Posts

Showing posts with the label නුතන ගජමන් නොනා.

නුතනයෙ ගජමන් නොනා..

Image
නූතන ගජමන් නෝනා... ලාංකේය කවියේ ඉතිහාසය කවදා කොතැන බිහි වුයේදැයි නිශ්චිතව කිව නොහැක.ඈත ඉතිහාසයේ පටන් කවිය ගැහැණු පිරිමි දෙපාර්ශවය ම භාවිතා කළ අතර මවක් දරුවෙකු නැලවීමට ද කවි භාවිතා කළාය. නමුදු සාහිත්‍යය තුල දස රස ඇති මුත් ඉතිහාසය හැදෑරිමේ දී ශුංගාර රසය බොහෝ විට පිරිමින් විසින් භාවිතා කර ඇත. ඉතිහාසයේ සිව් පදය කෝට්ටේ යුගයෙන් ආරම්භ යැයි සඳහන් වුව ද සීගිරි කැටපත් පවුරෙන් සිව් පද හමුවීම අපට දැකිය හැක. සීගිරි කැටපත් පවුරේ ද යන්තමට ශුංගාර රසය දැක ගත හැකි වුව ද කෝට්ටේ යුගයේ තොටගමුවේ හිමි ශුංගාරය මැනවින් භාවිතා කළහ. නමුදු කාන්තාවක් විසින් දහ රසයේ එක් රසයක් වන ශුංගාරය නොබියව ප්‍රයෝජනයට ගෙන කවි නිර්මාණය කළේනම් ඒ ගජමන් නෝනා බව අප දනිමු. ඇය තම ආත්ම කථනයන් කවිය හරහා එළි දැක්වීමේ දී තම හැඟීම් නොබියව එළි දැක්වු කාන්තාවක් ලෙස සුප්‍රසිද්ධ වේ. නීතිමය ලෙස ගජමන් නෝනාගේ ස්වාමියා ගාඩියස් ආරච්චි වුව ද ගජමන් නොනාගේ සත්‍ය ප්‍රේමය ජොන් ඩොයිලි ළඟ නතර වු බව අප දනිමු. ගජමන් නෝනා ස්වාමියාට මෙන්ම ඩොයිලිට ද බොහෝ කවි ලියා ඇත. ඒ සෑම කවකම තම ආත්ම කතනයන් නොබියව ඉදිරිපත් කළ ගජමන් කළ නෝනා ශුංගාර රසය මැන...