Posts

Showing posts with the label ළමා අපචාර

ළමා අපචාර

Image
😢 ළමා අපචාර... නිතර බණ අසන උදේ හවා පිරිත් දමන රටේ කලින් කලට ළමා අපචාර ගැන කතා බහක් නැතිනම් රැල්ලක් නැග විත් යළිත් එය කාලෙයේ වැලි තලාවෙන් වැසී යයි. ළමා අපචාර කෙසේ වෙතත් ලාංකීය ජන හදවත් සංවේගයෙන් දවාළු පළමු ළමා මිනී මැරුම සමන් කුමාර ඝාතනය ලෙස හැඳින්විය හැක. එකල කවි කොළ, සිංදු පවා ලියවුණු මෙම ඝාතනයත් ඝාතකයින්ට අත් වු ඉරණමත් වෙනම ලිපියක කතා කළ යුතු දිර්ඝ සාකච්ඡාවකි. ඉන්පසු දිගින් දිගට පියා දුවව, සීයා මිනිබිරියව වගේ ම ගුරුවරු ළමයින්ව අපචාරයට, දූෂනයට ලක් කළ හැටි අපට අසන්නට දකින්නට ලැබුණි. සේයා දියණියගේ ඝාතනය එහි කූටප්‍රාප්තිය ලෙස හැඳින්විය හැක. එයට සමාජය තුල යම් කතා බහක් මෙන්ම නීතිය පිළිබඳවත්, ළමා සහ කාන්තා කටයුතු අමාත්‍යංශයේ රාජකාරි පිළිබඳවත් යම් යම් ප්‍රකාශ නිකුත් වුව ද එය ද කාලයේ වැලි තලාවෙන් වැසී ගියේය. පුදුමයට කරුණක් නොමැත ප්‍රභාකරන් පවා පැවසුයේ සිංහලයාට ඕනෑම දෙයක් මතක ඇත්තේ සති දෙකක් පමණි යනුවෙනි.අනුන්ගේ කුණු රස බලන අනුන්ගේ කුණු ගොඩවල් ජීවිත කාලය පුරාවට මතක අප අවැසි දේ අමතක කරන්නේ සති දෙක ඉක්මවීමටත් පෙරය. ඉන්පසු පසුගිය සති කිහිපයේ ළමා අපචාර මෙන්ම අපචාර සිදු කොට පැන ගිය උන් ගැන ද පොලීස...