Posts

Showing posts with the label නිරොධායනයට නිවසක්.

නිරොධායනයට නිවසක්..

Image
ඉතාලියේ වසන ශ්‍රි ලාංකිකයෙක් ලංකාවේ තම නිවස නිරෝධායන මධ්‍යස්ථානක් ලෙස රජයට ලබා දෙයි. ---------------------------------------------------------- 'දකුණත දුන් දේ වමත දැනගත යුතු නොවේ.' මේය සියලු ආගමික නායකයන් ද ලොව පහළ වු විශිෂ්ට දාර්ශනිකයන් ද පැවසු වදනක් වුව ද අද එය එසේ සිදුවනවා ද යන්න සිතා බැලිය යුතුය. ලොව covid 19 නමැති යක්ෂයා ගිල ගනිමින් දැඩිව අසරණ කර ඇති මොහොතක ලෝක බලවතුන් එය මර්ධනයට ධනය ශ්‍රමය තාක්ෂනය යොදා ගනිමින් සුවිසල් සටනක යෙදෙන බව පෙනෙන කරුණකි. ලංකාවට ද මෙය දැඩි ව බලපා ඇති අතර වෙනදා මෙන් ලක් වැසියන් කණ්ඩායම් බෙදි මරා ගැනිල්ල කිසිඳු වෙනසක් නැත. ලොව කොතනකවත් දැකිය නොහැකි ලෙස සැක සහිත පුද්ගලයන් සොයා ගොසින් නිරෝධායනයට ලක් කරමින් රජය කටයුතු කිරීම ද පැසසිය යුතුය. රජයක් එසේ කටයුතු කරනා විට පුරවැසියන්ගෙ ඔලු ගෙඩි තුලට මෙය ජාතික ව්‍යවසනයක් ය යන මතය තවමත් කිදාබැස ඇත්දැයි සැක සහිත ය. පසුගිය දා ඉතාලියේ සේවය කළ එක් පුද්ගලයෙකු රෝගය ඇතිබව දැන දැනත් එය සඟවා රට තුලට පැමිණීම,නිරෝධායනයට විරුද්ධ පිරිසක් ආරක්ෂක අංශ හා ගැටීම වැනි කාරණා දඩමීමා කර ගනිමින් සමහරු තම පුද්ගලික වෛර...