මං ඉතාලියේ තනිවුනා...
මං ඉතාලියේ තනිවුණා.... ඉතාලිය...., කලකට පෙර ලාංකේය තාරුණ්‍යයේ සිහිනයක් විය. නීත්‍යානුකූල නොහැකිනම් නිත්‍යානුකූල නොවන අයුරින් එකල ඉතාලියට තරුණ පිරිස් සංක්‍රමණය වුයේ තම සිහින සැබෑ කරගැනීමට මිල්ලෙ සොයා ය. පසුව මිල්ල, යුරෝ වූ අතර සංක්‍රමණය එලෙසම සිදු වුණි. ඉතාලිය, ලංකාව තුල කෙතරම් ජනප්‍රිය රටක් වී ද යත් පුංචි ඉතාලිය ලෙස හඳුන්වන පළාත් පවා ලංකාවේ බිහි ව ඇත. ඒ කතෝලික පල්ලි ගහණ ඉතාලි පාරිසරික හුරුව හා එදා මිල්ල සොයා ඉතාලියට ආ ගිය බොහෝ අය වෙසෙන නිසාවෙනි. ඉතාලිය ආශ්‍රිතව චිත්‍රපට, නාට්‍යය, ගීත බොහෝ බිහි ව ඇති අතර කලකට පෙර එය රැල්ලක් ව ප්‍රචලිත විය. නමුදු අද වන විට ඉතාලියත් එහි වසන ලාංකිකයිනුත් කොරෝනා වෛරසය හේතු කොටගෙන දැඩි ආතතියකින් පෙළන බව අප දනිමු. සිහින පාරාදීසය වූ ඉතාලිය, අද මෙලෙස රෝගීව දැඩි අපහසුතාවයකට පත්ව ඇති මොහොතේ ඉතාලිය සම්බන්ධ ගීතයක් ගැන සටහනක් තැබීමට සිත් විය. අද ඉතාලියේ තනි වූ අපගේ හදවත්වලට දැඩි සංවේදී මෙම ගීතය, ධනපාල උඩවත්තයන්ගේ වු ද මෙය වඩා සංවේදී වූයේ, ඔහුගේ පුත් ගයාන් උඩවත්තගේ ගායනය හේතුවෙනි. තම පෙම්වතා පෙම්වතියන් ලංකාවේ සිටිය දී මෙම රට තුල හිර...