20 වහන ප්‍රේමලාල්,විධායකය සහ අධිකරනය
20 වසන ප්‍රේමලාල්, විධායකය සහ අධිකරණය. දේශපාලනය මිනිසා විසින් පාලනය කළ යුත්තක් වුව ද අද ලාංකාව තුළ දේශපාලනය මිනිසා පාලනය කරමින් සිටී. පසුගිය මැතිවරණයේ පුරවැසි අමනෝඥ්ඥ ක්‍රියා කලාපයත්, ලබා දුන් වරමත් බැලු කල දේශපාලනය ගැන ලිවීම අත් හැර දැමූව ද රට තුළ සිදු වන යම් ක්‍රියා දුටු විට නිතැතින් ම ලියැවේ. වත්මනේ රටේ දේශපාලන පිටු ඉතා වේගයෙන් පෙරළුන නමුදු අවසාන පිටුව ප්‍රේමලාල් නොහොත් චොකා මල්ලිගෙන් අවසන් විය. හෙට කුමක් වේදෝයි අවිනිශ්චිත ව ඒ ගැන සටහන් තබමි. ලංකාවේ ග්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විධායකයට යටත් ය. ස්වාධීන ලෙස පෙනෙන පවසන බොහෝ ආයතන විධායකයේ සපත්තුව යට බව දන්නෝ දනිති. බලයට පත්වීමට පෙර 77 ව්‍යවස්ථාව විවේචනය කළ කිසිඳු නායකයෙකු එය වෙනස් නොකළේ ත...