Posts

Showing posts with the label දොන් නදිය නිසලව ගලා බසි..

දොන් නදිය නිසලව ගලා බසි..

Image
හේයි..ග්‍රිගොරි පැන්ටලේව්..., උඹ කොසාකයෙක්.. මම ලාංකිකයෙක්.. උඹට ගෙදර පෙරු වොඩ්කා තිබුණා.. මට ඉතාලියේ පෙරපු බීර තිබුණා.. උඹ නිසල දොන් නදිය දෙස බලාන බිව්වා.. මම අනියේනි නදිය දෙස බලාන බිව්වා.. උඹට සැදල දැමු වෙලඹක් හිටියා.. ඔව්... මට පාලම උඩ එලන්න තුවායක් තිබුණා.. උඹ සූරියකාන්ත ඇටත්, ලුණු දැමු කැකිරිත්, තැම්බු කුකුලත් කෑවා.. මම රටකජුත්, රොටිත්, අල පෙතිත්, පීකුදුත් කෑවා.. උඹ ජීවත්වෙන්න යුද්ධ කළා.. මම ජීවත්වෙන්න රස්සා කළා.. උඹ යුද්ධය නිසා ගම අතහැරියා.. මම රස්සාව නිසා රට අතහැරියා.. උඹට වෙනත් මිනිහෙකුගේ ගෑනියක් වෙලත් අක්සින්‍යා පෙම් කළා.. ඈ උඹව නොරැවටුවා.. උඹ කතා කළ සැනින් සියල්ල අතහැර ස්වාමියා ද අතහැර නුඹ සමඟ පලා ආවා... ඒ අතින් පමණක් නුඹ හරි වාසනාවන්තයි ග්‍රිගොරි... උඹට හැමදේම නැති වෙලත් ප්‍රේමය අත්වුණා.. උඹයි මායි වෙනස් එකම තැන එතනයි බං.. උඹට ජය..! අනුන්ගේ සැපතට මම ඉරිසියා කරන්නෑ බං.. අන් සැපත සඳහා සියල්ල අත්හරින්නා මම බං.. හේයි ග්‍රිගොරි...., උඹ හරිම වාසනාවන්තයි බං. ඔව්...හැමදේම නැති වීත්.. ප්‍රේමය නුඹව අත්නොහැරි නිසා... උඹේ හදිසි කෝපය අක්සින්‍...