Posts

Showing posts with the label ජූලි 7 යි.

ජූලි 7 යි.

Image
අද ජූලි 7 යි...! ලෝකයේ කෙසේ වෙතත් කාලගුණයට, සතෙකුගේ හඬ ගෑමට, වෙනත් එවන් දේ මත පලාපල බලමින් තම ජීවිතයේ දෛනික කටයුතු ද පසෙක ලන, ආඩම්බරයෙන් කාලකණ්ණිකම් විදහා දක්වන ජාතිය, අපි වෙමු. එසේනම් ජූලි 7 ගැන කුමන කතා ද? කැලැන්ඩර් මාසයේ ගුණාගුණ නොබලා සිටිත් ද? ලොව උසස් ම දර්ශනයක් හිමි බුද්ධ දර්ශනයේ ථේරවාදි බුදු දහම හිස් මුදුනින් පිළිගන්නා ජූජනීය රටකි මේ. නමුදු බුදුන් දේශනා කළ ඒ උතුම් දහම පසෙක ලා කොහේ හෝ නැති රාවනයෙක් අල්ලාගෙන නැතිනම් තම බඩගොස්තරය රැක ගැනීමට බයිලාකාරයෙක් රූපවාහිනියක් ඉදිරිපිට දෙසන බයිලාවකට දොහොත් මුදුනින් දී තම ධනය, ශුමය කාලය වැය කරන කාලකණ්ණි ජාතියක් බවට පත් වී හමාර ය. කෙසේ වෙතත් බොහෝ දෙනා මෙම ජූලි මාසය ගැන වැඩි උනන්දුවක් දක්වයි. බොහෝ දෙනෙකු එය අශුභ ලෙස ද සලකයි.එහිනම් දෝෂයකදු නොමැත. මන්ද ජාතියේ මහා ඛේදවාචයක, මහා මොළකරු වූ මිනිමරු ප්‍රභාකරන් උතුරේ පමණක් නොව දකුණේ ද ලේ හැලීමට යොදා ගත් මාසය යි මේ. නමුදු වැදගත් ම දෙයනම් එය නොවේ.මේ ජූලි මාසය මෙතරම්ම ජන හදවත් තුල රැව් පිළිරැව් දෙන ප්‍රධානත ම හේතුවක් ඇත. එනම් 83 ජූලි කලබලය යි.එහි ඇති කාලකණ්ණි ලැජ්ජා සහගත මිලේච්ඡත්වයේ වි...