොරෝනා (covid-19) ? ඉතාලිය අති අවධානම් තත්වයකට පත්ව ඇති බව අද වන විට නොරහසකි.එය කොතරම් දරුණු වූයේ ද යත් වයස 80 ඉක්මවු අය හට රොහල් තුල ප්‍රතිකාර පවා නොකරන තැනට පත්ව ඇති බව නොයෙක් මාධ්‍ය හරහා හෙළි වුණි. (මෙය ප්‍රචාරය වුවද එහි සත්‍ය අසත්‍යතාවයට වගකිව නොහැක. මන්ද දෑසින් නොදුටු නිසාවෙන් ය.) සත්‍ය අසත්‍යය කුමක් වුවද එයින් ගම්‍යවන්නෙ ඉතාලිය චීනයටත් වඩා දරුණු තත්වයකට පත්ව ඇති බවකි.ලොම්බර්දියා පළාතේ පමණක් වුවද අද මුළු රට ම භීතියෙනි.ලාසියො (රෝමය පිහිටි පළාත) හි ජනගහණය ඉතාලියේ ඉහළ ම ජනගහණක් වෙසෙනා පළාත යි. මේ වන විට රෝමය තුල මෙම රෝගය අරක්ගෙන ඇත.කිසිවක් කිසිවෙකුටත් කළ නොහැක. මිනිසුන් නිවාස අඩස්සියේ ය.   මේ වේලාව මෙහි වෙසෙන සියල්ලන් හිත ශක්තිමත් කරගනිමින් නොබියව මෙයට මුහුණ දීම හැර වෙන කිසිවක් නොමැත. ඉහත වයස 80 රෝගින් ගැන පලවු ප්‍රවෘතිය නිසා මෙරට සේවය කරන විදෙස්ගත පිරිස් හිත චකිතයකට පත්ව ඇති බව කිව යුතු නොවේ. මන්ද මෙවන් විටෙක රටේ සම්පත් තම රටේ උන් රැකුමට යන මතය මිනිසුන් පිළිගන්නා බැවිනි.(එය සත්‍ය ද විය නොහැක. රෝගය වැළඳුන ලාංකික කාන්තාව සුව වී ගොස් ඇත්තෙ මෙහි ව

නුතනයෙ ගජමන් නොනා..

Image
නූතන ගජමන් නෝනා... ලාංකේය කවියේ ඉතිහාසය කවදා කොතැන බිහි වුයේදැයි නිශ්චිතව කිව නොහැක.ඈත ඉතිහාසයේ පටන් කවිය ගැහැණු පිරිමි දෙපාර්ශවය ම භාවිතා කළ අතර මවක් දරුවෙකු නැලවීමට ද කවි භාවිතා කළාය. නමුදු සාහිත්‍යය තුල දස රස ඇති මුත් ඉතිහාසය හැදෑරිමේ දී ශුංගාර රසය බොහෝ විට පිරිමින් විසින් භාවිතා කර ඇත. ඉතිහාසයේ සිව් පදය කෝට්ටේ යුගයෙන් ආරම්භ යැයි සඳහන් වුව ද සීගිරි කැටපත් පවුරෙන් සිව් පද හමුවීම අපට දැකිය හැක. සීගිරි කැටපත් පවුරේ ද යන්තමට ශුංගාර රසය දැක ගත හැකි වුව ද කෝට්ටේ යුගයේ තොටගමුවේ හිමි ශුංගාරය මැනවින් භාවිතා කළහ. නමුදු කාන්තාවක් විසින් දහ රසයේ එක් රසයක් වන ශුංගාරය නොබියව ප්‍රයෝජනයට ගෙන කවි නිර්මාණය කළේනම් ඒ ගජමන් නෝනා බව අප දනිමු. ඇය තම ආත්ම කථනයන් කවිය හරහා එළි දැක්වීමේ දී තම හැඟීම් නොබියව එළි දැක්වු කාන්තාවක් ලෙස සුප්‍රසිද්ධ වේ. නීතිමය ලෙස ගජමන් නෝනාගේ ස්වාමියා ගාඩියස් ආරච්චි වුව ද ගජමන් නොනාගේ සත්‍ය ප්‍රේමය ජොන් ඩොයිලි ළඟ නතර වු බව අප දනිමු. ගජමන් නෝනා ස්වාමියාට මෙන්ම ඩොයිලිට ද බොහෝ කවි ලියා ඇත. ඒ සෑම කවකම තම ආත්ම කතනයන් නොබියව ඉදිරිපත් කළ ගජමන් කළ නෝනා ශුංගාර රසය මැන

විශාලාව සියැසින් දුටිමි.

Image
විශාලාව සියැසින් දුටිමි.... රෝග බිය ගැන කතා කළ සැනින් අප හට විශාලා මහනුවර නිතැතින් සිහියට එන්නෙ ලංකාව යනු බෞද්ධ රටක් නිසා විය හැක. නමුදු එය අසා තිබුණ ද එවැනි අත්දැකීමක් අපට නැත. නමුදු ඉතාලියේ වෙසෙන අප හට එවැනි අත්දැකීමක් මේ දිනවල අකමැත්තෙන් වුවද විඳගැනීමට සිදු ව ඇත. චීනයෙන් හටගෙන ලොව ම සලිත  කළ කොරොනා, අද වන විට චීනයට වඩා සීඝ්‍රව පැතිරිරෙමින් මරණ අනුපාතය ඉහළ ම අගයක් ගණිමින් ඉතාලිය තුළ ව්‍යාප්ත වුයේ නොසිතු ලෙස ය. අද වන විට ඉතාලියේ රෝගය නොපැතිරුණ නගර පවා වැසියන් දැඩි භීතියෙනි.පාසල්, අවන් හල්, සිනමා හල් වැනි පොදු ස්ථාන වසා දමා ඇත. නිරතුරුව නිවෙස්වල රැඳෙනා ලෙසත් රෝගය පැතිරීම වලකාලීමට සහය දෙන ලෙසත් රජය, ජනතාවට ආයාචනා කරයි. මං මාවත් හිස් ය.එදා පෙම්වතුන්ගෙන් පිරීගිය සිනමාහල්, උද්‍යාන අද පාලු සුසානයන් බදුය. නගරය නිහඬ ය.නමුදු බියකරු ය.මෙරටුන් නිවෙස්වල රැඳි ඇත.වෙනත් රටවලින් පැමිණ මෙහි සේවය කරන උන් තම නෑ හිතවතුන්ගෙන් දුරස්ව දැඩි සාංකාවෙනි. මෙරට සේවයේ නියුතු වූවන්ගේ නෑ හිතවතුන් ලංකාවේ සිට දැඩි භීතියෙනි. කනස්සල්ලෙනි. අද මෙරට සේවය කරන උන් හට වෙනදාට වඩා තනිකම පාලුව හිස් බව දැනෙනු

කාන්තාවන් රවටන දිනය අදයි.

Image
අපේ මවුවරුන්ට සහෝදරියන්ට වෙන් වූ දිනය අද යි.... වටිනා නීල මාණික්‍යයක් අතින් ගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට අවේලාවේ පයින් යාමට තරම් කාන්තාවට ආරක්ෂාව තිබු රටක, කාන්තාවට ගෞරව කළ,සමාජයේ සැම ළඳක් ම මවක්‍ ය,සොයුරියක් ය කියා සිතන තරමට දියුණුව තිබු අපගේ මනස විකෘති කර කාන්තාවට බසයේ ආරක්ෂිතව යා නොහැකි තරමට හිත් දූෂණය කර,එක් දවසක් ඔවුන් වෙනුවෙන් වෙන් කර,සමරනු පිණිස එය අපට  බටහිරින් දායාද කළ දිනය අද යි. දවසේ ආරම්භයේ සිට රාත්‍රියේ නිවසේ සියල්ලන් නිදන තුරුත් තම මුළු දිවායම ම පවුල වෙනුවෙන් කැප කළ ද කිසිඳු ඇගයීමකට ලක් නොවන කාන්තාව, අගයන දිනය අද යි. තම පුද්ගලික ආශාවන් දිය කර හැර දිවිය ම තම පවුල වෙනුවෙන් කැප කර මාස් ශුද්ධියටවත් නිදහසක් නැති,  කුමන රෝගයක් තිබුණ ද ගෙදර මිනිහා ගමනක් යන විට  සියළු දේ අතට පයට කර දී එයට ද නිසි ඇගයුමක් නොමැතිව, සමාජය අද  වන් දිනක පමණක් ඇයව අගය යි. මස්ශුද්ධියේ දී පවා "තොට විතර ද ඕක හැදෙන්නෙ.වෙන උන්ට නැ තිද? බොරුවට රඟපාන් නැතුව වැඩ කරපන්" යනුවෙන් අවලාද නගන,වැසිකිලි කැසිකිලි, පුද්ගලික පිරිසිදුකම් පවා අතපසු කර ගෙදර මිනිහාගේ ඇඳුම මැද දිය යුතු,එසේ කළ ද නිස

නව කොරොනා සහ ජාතියේ කුහකත්වය.

Image
නව කොරෝනා (covid-19) සහ ජාතියේ කුහකත්වය... චීනයෙන් ඇරඹි නව කොරෝනා (covid-19) වෛරසය ලොව පුරා සීඝ්‍රයෙන් පැතිරෙමින් පවතින අතර ලොව සියලුම රටවල් පාහේ රෝග නිරෝධන කටයුතුද කඩිනමින් සිදු කරමින් සිටී. ලංකාවේද එය එලෙසින්ම සිදුවන අතර ලොවම මවිත කරමින් අපේම නිසුන්හැ රැකුමට හැඳල නිරෝධන මධ්‍යස්ථානයට ලාංකීය ජන සමූහයක් විරෝධය දැක්වීම දැඩි පිළිකුලක් දනවයි. මෙය ඔවුන්ගේ නොදන්නා කමද,නූගත් කමද, කුහක කමදැයි අප නොදන්නා නමුදු එය එසේ සිදු වෙමින් පවතී. ලාංකීය කතකට ඉතාලියේදී මෙම රෝගය ආසාධනය වූ අතර කිසිඳු වෙනසක් නොමැතිව මේ වන විට එම රටේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඇය හට නිසි ප්‍රතිකාර සිදු කරමින් සිටිනුයේ රට හො ජාතිය ගැන නොසලකාය.ඒ උදේ හවා පිරිත් නොඅසනා රටකි. නමුදු නිතර පිරිත්අ අසන බන අසන අපේම රටේ විදෙස් ගත ලාංකිකයාට තම මව් රටට පැමිණීමේදී රෝග නිරෝධනය සඳහා වෙන් කල මධ්‍යස්ථානයට ඇතැම් ආගමික නියෝජිතයින් සහ සමහර දේශපාලකයින්ද මූලිකත්වය ගනිමින් දැඩිව විරෝධය පාමින් සිටී. මව් රටට පැමිණෙන මෙම ශ්‍රී ලාංකිකයන් හට රෝගය ස්ථිර ලෙස වැලඳී ඇතැයිද කියා අප නොදනිමු.නමුදු රටේ ආරක්ෂාවට සෞඛ්‍ය බලධාරීන් විසින් ගනු ලබන තීන්දු තීරණ වල

ලොවම මවිත කල පීසා කුලුණ.

Image
ඉතාලියේ පීසා නගරය කියූ සැනින් කුඩා දරුවෙකුගේ සිතෙහි පවා වහා මතකයට නැගෙනුයේ පීසා කුලුන යි. එම නගරය මෙතරම් සුප්‍රසිද්ධ වීමට ද මෙම පුදුම සහගත පීසා කුලුන හේතු වූවා යැයි කීවොත් මා වැරදි නොවේ. එමෙන්ම ප්‍රංශයේ අයිෆල් කුලුන තරමට ම මෙන්ම ඒ තරමට ම සංචාරකයන් ඇද බැද තබා ගැනීමට ද මෙම කුළුන සමත්ව ඇත. නමුදු අයිෆල් කුළුනට වඩා පෞරාණික වටිනාකමකින් මෙන්ම එයට වඩා ලොව වැදගත් උරුමයක් ලෙස සඳහන් කීරිම ද අතිශෝක්තියක් නොවනු ඇත. උතුරු ඉතාලියෙ ෆිරෙන්සි නගරයට තරමක් නුදුරින් පිහිටි මෙම නගරය, ඉතාලියේ ගරිබාල්දි නම් මහා සෙන්පතියා එක්සත් කිරීමට ප්‍රථම කුඩා රාජ්‍යයකි. එම රාජ්‍යයේ පිහිටියා වූ දේවස්ථාන කුලුනක් ලෙසයි මෙම කුලුන නිමවා ඇත්තෙ. අද වන විට අගමිකත්වය කුමක් වුවත් විවිධ ආගම් අදහන්නෝ පවා මෙහි ඇති විශිෂ්ට නිර්මාණය දැක ගැනීමට පැමිණේ. එමෙන්ම සමහර පිරිස් ගීත ගායනා කරමින් විනෝදයෙන් මෙම කුලුන තරණය කරනා සැටි ද දැක ගත හැකි විය. එය නිතර සිදු නොවුනත් පාසල් සිසුන් බහුල දිනවල ඔවුන් එසේ ගායනා කරමින් නගිනු දැකිය හැක. මෙම කුලුන නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතු අතර අද වන විට එය යුරෝ 20 පමණ අය කරන අ