Posts

Showing posts with the label මිනිසත් කමේ මිනුම් දණ්ඩ කොරොනා.

මිනිසත්කමේ මිනුම් දන්ඩ කොරොනා.

Image
මිනිසත්කමේ මිනුම් දණ්ඩ, කොරෝනා (covid-19) ? ඉතාලිය අති අවධානම් තත්වයකට පත්ව ඇති බව අද වන විට නොරහසකි.එය කොතරම් දරුණු වූයේ ද යත් වයස 80 ඉක්මවු අය හට රොහල් තුල ප්‍රතිකාර පවා නොකරන තැනට පත්ව ඇති බව නොයෙක් මාධ්‍ය හරහා හෙළි වුණි. (මෙය ප්‍රචාරය වුවද එහි සත්‍ය අසත්‍යතාවයට වගකිව නොහැක. මන්ද දෑසින් නොදුටු නිසාවෙන් ය.) සත්‍ය අසත්‍යය කුමක් වුවද එයින් ගම්‍යවන්නෙ ඉතාලිය චීනයටත් වඩා දරුණු තත්වයකට පත්ව ඇති බවකි.ලොම්බර්දියා පළාතේ පමණක් වුවද අද මුළු රට ම භීතියෙනි.ලාසියො (රෝමය පිහිටි පළාත) හි ජනගහණය ඉතාලියේ ඉහළ ම ජනගහණක් වෙසෙනා පළාත යි. මේ වන විට රෝමය තුල මෙම රෝගය අරක්ගෙන ඇත.කිසිවක් කිසිවෙකුටත් කළ නොහැක. මිනිසුන් නිවාස අඩස්සියේ ය.   මේ වේලාව මෙහි වෙසෙන සියල්ලන් හිත ශක්තිමත් කරගනිමින් නොබියව මෙයට මුහුණ දීම හැර වෙන කිසිවක් නොමැත. ඉහත වයස 80 රෝගින් ගැන පලවු ප්‍රවෘතිය නිසා මෙරට සේවය කරන විදෙස්ගත පිරිස් හිත චකිතයකට පත්ව ඇති බව කිව යුතු නොවේ. මන්ද මෙවන් විටෙක රටේ සම්පත් තම රටේ උන් රැකුමට යන මතය මිනිසුන් පිළිගන්නා බැවිනි.(එය සත්‍ය ද විය නොහැක. රෝගය වැළඳුන ලාංකික කාන්තාව සුව වී ගොස් ඇත්තෙ මෙ...