අහම්බකාරක
අහම්බයක් වූ අහම්බකාරකට අහම්බයෙන් සම්මානයක් හිමි වී ද...? අහම්බකාරක...., සාහිත්‍යය කෙසේ වෙතත් පොත සියුම්ව පරික්ෂා කළ විට ගැහැණිය තම වාසියට යහන්ගත වන බව නම් සියළු ප්‍රධාන චරිතවලින් මොනවට පැහැදිලි වේ. රැඩිකල් වාදි පිරිමින් හා කරට කර ගැටුණ රාධා පවා මුදලට ගොළු විජේ සාධාරනීය කරමින් ඔහු හා යහන්ගත වීම මත සමාජයේ ගැහැනුන් ආදරය යැයි පවසා වාසිය තකා පිරිමින් හා යහන්ගත වන බව ද වක්‍රව මින් කියා පාන්නේ...! ඉතින් එහි ඇති අහම්බයක් වේ ද...? ඒ කෙසේ වෙතත් මෙම පොත පුරා ගැහැනුන් මුදලට, වාසියට පිරිමියෙකු හා සංවාසයේ යෙදෙන බව හා වමට සියුම්ව පහර දීමට යොදා ගැනීම හැර වෙනත් ගැඹුරු අර්ථයක් නම් මට නොපෙනේ. කතාව පිච්ච මල්, ගොළුකම්, දක්ෂකම්, දේශපාලනික ජඩකම් වැනි ලුණු ඇඹුලින් රස කර ඇති නිසා පාඨකයාට මෙහි ඉහත හරය නොවැටහුන ද සම්මාන දෙන විනිශ්චය මණ්ඩලයකට එය නොපෙනීයාම මා විශ්මිත කරවීය. අහම්බකාරය සම්මානනීය වූ කිනම් අහඹුවක් වේදැයි විමතිය අහම්බයක් නොවීම, මෙලෙස ඒ පිළිබඳ විමසුමට මා පෙළඹ විය. ලංකාවේ දැනට සිටින නවකතාකරුවන් අතරිනුත්, ආචාර්යවරුන් අතරිනුත් හොඳ නමක් දිනා සිටන මනා භාෂා දැනුමැති උගතෙකි ලියනගේ අමරකී...