Posts

Showing posts with the label පීඩිතයා පාගන VIP පාලනය.

පීඩිතයා නොසලකන VIP පාලනය.

පීඩිතයා පාගා VIP උන් රකින  ලාංකේය පාදඩ පාලන ක්‍රමය. ========================= කොරෝනා වෛරසය ලොවට ම දැඩි හානි පමුණුවා ඇත. ලොව ම මෙම වෛරසය මැඩ පැවැත්වීමට දැඩි වෙහෙසක් දරන බව අප දනිමු. ලංකාවෙහි ද මෙය සිදුවන අතර තුර ඒ තුල ද බලය,ධනය යනාදී කරුණු පදනම්ව කාලකණ්ණි අශෝබන ක්‍රියා සිදු වන බව ද කිව යුතුය. බලය,ධනය යන ප්‍රධාන කරුණු පදනම්ව ලාංකේය දේශපාලනය දෝලනය වුව ද මෙවන් අවස්ථාවක දී පවා එසේ ක්‍රියාත්මක වීම කෙතරම් ලැජ්ජා සහගත ද...? විදෙස්ගත ශ්‍රී ලාංකිකයා, නමට රට විරුවා වැනි විරුදාවලි යොදා අන්දවා, රටේ ගැහැනුන් නොරටට විකුණා හිඟන ආර්ථිකයකට හිමිකම් කියනවා මදිවට රට ට එසේ විනිමය ගෙන එන අප සහෝදරියන් මැද පෙරදිග දුක් විඳිනා කළ රජය කුමක් කරයි ද..? රටේ විදේශ විනිමය හිඟ වූ කල සුවිශේෂී ගිණුම් හරහා රට ගොඩගැනීමට මුදල් එවන ලෙස විදස්ගත වූවන් යදින පාලකයා, අවම තරමින් විදෙස්ගත ලාංකිකයාට ඡන්ද බලයවත් දීමට සිතා ඇත්ද...? අද මැද පෙරදිග සහෝදර සහෝදරයින් දැඩි පීඩාවකට ලක්ව ඇත. කෑම බීම පමණක් නොව ඉඳුම් හිටුම් ද ඔවුන්ට ගැටළුවක්ව ඇති බව සියල්ලෝ දනිති. එසේ තිබිය දී එංගලන්තයේ සිටි පිරිස් එක්ව...