කාන්තාවන් රවටන දිනය අදයි.
අපේ මවුවරුන්ට සහෝදරියන්ට වෙන් වූ දිනය අද යි.... වටිනා නීල මාණික්‍යයක් අතින් ගෙන දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට අවේලාවේ පයින් යාමට තරම් කාන්තාවට ආරක්ෂාව තිබු රටක, කාන්තාවට ගෞරව කළ,සමාජයේ සැම ළඳක් ම මවක් ය,සොයුරියක් ය කියා සිතන තරමට දියුණුව තිබු අපගේ මනස විකෘති කර කාන්තාවට බසයේ ආරක්ෂිතව යා නොහැකි තරමට හිත් දූෂණය කර,එක් දවසක් ඔවුන් වෙනුවෙන් වෙන් කර,සමරනු පිණිස එය අපට බටහිරින් දායාද කළ දිනය අද යි. දවසේ ආරම්භයේ සිට රාත්‍රියේ නිවසේ සියල්ලන් නිදන තුරුත් තම මුළු දිවායම ම පවුල වෙනුවෙන් කැප කළ ද කිසිඳු ඇගයීමකට ලක් නොවන කාන්තාව, අගයන දිනය අද යි. තම පුද්ගලික ආශාවන් දිය කර හැර දිවිය ම තම පවුල වෙනුවෙන් කැප කර මාස් ශුද්ධියටවත් නිදහසක් නැති, කුමන රෝගයක් තිබුණ ද ගෙදර මිනිහා ගමනක් යන විට සියළු දේ අතට පයට කර දී එයට ද නිසි ඇගයුමක් නොමැතිව, සමාජය අද වන් දිනක පමණක් ඇයව අගය යි. මස්ශුද්ධියේ දී පවා "තොට විතර ද ඕක හැදෙන්නෙ.වෙන උන්ට නැ තිද? බොරුවට රඟපාන් නැතුව වැඩ කරපන්" යනුවෙන් අවලාද නගන,වැසිකිලි කැසිකිලි, පුද්ගලික පිරිසිදුකම් පවා අතපසු කර ගෙදර මිනිහාගේ ඇඳුම මැද දිය යුතු,එසේ...