Posts

Showing posts with the label නව කොරොනා ජාතිවාදය සහ ත්‍රි සලකුණ

නව කොරොනා ජාතිවාදය සහ ස්ත්‍රි සලකුණ

Image
නව කොරෝනා ජාතිවාදය සහ ස්ත්‍රී සලකුණ. ------------------------------------------------------------- Covid 19 නව කොරෝනා රෝගයෙන් ලොව ම වෙලා ඇති මොහොතක යුහුසුළුව ලෝකයා මෙම ව්‍යවසනයෙන් ගැලවීම සඳහා යත්න දරමින් සිටි. ලොව එසේ වුවද සැමදා සෑම ප්‍රශ්නයක දී ම දෙපිලට තුන් පිලට බෙදි, අප රට වැසියා මරා ගන්නා සැටිනම් මෙවන් විටක ද කිසිඳු වෙනසක් නොමැත. මෙම වෛරසය චීනයෙන් ජර්මනිය හරහා ඉතාලියට පැමිණි විට ඉතාලිය ජර්මනියටවත් චීනයටවත් එරෙව්වේ නැත. රෝගය මර්ධනයට උත්සුක වුවා පමණි.නමුදු අපේ රටේ පේන කියන්නන් යුරෝපයේ රටවල් මරා ගන්නා බවට අනාවැකි පල කලේ අප සෑම දේට ම මරාගැනීමේ ප්‍රතිපත්තියක සිටින නියාවෙන් විය යුතුය. බුකියේ සිංහලෙන් වෙන රටවලට කෑමොර දී තම කාලය අපතේ යවන විට,අපෙ රටේ උන් නිරෝධායනයට මධ්‍යස්ථානයක් හදන විට අපේ ගමට එම මධ්‍යස්ථාන එපා යැයි පෙළපාලි යන තරමට කුහක වුයේ ද අප ම නොවේ ද? අප එසේ වුවද ලොවට ආදර්ශයක් දෙමින් ඉතාලියේ රෝගින් වැඩි වන විට ජර්මනිය, විශේෂිත රොහල් ගුවන්යානයක් ඉතාලියට ගොඩබස්සවා ඉතාලි රෝගීන් ජර්මනියට ගෙනයාමට තරම් කාරුණික වීම ලොවට ම ලබා දුන් ආදර්ශයකි. අප මෙම රෝගය තුරන් කරනවා වෙනුවට අප අප...