ලොවම මවිත කල පීසා කුලුණ.
ඉතාලියේ පීසා නගරය කියූ සැනින් කුඩා දරුවෙකුගේ සිතෙහි පවා වහා මතකයට නැගෙනුයේ පීසා කුලුන යි. එම නගරය මෙතරම් සුප්‍රසිද්ධ වීමට ද මෙම පුදුම සහගත පීසා කුලුන හේතු වූවා යැයි කීවොත් මා වැරදි නොවේ. එමෙන්ම ප්‍රංශයේ අයිෆල් කුලුන තරමට ම මෙන්ම ඒ තරමට ම සංචාරකයන් ඇද බැද තබා ගැනීමට ද මෙම කුළුන සමත්ව ඇත. නමුදු අයිෆල් කුළුනට වඩා පෞරාණික වටිනාකමකින් මෙන්ම එයට වඩා ලොව වැදගත් උරුමයක් ලෙස සඳහන් කීරිම ද අතිශෝක්තියක් නොවනු ඇත. උතුරු ඉතාලියෙ ෆිරෙන්සි නගරයට තරමක් නුදුරින් පිහිටි මෙම නගරය, ඉතාලියේ ගරිබාල්දි නම් මහා සෙන්පතියා එක්සත් කිරීමට ප්‍රථම කුඩා රාජ්‍යයකි. එම රාජ්‍යයේ පිහිටියා වූ දේවස්ථාන කුලුනක් ලෙසයි මෙම කුලුන නිමවා ඇත්තෙ. අද වන විට අගමිකත්වය කුමක් වුවත් විවිධ ආගම් අදහන්නෝ පවා මෙහි ඇති විශිෂ්ට නිර්මාණය දැක ගැනීමට පැමිණේ. එමෙන්ම සමහර පිරිස් ගීත ගායනා කරමින් විනෝදයෙන් මෙම කුලුන තරණය කරනා සැටි ද දැක ගත හැකි විය. එය නිතර සිදු නොවුනත් පාසල් සිසුන් බහුල දිනවල ඔවුන් එසේ ගායනා කරමින් නගිනු දැකිය හැක. මෙම කුලුන නැරඹීම සඳහා ප්‍රවේශ පත්‍රයක් මිල දී ගත යුතු අතර අද වන විට එය යුරෝ 20 පමණ අය කරන අ...