ඉතාලියෙත් කොරොනා.
ඉතාලියෙත් කොරොනා... ලෝක ඉතිහාසයේ වරින් වර රෝග බිය වසංගත ආදිය පැතිර බොහෝ මිනිසුන් මියයන්නේ, ස්වභාදහම විසින් ම අධික ජනගහනය පාලනයට යොදන උපායක් ලෙස දැයි මට සිතේ. නමුදු කොරොනා යනු සොබාදම් රීතියට පටහැනි වූ නිහීන මිනිස් ක්‍රියාකාරකමක අනිසි ඵලයක් ලෙස සැක සංකාවන් ද වේ. කෙසේ වුවත් කිසිඳු රෝගයක් වැළදෙනවාට කිසිවෙකුත් අකමැති වේ.එයත් නිසි ඖෂධයක් නොමැති රෝගයකට, වසංගතයකට ගොදුරු වීමට කිසිවෙකුත් කැමති නොවේ. කවුරු කැමති අකමැති වුවද චීනයෙන් ආරම්භ වු කොරොනා වෛරසය අද වන විට ලොව වෙනත් රටවලට පැතිර ඇති අතර ඉන් ඉදිරියෙන් ම ඉතාලිය සටහන්ව ඇත්තේ ආසාධිතයන් ගණන ඉහළ යමිනි. ප්‍රථමවරට චීන ජාතිකයෙකු හැර තම ජාතිකයෙක් මියයෑමේ වාර්තාවට ද ඉතාලිය හිමිකම් කීම නිසා ලොව සියල්ලන්ගේ ම අවධානය ඉතාලිය වෙත යොමුව ඇත. ඉතාලිය යනු ශ්‍රි ලාංකිකකයන් විශාල පිරිසක් රැකියාවේ නියුතු රටකි.නිල වශයෙන් එය 150000 (ලක්ෂ එකහමාරක්) යැයි පැවසුව ද ගණන ඊට වැඩි විය හැක්කේ මුහුදු මාර්ග හෝ වෙනත් මාර්ග ඔස්සේ ඉතාලියට තම සිහින සැබෑ කරගැනීමට පැමිණි පිරිස් නිසාවෙනි. තත්වය එසේ තිබිදී මෙම වෛරසය හේතුවෙන් ඉතාලියේ සේවා නියුක්තිකයන්ගේ ලංකාවාසී දෙමව්...