Posts

Showing posts from February, 2020

කොරොනා(covid-19)පෙනෙන තරමට බියවිය යුතුද?

Image
කොරොනා (Covid - 19)  පෙනෙන තරමට ම බිය විය යුතු ද? ____________________________________________________ මිනිසා කෙතරම් තාක්ෂණිකව දියුණු වුවද පාරසරික යම් යම් කාරණා ජය ගැනීම එතරම් පහසු නොවේ. ලොව බොහෝ ලෙඩ රෝග සඳහා විවිධ ඖෂධ සොයා ගෙන ඇති නමුදු නව රෝගයක් ඇති වූ වහාම එය පැතිර යන ප්‍රවනතාවය මෙන්ම මිනිසාගේ බිය ද ඉහළ අගයක් ගනි. එයට හොඳම උදාහරණය අතීතයෙ කොළරා වසංගතය යි.නමුදු  එය අද සාමාන්‍යකරණය වී ඇත. කොරොනා වෛරසයකි. එයට නිසි ප්‍රතිකරයක් ද නොමැත. නමුදු අප සිතනා තරමට එයට බිය විය යුතු ද?මාගේ අදහස අප එසේ බිය විය යුතු නැත යන්නයි. මන්ද ඔබට මෙම වගුව දෙස බැලිමේ දී කොරොනාවලට වැඩි මරණ සංඛ්‍යාවක් වෙනත් රෝග හේතුවෙන් සිදුවන බැවිනි. මෙහි සඳහන්වන්නේ දැනට ලොව මරණ අනුපාතය රෝග අනුව කොතරම් ද යන්නයි. මෙහි අවම අගය බෝ නොවන රෝගයක් වන පිළිකාව ගෙන ඇත.එමෙන්ම මෙයට අනුව ලොව වැඩි ම මරණ සංඛ්‍යාව සිදු වන්නේ ද බෝ නොවන රෝගවලින් බව පැහැදිලි කරුණකි. කොරොනා හෝ බෝ වන වෙනයම් රෝගයක් හෝ ඒ අසලටවත් පැමිණ නැත.කොරොනා නව වෛරසයක් නිසාත් නිසි ප්‍රතිකාරයක් නොමැති නිසාත් මිනිසා එයට බිය වීම සාමාන්‍ය වේ. නමුදු අප බුද්ධිමත්ව සලකා

ජවිපෙ දෙවන කැරැල්ල.

Image
ජවිපෙ දෙවනි කැරැල්ල ------------------- ලෝකයේ, ජයග්‍රහණයෙන් නිමාවන සටන් විප්ලව ලෙසත් පරාජයෙන් නිමවන සටන් කැරලි ලෙසත් සාමාන්‍ය ව්‍යවහාරයේදි භාවිතා කරනු ලබයි.      බොහෝ විට ඉතිහාසය ජයග්‍රාහකයාගෙ තෙලි තුඩින් හැඩවෙන බැවින් පරාජිතයාගෙ ලේ දහඩිය අරමණු ද ඉතා නින්දිත ලෙස යටපත් වේ නැතිනම් පගා තලා පොඩි පට්ටම් කරනු ඇත.      ලංකා ඉතිහාසයේ ද එය එසේම ය. 1818 ජාතික සටන විජාතික බලවේග නොව විජාතිකයන් හා කළ සටන්, අපේම පාසල් පෙල පොත පමණක් නොව මහාවංශය වැනි ඉතිහාසය අඛණ්ඩව ලියවී ඇති පොත් වලද කැරැල්ල ලෙස සටහන් වී තිබිමෙන් අදට ද ඒවා කැරලි වේ.      ඒවා අප ජාතික මුතුන් මිත්තන්ටද කරන සැබෑ අපහාසයක් ලෙස අපට දැනෙමින් හැඟෙමින් පවති.      එපමණක් ද නොව,  1848 ජාතික සටන ද අප ඉතිහාසකරුවන්ට කැරැල්ලකි. එය ද ඒවා සටහන් තැබූවන්ගේ ම වැරදි නොවන්නේද ?      ඈත අතීතය හැර,  නිදහසින් පසු බණ්ඩාරනායක කළ ඒ 56 පෙරළිය පරාජය වුවානම් එය ද කැරැල්ලකි. නමුදු එය ජය ගත් බැවින් 56 ජාතික පෙරළිය විය.      මේ කෙසේ  වෙතත් එකදාස් නමසිය තිස් ගණන් වල අග භාගය දක්වා දිවෙන ලාංකීය වාම දේශපාලනය ලංකීය ජන හදවත්වල එදා කිදා බැස තිබුණි.  

කොරොනා(Covid-19)මරණ සංඛ්‍යාව ඉහලට.

Image
කොරොනා (Covid-19) මරණ සංඛ්‍යාව  ඉහළට.... ______________________________ ලොව ම භීතියට පත්කරමින් චීනයෙන් ඇරඹි කොරොනා (covid -19) රෝගය වසංගතයක මුහුණුවරින් පැතිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ගැටළුකාරි තත්වයකට මුහුණ පා ඇත. වෛරසයක් බැවින් නිසි ඖෂධයක් ද නොමැති නිසා රෝග නිරෝධනය හැර කළ හැකි කිසිවක් නොමැති වීම හේතුවෙන් තත්වය තව තවත් ගැටළුකාරි වේ. චීනයට පසු වැඩි ම මරණ සංඛ්‍යාව එනම් අද වන විට මරණ 14 දක්වා ඉහළ යාම තුල ලොව අවධානය ඉතාලිය දෙසට යොමු වුයේ නිතැතිනි. මෙය ලාංකීය අප හට වඩා වැදගත්වනුයේ ඉතාලිය තුල ලාංකීය ශ්‍රමිකයන් විශාල පිරිසක් සේවයේ නියුතු බැවිනි. ඉතාලිය තුල දැනට පවතින තත්වය අනුව ඉතාලි ජාතිකයන් පවා භීතියට පත්ව ඇත.එවන් වතාවරණයක් තුල ලාංකීය ජනතාව මෙන්ම ලංකාවේ වෙසෙන ඔවුන්ගේ නෑ හිතවතුන්ගේ තත්වය ද එසේම වේ. දැනට ඉතාලියෙ සමහර පළාත් තුල සුළු වශයෙන් ආහාර හිඟතාවයක් පැවතුන ද එය සැලකිය යුතු තත්වයකට බිය යුතු කරුණක් නොවුව ද මුඛ ආවරණ විශබිජ නාශක ද්‍රව්‍ය වැනි දේ මිල ඉහළ යාමක් මෙන්ම දැඩි හිඟයක් ද දැකිය හැක. නමුදු ඉතාලියෙ වෙසෙන සමහර ලාංකිකයන් පවා මේ පිළිබඳ නිසි දැනුවත් වීමක් නොමැතිකම කනගාටුවට කර

කොරොනා නාමයෙන් ආසියාතිකයාට කණේ පහරක් දී ආථිකය රකින ඉතාලිය.

Image
කොරොනා නාමයෙන් ආසියාතිකයාට කණේ පහරක් දී ආර්ථිකය රකින ඉතාලිය. _______________________________ කොරොනා ලොව දැනට කතා බහට ලක්වන රෝගය යි. එය චීනයට පසු වැඩි ම අවධානමට ඉතාලිය පත්ව තිබීම හේතුවෙන් යුරෝපා සංගමය ද හෙල්ලුම් කා ඇත. නමුදු කොරොනා වෛරසය දඩමීමා කරගනිමින් දැනට සිදුවන දෑ යහපත් යැයි පැවසිය නොහැක. අද වන විට ඉතාලියේ රතු ප්‍රදේශ ලෙස නම් කොට ඇති ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශ තුල දැඩි අවධානමක් නැත. රෝග නිරෝධනය දඩමීමා කරමින් කිසිදු අවධානමක් නොමැති රෝමයේ පවා අසියාතික කඩවල ඇති ආසියාතික ආහාර ඉවත ලෑමට රජය ගෙන ඇති පියවර සත්‍ය ලෙස ම රෝග නිරෝධනය ම ද? මාගෙ මතය කඩා වැටෙමින් පැවති ඉතාලි ආර්ථිකය මෙමඟින් ගොඩනංවා ගැනීමට දරණ උත්සහයක් යන්නයි. මෙම අර්බුදය දින 15 කින් නිමා වන බවට ගණන් බලා ඇතත් උපරිම එය මසක් පවතිනු ඇත. නමුදු මසකින් පසු ඉතාලියේ, ඉතාලි නිෂ්පාදන පමණක් අලෙවි වනු ඇත් ද? එමඟින් ඉතාලි ආර්ථිකය ඉහළ නංවනු ඇත් ද? එක් අතකින් ඔවුන් සර්ව සාධාරණ වේ. අප රට ගොඩනැංවීමට තිබු ව්‍යවසන දෙකකි. එකක් සුනාමි විපත ය. අනෙක තිස් අවුරුදු යුද්ධ‍ය අවසාන කිරීම ය. අවාසනාවකට අප රටේ කාලකණ්ණි  දේශපාලකයා සුන

කොරොනා නාමයෙන් අප උගත යුතු පාඩම්.

Image
‍ශ්‍රී ලංකාව යනු කෙතරම් පුරසාරම් දෙඩූවද ශ්‍රමිකයන් විකුණා ඇදගෙන යන රටක් බව අප දනිමු. තේ,රබර්,පොල් ගැන එදා උජාරුවෙන් හඬ නැගූ අප අද ඒ සැම පරයා විදෙස් ශ්‍රමිකයා දෙස බලා සිටිමු. එසේ වූවද තවමත් විදෙස් ශ්‍රමිකයාට ඡන්ද බලය තබා නිසි ආරක්ෂන ප්‍රතිපත්තියක් හෝ නොමැති රටකි අප. තත්වය එසේ තිබියදී ලෝ වටා කොරෝනා වෛරසය සීග්‍රයෙන් පැතිර යමින් පවතී.ශ්‍රි ලංකාවට වැඩිම විදේශ විනිමය අඩුම ශ්‍රමික පිරිසකගෙන් ලැබෙන කලාපයකි යුරෝපය.ඉනුත් ඉතාලිය සහ ප්‍රංශය ඉහලින් ඇත. තත්වය මෙසේ තිබියදී ඒ රටවල කොරෝනා තර්ජනයෙන් එ'රටවල ලාංකේය ජනයා මෙන්ම ශ්‍රී ලංකාවේ වෙසෙන ඔවුන්ගේ නෑ හිත මිත්‍රාදීන්ද දැඩි බියකින් පසු වේ. අද දින ජපානයේ වෙසෙන මා මිතුරියක්ද පවසා සිටියේ ඔවුන් හට මුඛ ආවරන පවා නොමැති බවයි.ඇයද දැඩි බියකින් පසු වනුයේ ඔවුන්ද අවධානම් කලාපයක සිටින බැවිනි. මෙසේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයා භීතියෙන් පෙලෙනුයේ මන්ද? ලාංකීය තානාපති කාර්‍යාල මඟින් හෝ නිසි දැනුවත් කිරීමක් සිදු නොවන බැවින් නොවේද? මේ බිය විටෙක අනිසි බියකි.බියවන තරමට තර්ජනයක්ද නොමැත.නමුදු මිනිසා සහජයෙන් ඇති මරණ බිය අපට වලකාලිය හැකිද? අද වන විට ඉතාලියේ මු

දං පදුරට ආ රැහැයියා.

Image
ලෝක කෙටිකතා ඉතිහාසය බොහෝ ඈතට දිව ගිය ද ලාංකීය කෙටි කතාව 1924 වර්ෂයේ දී මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත "ගැහැනියක්" ප්‍රථම කලාත්මක කෙටිකතා සංග්‍රහය ලෙස සාහිත්‍යය ලෝකයේ පොදු පිළිගැනීමයි. එහි සංවර්ධන අවධිය ලෙස සරච්චන්ද්‍ර ඇතුළු පේරාදෙණිය ගුරුකුලය ක්ෂේත්‍රයට ඇතුළු වීම ද හැඳින්විය හැක. 1969 දී "කාලයාගේ ඇවෑමෙන්"නැමැති කෙටි කතාවෙන් සරච්චන්ද්‍රයන් ද කෙටිකතා ලෝකය ආලෝකමත් කිරීමට පා තැබූ බැව් අප දනිමු. මාර්ටින් වික්‍රමසිංහයන්ගෙන් එසේ ඇරඹි කෙටිකතාව සරච්චන්ද්‍රයන්,ජි.බී.සේනානායක,කේ. ජයතිලක,ගුණදාස අමරසේකර,ඒ.වී.සුරවීර,දයාසේන ගුණසිංහ වැන්නවුන් හරහා පෝෂණය වුව ද මෑත කාලීනව කෙටිකතාවන් අභාවයට යෑමක් අපට දැකගත හැකිය. එයට ප්‍රධානතම කාරණා ලෙස කතාකරුවන් විදෙස් උරුවක් ලබා ගැනීම,එකම ආරක කතා,භාෂා දැනුම මදකම නිසා නීරස භාෂා ශෛලය වැනි බොහෝ කරුණු කාරණ එයට බලපා ඇති බැව් අප දුටු කාරණා වේ. මෙසේ කෙටි කතාව සාහිත්‍යය                        ක්ෂේත්‍රයෙන් දුරස්ව මිය යාමට ආසන්න බවත් එය ගොඩගත නොහැකි බවත් මා ද පුද්ගලිකව දැරූ මතයක් වූයේ කියවීමට විශිෂ්ඨ යැයි කිවහැකි කෙටිකතා සංග්‍රහයන්

ඉතාලියෙත් කොරොනා.

Image
ඉතාලියෙත් කොරොනා... ලෝක ඉතිහාසයේ වරින් වර රෝග බිය වසංගත ආදිය පැතිර බොහෝ මිනිසුන් මියයන්නේ, ස්වභාදහම විසින් ම අධික ජනගහනය පාලනයට යොදන උපායක් ලෙස දැයි මට සිතේ. නමුදු කොරොනා යනු සොබාදම් රීතියට පටහැනි වූ නිහීන මිනිස් ක්‍රියාකාරකමක අනිසි ඵලයක් ලෙස සැක සංකාවන් ද වේ. කෙසේ වුවත් කිසිඳු රෝගයක් වැළදෙනවාට කිසිවෙකුත් අකමැති වේ.එයත් නිසි ඖෂධයක් නොමැති රෝගයකට, වසංගතයකට ගොදුරු වීමට කිසිවෙකුත් කැමති නොවේ. කවුරු කැමති අකමැති වුවද චීනයෙන් ආරම්භ වු කොරොනා වෛරසය අද වන විට ලොව වෙනත් රටවලට පැතිර ඇති අතර ඉන් ඉදිරියෙන් ම ඉතාලිය සටහන්ව ඇත්තේ ආසාධිතයන් ගණන ඉහළ යමිනි. ප්‍රථමවරට චීන ජාතිකයෙකු හැර තම ජාතිකයෙක් මියයෑමේ වාර්තාවට ද ඉතාලිය හිමිකම් කීම නිසා ලොව සියල්ලන්ගේ ම අවධානය ඉතාලිය වෙත යොමුව ඇත. ඉතාලිය යනු ශ්‍රි ලාංකිකකයන් විශාල පිරිසක් රැකියාවේ නියුතු රටකි.නිල වශයෙන් එය 150000 (ලක්ෂ එකහමාරක්) යැයි පැවසුව ද ගණන ඊට වැඩි විය හැක්කේ මුහුදු මාර්ග හෝ වෙනත් මාර්ග ඔස්සේ ඉතාලියට තම සිහින සැබෑ කරගැනීමට පැමිණි පිරිස් නිසාවෙනි. තත්වය එසේ තිබිදී මෙම වෛරසය හේතුවෙන් ඉතාලියේ සේවා නියුක්තිකයන්ගේ ලංකාවාසී  දෙමව්පියන

චෙකොෆ් වික්‍රමසිංහයන්ට බලපෑම් කලාද?

Image
චෙකොෆ්... වික්‍රමසිංහයන්ට බලපෑම් කළාද..? මිනිස් චරිතයේ ඉතා සුසිලිටි තැන්‍ අතිශය තුනී ලෙස සිතුවම් කර ඇති චෙරි උයන..අභාවයට යන වැඩවසම් ක්‍රමයටත් නැගී එන වාණිජවාදී අර්ථ ක්‍රමයටත් මැදි වුන සැබෑ මිනිස් චරිත පිළිබද සියුම් විභාගයක් ඉදිරිපත් කරයි.ඔවුන්ගෙ දුක් දොම්නස් ,අමනකම් හා මෝඩකම් දැන හඳුනාගෙන සසල වන පාඨකයා තමා මෙන්ම ජිවිතයේ දුක,ශෝකය,භය කෝපය සමඟ පොර බදිමින්‍ ඒවා විඳ දරාගන්නා එම චරිත සමග මුහු වේ... මෙය චෙරි වත්ත පිළිබද වුවද  චෙරිවත්ත නමැති නම නොමැතිව එතැනට ගම්පෙරලිය යන්න යෙදුවානම් සිංහල සාහිත්‍ය පිලිබද අවධානයෙන් සිටින පාඨකයාට එය අරුමයක් නොවනවා සේම විරුද්ධත්වයකින් තොරව එකඟ වන බව නිසැකයි. සිංහල සාහිත්‍යයෙ සළකුණ ලෙස සැලකෙන්නේ මාර්ටින් වික්‍රමසිංහයන්ය...එතුමා සිංහල සාහිත්‍යයට, ජාතික චින්තනයට කළ මෙහෙය පිළිබඳ තර්කයක් නොමැත. ඒ කෙසේ වෙතත් වික්‍රමසිංහයන්ගෙ ගම්පෙරලියට චෙකොෆ්ගෙ චෙරි වත්ත බලපෑම් කළාද...?වික්‍රමසිංහයන්ට අපහාසයක් නැතිනම් එතුමා කොපි කිරීමට එම විශිෂ්ට යයි අර්ථකථනය කරන ගම්පෙරලියට යෙදුවායයි ප්‍රබුද්ධ පාඨකයන් සමහරෙක් මා සමග උරණ වනවා නිසැකයි.එසේ වුවද මෙම කෘති දෙක ගැලපීමේ දී එන හැඟීම මෙස

ඩා වින්චි කේතය.

Image
ඩා වින්චි කේතය... මෙම පොත මා වසර කිහිපයකට ඉහත කියවු පොතකි..මෙ ගැන යම් සටහනක් තැබිමට කලක සිට උවමනාව සහ කැමැත්ත තිබුනද යම් කාරනා මත එය අත පසු වුනි..නමුදු කිහිප දෙනෙකු මෙහි සත්‍යසත්‍යතාව විමසු නිසා මෙම සටහන තැබිමට සිතුවෙමි.. වරෂ 2003 තුන තරම් කාලයක ලියා පල කලද මෙම කෘතියට තවමත් බොහො රටවල පාඨක ඉල්ලුම අඩු වි නොමැති බව අපට පෙනෙන කරැනකි. ලොකයෙ භාෂා 44 ට පමන පරිවර්ථනය වුත් මිලියන 80 ත් 100 අතර ප්‍රමානයකින් අලෙවි වි වාර්ථාගත අන්දමින් අලෙවි වාර්තා පවා යම් රටවල තැබුවා වුත් ඉතා විශිෂ්ඨ නවකතා ගනයට අයත් කෘතියකි මෙ.. බයිබලයෙ යම් යම් තැන් අල්ලා ඇති නිසාත් කිතු දහමෙ සමහර සංවේදි තැන් ඉතා සියුම්ව අතපත ගා ඇති නිසාත් මෙය සත්‍ය ලෙස බොහො පාඨක මනසට යැම වැලැක් විය නොහැකිය. ලොකයෙ බොහො රට වල කලව කලාව ලෙසත්,සත්‍ය  වෙනකක් මෙන්ම සත්‍යය හා කලාව පටලවා නොගන්නා නිසාත් ගැටලුවක් පැන නොනැගුනද ,ලංකාවෙදි බොහො කලා කෘති වල මහා විචාරකයො පවා කලාව ගැන කතා නොකර එහි සත්‍ය අසත්‍ය සෙවිමට උත්සුක වනවා මා බොහො චිත්‍රපට විචාර වලදිද දැක ඇත්තෙමි.එවාට උදාහරන නොදෙනුයෙ මෙය පොත ගැන කතාවක් මෙන්ම මෙය කෙටියෙන් ලිවිය යුතු බැවිනි. පාඨක මනස

බැමිණිතිකාලය.

Image
පොතක් යනු මහා ධනස්කන්ධයකි.එමෙන්ම පොතක කතුවරයෙකු යනු පුර්ණ විඥ්ඥානයෙන් හෙබි අයෙකු යැයි පොදු මතයයි. ඒ අර්ධ විඥ්ඥානය සහිත  පාඨකයා ගේ විඥ්ඥානය අවදි කිරිමේ මහඟු කාර්‍ය්ය ඔවුන් සතු බැවිනි. නමුත් දැන් දැන් පොතක් එළි දක්වන්නේ පාඨක  විඥ්ඥානය අවදි කිරිමටද නැතිනම් " මමත් පොතක් කළා "යැයි සමාජයට හුවා දැක්වීමටදැයි සමහර පොත් කියවීමේදීි අපට හැඟේ  සාමාන්‍යයෙන් එවැනි පොත් නොකියවූවද කෙසේ හෝ මාගෙ පොත් එකතුවට එවැනි පොතක් එකතු වී ඇත. ඒ බැමිණිතියා කාලයයි. මෙය නවකතාවක්ද?නවකතාවක් නම් එහි නවකතාවකට අවැසි දැ අඩංගු විය යුතුය.භාෂාවද ඉන් ප්‍රධාන වේ. විශේෂයෙන් ඉතිහාස කතාවක්,  නවකතාවකට ප්‍රස්තුතය වු කල කතුවරයා ඒ පිළිබද මනා හැදෑරීමකින් හා  මනා දැනුමකින් යුතු විය යුතුය.  ඒ වසර ගණනක  දුර්භික්ෂ කාලය ලක් ඉතිහාසයේ සත්‍ය සිදුවිමකි.එය වංශකතාවල සඳහන් නිසා ජන මනස තුල මෙවන් කතාවක් කියවිමේදී නිසඟයෙන් පාඨකයා ඒ කාල වකවානුවට දිව යාම වලකා ලිය නොහැක. නමුදු මෙහි භාෂා ශෛලිය කිසිසේත්ම අනුරපුර යුගයට තියා නූතන ඉතිහාසයටවත් නොගැලපෙන බව එය  කියවන විට කාහටත් වැටහේ. වසභ සංග්‍රාමය වැනි පොත් සදහා සත්‍යය සිදුවිම් ප්‍රස්

Why I Assassinat Mahatma Gandhi?

Image
මහත්මා ගාන්ධි ----------------------------     ආසියාවේ පමණක් නොව ලොව ම හඳුනන සාමයේ දූතයා ඔහු ය...?     නොබෙල් ත්‍යාගයට ද කිහිප වරක්ම නාම යොජනා විමට වරම් ලැබු බැවින් ද යුරෝපය ගාන්ධි චරිතය ඔසවා තැබූ බැවින් ද ජන මනසට බලහත්කාරයෙන් ලොව පහළ වු සාම දූතයා ලෙස ගාන්ධිව කා වද්දා ඇත.     නමුදු එය සැබෑවක් ද?     අපට අනුව එදා සිට ම නැත.මේ ගාන්ධි මරා දැමු මිනිසාගේ පාපොච්චාරණයෙන් ද එය මනාව පිළිබිඹු වේ.     පුවත්පත් කතුවරයෙකු ව සිටි ඝාතක නතුරාම් ගොඩ්සේගේ පාපොච්චාරණය හුදෙක් පාපොච්චාරණයක් නොව මහා දේශපාලනික කියවීමකි.    ඉන් මෙම ඝාතනය ද හුදු පුද්ගල මතවාදය ඔසවා දැමීමක් නොව මහා දේශපාලනික කතාවක එක් පිටුවක් බව ද පැහැදිලි වේ.     එම පාපොච්චාරණය රජය විසින් ප්‍රසිද්ධ නොකෙරෙනු ද එනිසාවෙනි.     එමෙන්ම මෙම ගොඩ්සේ, ගාන්ධි මරා දැමු පසු පලා නොයෑම, පිස්තෝලය අතැතිව පොලීසියට භාරවීම පමණක් නොව පොලීසිය නොසැලකිලිමත් ව පිස්තෝලය අතිනත යැවීමේ දී පොලීසිය අමතා එය ඔබ භාරයට ගන්න නැතිනම් කෙනෙකුගේ අත්වරදින් ඝාතනයක් සිදු විය හැකි බව පැවසීමෙන් ඔහු මනා සිහි බුද්ධියෙන් මෙම ඝාතනය සිදු කළ බව පෙනේ.      එමෙන්ම ඔහු ගාන්ධි