Posts

Showing posts with the label අක්සාන්‍යා

අක්සාන්‍යා

Image
හං හං හං...😂😂😂 ග්‍රිගොරි...., ග්‍රිගොරිට කඩේ යන අරවින්ද...😂😂😂 තොපේ නියෝජනය පිරිමි සංහතිය ම ද බොල...! නැත්නම් තොපේ ෆැන්ටසිය ද...? අරවින්දලා දන්න ආදරේ...😂 රෙද්ද...! උඹලට රෙද්ද ඉස්සුවම ඒක ආදරේ... නෑ...මට නිදහස සොයා යන්න මාර්ගය බං ඒ... මම කළේ ගණුදෙනුවක් බං... පිරිමි තොපි සිහින ලෝකවල තියලා, මම පස්සෙනුන් හිනා වුණ බව උඹල දන්නෑ බං... ලෝකෙ වටේ කරක් ගහපු ග්‍රිගොරිට තියා ඌට කඩේ යන අරවින්දයටවත් ඒක තෙරෙන්නෑ බං... ගේ ඇතුලේ හිරවෙලා, මගෙ මිනිහගෙ ලිංගික වහලියක් වෙලා, උගේ වැඩයි ගෙදර වැඩයි කරලා, නිදි ඇඳේ දි නරුම විදියට පියයුරු කඩා තලා පොඩි කරන, මගෙ ගැහැණු ආත්මයම නැති කරන මගෙ මිනිහා වෙච්ච ස්තෙපාන් අස්තකොව් නිසා මම පිරිමි සංහතියට ම වෛර කරනව බං... මට ඕනි ආදරයක් නෑ බොලං... මට ඕනි නිදහස...ඔව් නිදහස... ග්‍රිගොරි මට ඒ නිදහසට යන පාර විතරයි... ඒක නැති කළ ග්‍රිගොරිවත් අත්හැරිය මං... මගේ සැපතට ග්‍රිගොරි නැති කල, යෙව්ගිනි ලිස්ට්නිට්ස්කි එක්කත් බුදිය ගත්තා මං... උඹල හිතන්නේ ග්‍රිගොරිගෙ ප්‍රේමයට මම වහ වැටුණා කියල ද...? ග්‍රෝගොරි මාව ඇල්ලුව කියල ද ...? නෑ...තොපිට වැරදිලා බං......