තොන්ඩමන්ලාගේ භූමිකාව..
තොන්ඩමන්ලාගේ භූමිකාව.. තොණ්ඩමන්ලාගේ කතාව ඇරඹෙන්නේ 1913 උපන් සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගෙනි.ඔහුගේ පින පෑදෙන්නේ කඳුකරයේ තේ නෙලීමට දකුණු ඉන්දියාවෙන් ගෙනා, කෑම පවා නොමැතිව දුක් විදිමින් සිටි දකුණු ඉන්දීය දමිළ කම්කරු ජනතාවගේ පව මතිනි. ලක් වැසියන්, වතු ආශ්‍රිත කම්කරු රැකියා කිරීම මදි පුංචිකමක් යැයි සිතූ සමයක, බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් මෙරටට පිරිස් ගෙන්වූහ.යාපනයෙන් ගොඩබැස වූ ඔවුන් හට ලැබුණේ පාන් පිටි පමණක් බව ද වතුර දමා පාන්පිටි අනා කමින් කඳුකරයට ගෙන ආ බවත් අතර මග දී බොහෝ පිරිස් සාගතයෙන් මියගිය බවත් ඉතිහාස කතාවල සඳහන් ය. එදා සිට නිසි අධ්‍යාපනය,නිවාස මෙන්ම සෞඛ්‍යය වැනි මුලික පහසුකම් ද නොමැති ඔවුන් රැකීමට, ඔවුන්ගේ කර මතින් සෞම්‍යමූර්තිලා පාර්ලිමේන්තු ගියෝ ය. ඔහු එතැනන් නොනැවතුනි. සෞම්‍යමූර්ති මිය ගිය ද පක්ෂය තම මුණුපුරා අත තැබීමට තරම් සෞම්‍යමූර්ති දක්ෂ විය. වතු කම්කරුවාට කෑම නැති තැන තොණ්ඩමන්ලා අනුභව කළේ රජ බොජුන් ය.කම්කරුවාට නිසි සෞඛ්‍ය පහසුකම් නැති කල, තොණ්ඩමන්ලා අසනීප වූ කල ඉන්දියාවට ගියේ ය.වතු කම්කරුවාට අධ්‍යාපනය නැති වුව ද තොණ්ඩමන්ලා අධ්‍යාපනය ලබන්නේ රාජකීය විද්‍යාලයේ ය. අ...