තණමවිල කොල්ලෙක්
තණමවිල කොල්ලෙක් මා බොහෝ විට ලාංකිය නාට්‍ය නැරඹීම අත්හිටවු අයෙකි.මන්ද විවේචනයටවත් නුසුදුසු හරසුන් අවරගනයේ නාට්‍යය, වාණිජමය අරමුණු පමණක් මුදුන් පමුණුවා ගැනීමට රටේ විවිධ රූපවාහිනි චැනල් දිග හැරීම, තරගයට මෙන්ම ඉන්දියානු ගොබ්බ මෙගා රැළි තුලින් ජන මනස විකෘති කර ඇති නියායෙනි. නමුදු ඉදහිට හොඳ නාට්‍යයක රස වින්දනයක් ලබාදීමට යමෙකු උත්සහ දරයිනම් එය මා අත් නොහරිනවා පමණක් නොව ඒ ගැන සටහනක් තැබීම ද පුරුද්දකි. මා අවසන් වරට බැලු නාට්‍යය දෙක තෛලෝකා සහ සහෝදරයා වෙයි. ඉතා සාර්ථක නාට්‍යයක් වු සහෝදරයාගේ අවසන් රූප රාමුවට විවේචනාත්මක සටහනක් තැබූ අතර එය එහි අධ්‍යක්ෂවරයා නාමල් පාවා දුටු බව මා දුටිමි.(ලයික් කර තිබුණි.) එහි අරමුණ අධ්‍යක්ෂකවරයා අධෛර්‍ය්මත් කිරීම නොව වඩා හොඳ අදහස් ලබා ගැනීමට තව තවත් ධෛර්‍ය්මත් කිරීම බව සබුද්ධ පාඨකයා මෙන්ම අධ්‍යක්ෂකවරයා ද දනියි. එසේ සිටි මා හට එක්තරා මිතුරියක් පණිවිඩයක් තබා තිබුණේ, අයියා බලපන් හොඳ නාට්‍යයක් යනවා කියායි. ඇය ද හොඳ රස වින්දනයක් ඇති ඇත්තියක් නිසා නිකමට යු ටියුබ් හරහා පළමු...