මා දුටු ප්‍රංශය...විදෙස් දිවිය..
මාගේ විදෙස් අත්දැකීම්.... ප්‍රංශය.. මා මුලින්ම විදෙස් ගත වූයේ ගමන් බලපත්‍රයක් පවා නැතිවය. "එහෙම කොහොමද රට යන්නේ?" කියවන ඔබට සිතීම, වරදක් නොවේ. නමුදු මා මුලින් ම ඉන්දියාවට බෝට්ටුවෙන් ගියෙමි. මසක් හමාරක් නැවතීමට සිතා නීති විරෝධීව ගිය ඒ ගමන මට එරට ම එපා කරවිය. ඒ අපිරිසිදුකම පමණක් නොව මගේ රටේ ඇති ඒ බොහෝ දෑ මට නිතර සිහිවීම එයට බලපෑ ප්‍රධාන හේතුවයි. දින දහයක් හෝ එහි නොසිට මා නැවත මවුබිමට පැමිණියේ ඒනිසාවෙනි. දෙවනුව මට සිංගප්පූරු වරායේ රැකියාවක් ලැබුණූ අතර මා ගමන් බලපත්‍රය හැදුවේ එම රැකියාවට ය. එදා බෑගයක ඇදුම් ඇසුරුම් කළේ ද අම්මා ඇතුළු ගෙදර උදවියයි. මා ඊටවත් උනන්දුවක් නොදැක්වූයේ රට යාම ඒ තරමට මට එපා වු කාරණාවක් නිසාවෙනි. සියල්ල ලක ලෑස්ති කර දී මා ඇරලීමට ගුවන්තොටුපලට යාමට ද සූදානම් වූ විට නිවසේ කිසිවෙකුටත් එහි පැමිණීම තහනම් කර මිතුරන් සමඟ ඒ හිතුවක්කාර පුත්‍රයා කටුනායක බලා ගියේය. කටුනායක දී මිතුරන් හැරදා යා නොහැකිව හා පෙර රට අත්දැකීමේ අප්‍රසන්නතාවය මත නැවත හැරී ගෙදර පැමිණියේ ය. එදා මට ලක්බිම හැරයාමට නොහැකියාවක් විද, නොදන්න මිනිසුන් මැද තනිවීමට බියක් වීදැයි මා නොදනිමි. පසුව මට ප්‍රංශය...