දං පදුරට ආ රැහැයියා.
ලෝක කෙටිකතා ඉතිහාසය බොහෝ ඈතට දිව ගිය ද ලාංකීය කෙටි කතාව 1924 වර්ෂයේ දී මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත "ගැහැනියක්" ප්‍රථම කලාත්මක කෙටිකතා සංග්‍රහය ලෙස සාහිත්‍යය ලෝකයේ පොදු පිළිගැනීමයි. එහි සංවර්ධන අවධිය ලෙස සරච්චන්ද්‍ර ඇතුළු පේරාදෙණිය ගුරුකුලය ක්ෂේත්‍රයට ඇතුළු වීම ද හැඳින්විය හැක. 1969 දී "කාලයාගේ ඇවෑමෙන්"නැමැති කෙටි කතාවෙන් සරච්චන්ද්‍රයන් ද කෙටිකතා ලෝකය ආලෝකමත් කිරීමට පා තැබූ බැව් අප දනිමු. මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් එසේ ඇරඹි කෙටිකතාව සරච්චන්ද්‍රයන්,ජි.බී.සේනානායක,කේ. ජයතිලක,ගුණදාස අමරසේකර,ඒ.වී.සුරවීර,දයාසේන ගුණසිංහ වැන්නවුන් හරහා පෝෂණය වුව ද මෑත කාලීනව කෙටිකතාවන් අභාවයට යෑමක් අපට දැකගත හැකිය. එයට ප්‍රධානතම කාරණා ලෙස කතාකරුවන් විදෙස් උරුවක් ලබා ගැනීම,එකම ආරක කතා,භාෂා දැනුම මදකම නිසා නීරස භාෂා ශෛලය වැනි බොහෝ කරුණු කාරණ එයට බලපා ඇති බැව් අප දුටු කාරණා වේ. මෙසේ කෙටි කතාව සාහිත්‍යය ක්ෂේත්‍රයෙන් දුරස්ව මිය යාමට ආසන්න බවත් එය ගොඩගත නොහැකි බවත් මා ද පුද්ගලිකව දැරූ මතයක් වූයේ කියවීමට ...