ඌරන්ගෙන් ප්‍රවේශම් වන්න..!!!
ඌරන්ගෙන් ප්‍රවේශම්වන්න...!!! සන්නස්ගල හා තිස්ස යනු දේශපාලනය කෙසේ වෙතත් රට ට වැඩැති පුරවැසියන් සුවිශාල වූ තරමින් බිහි කළ සාර්ථක ගුරු පියවරුන් දෙපලක් ලෙස සැලකිය හැක. සන්නස්ගලයන් පුද්ගලික පන්ති හරහා සිංහලයේ හැරවුම් ලක්ෂයක් වූ කල, තිස්ස ජනනායකයන් ද විද්‍යාව නවමු මුහුණුවරකින් ජනගත කරමින් සිසු දරුවන් අතර ජනප්‍රිය වූ ගුරුවරයෙකි. දෙදෙනාටම සමාජයේ ගෞරවාදරය දැඩිව හිමි වූ අතර තම ගෝලයන්ට දෙවියන් හා සමාන වූවන් ද විය.ඕනෑම දක්ෂ ගුරුවරයෙකුගේ වදන් සිසු දරුවන්ට දේව වාක්‍යය හා සමාන බව කිව යුතු නොවේ. දේශපාලනිකව සන්නස්ගලයන් එදා එ.ජා.ප ට පක්ෂ වූව ද අද එය වෙනස් කර වෙනත් දේශපාලන මතයක එල්ඹ සිටින අතර,තිස්ස ජනනායකයන් පවතින ආණ්ඩුවට කඩේ යමින් සිටී.නමුදු ඒ ඔවුන්ගේ පුද්ගලික කැමැත්ත සහ ඔවුන්ගේ දැක්මන් ය. දෙදෙනාටම දේශපාලනිකව සමාජයේ යම් අපකීර්තියක් විවේචනයක් ලැබුණ ද ඔවුන් ගුරුවරුන් ලෙස ලබා ගත් ගෞරවයත් කීර්ති නාමයක් සමාජය තුල කිදා බැස ඇත්තකි.(දේශපාලනය නිසා පළිඳු වු තැන් නැතුවා ද නොවේ.) නමුත් දෙදෙනාම රට ට යම් සැලකිය යුතු මෙහෙවරක් කළ සහ තව දුරටත් කළ හැකි උගතුන් බව නොරහසකි. ඉරාජ් යනු දක්ෂ ව්‍යපාරිකයෙකි.රටේ...