අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?
අනගාරික ධර්මපාල මාක්ස් වාදීද? සෝවියට් දේශය මුල් කරගත් සමාජවාදී කඳවුර විනාශ කරලීමෙන් පසු අද අධිරාජ්‍යවාදී බටහිර බලවතුන්ගේ ප්‍රධාන කාර්යය බවට පත් ව ඇත්තෙ තෙවන ලෝකය තුලින් මතුවන ජාතිකත්වය මුල්කරගත් ජාතික ව්‍යාපාර විනාශ කිරීමයි. මෙයට ජාතිවාදි විෂ නැමති ටොපිය දේශපාලනය නමැති කොළයෙන් දවටා සරසා ජනතාව අතට දෙමින් ජනතාව මුලා කරමින් නව යටත් විජිතවාදි සංකල්පය සරුවට ඔවුන් කරගෙන යන බව පෙනෙන්නට ඇත. ඔවුන්ට විරුද්ධ, යටත් නොවන තර්ජනයක් වන ඕනෑම රටක් විනාශ කිරීමට CIA එක හරහා ඇමෙරිකානු අධිරාජ්‍යයත් බටහිර අනෙක් බලවතුනුත් කිසිවිටෙකත් පසුබට නොවේ. 1991 වන විට සමාජවාදය හා ජාත්‍යන්තරවාදය බිඳ වැටුණ බවත් එයට මූලිකව රැසියන් ජනපති ඉත්තෙකු කර, ඇමෙරිකාවට රිසි ලෙස නටවා, 1918 ලෙනින් එක්කල සෝවියට් සමුහානණ්ඩුව විනාශ කළ සැටි අප දනිමු. සමාජවාදි රටවල් පමණක් නොව මොහොමද් ගඩාෆි සාර්ථකව ගෙන ගිය ලිබියාව ඇමෙරිකානුවන් විනාශ කළේ ඒකපුද්ගල ආදායම ඉතා ඉහළ මට්ටමක පමණක් නොව ලොව ඉහළ ම සුභසාධන කටයුතු වන රටක් ව තිබිය දී බව අප දනිමු. එදා ගඩාෆි මියගිය පුවත ඇසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් දෑඟිලි ඔසවා ජයග්‍රාහී සලකුණ පෙන්ව...