Posts

Showing posts from October, 2020

මධුෂ් මැරුනාද?

Image
 මධූෂ් කුඩු පෙන්වන්නට ගොස් මරුට.... වැලිකඩ නාටකයේ දෙක. ================================== මා නිවසේ සිටින දිනට බොහෝ විට මාගේ ජංගම දුරකතනය සක්‍රීය කරන්නේ උදෑසන මාගේ සියලු වැඩ හමාරකර ය. මන්ද සක්‍රීය කළ විගස ලොකයේ ම කුණු කන්දල් හිස මත කඩා වැටීම හේතු කොටගෙන මාගේ දවසේ ආරම්භය අවුල් සහගත නොවිය යුතු හෙයිනි. නමුදු ඉදහිට රාත්‍රී වැඩ මුරයෙහි යෙදුන දිනට උදෑසන ම දුරකතනය සක්‍රීය කරන්නේ සේවස්ථානයේ රැඳී සිටම ය. එවැනි දවසක් වූ අද දින ද උදයේ ම දුරකතනයට පණ දුන් සැනින් පුරුදු ලෙස හඬ නඟා ගලා එන කෙටි පණිවිඩ බොහොමයකි. එම පණිවිඩ කියවා බැලීමට ප්‍රථම ඇමතුමකි. ඒ ලංකාවෙනි. "ගුඩ් මොර්නින්..." ඒ මාය. "මොන මොර්නින් ද ...උඹ ඇහැරෙනකොට වැඩේ හරි..." ඒ මට හුරු පුරුදු හඬකි. මොකක් ද..? මධූෂ්ට ගහල... නෑ..! නෑ නෙමේ ඔව්. මධූෂ්ට ගහල...කතාවට එසේ කියන්නේ වෙඩි තැබීමක් බව කිවයුතු නොවේ. ඉතිං..! ඉතිං බඩු එතනමයි.. නෑ..! ඔව්... දැන් හරි ද.. ඒක දන්නෑ..කට්ටිය හැපි..මෑතක අහු වුණ ලොකු ම පාතාලයනේ බං... රෙද්ද ඕකට ගහල ලොකු උන් ටික බේරුණා කියල තේරෙන්නෙ නැද්ද උඹට.. ඔව් සමහර විට..ඒත් මූ පතාලේ උඩින් ම හිටි එකානෙ බං.. මා හට නම්

කොලරා කාලේ ආලේ..

Image
 කොලරා කාලේ ආලේ..කෑවා මගේ කාලේ.. =================================== මා බොහෝ තැන්වල ඉතා හොඳ කෘතියක් ලෙස සටහන් දැක ඇති නමුදු කිසි දින කියවීමට ඕනියැයි සිතා සිටි පොතක්නම් නොවේ.      කෙසේ වෙතත් ගියවර ලංකාවට පැමිණ, මරදාන පරණ පොත් කඩ අවුස්සා පොත් සොයා මිල දි ගන්නා විට එහි හිමිකාර අංකල් "ආ පුතා මේං මේකත් ගන්න" යැයි ඉතා අඩු මිලකට පොත ලබා දුන් නිසාත් පොතෙහි කතුවරයා වූ ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්, සුප්‍රසිද්ධ කතුවරයෙකු වන නිසාත් නිකමට මෙන් පොත ගතිමි.     මා පොතක් කියවීමට ගත් කල එක දිගට කියවීම පුරුද්දයි. කොපමණ තෙරුම් ගැනීමට අපහසු පොතක් වුවත් එය මා එක දිගට කියවා ඇත්තේ තොරතුරු ද සොයමින් විදිමින් ය.  අහෝ...මාගේ කාලය....!      මෙය අතට ගත් දින සිට කිසිඳු පොතකට වැය නොකක තරමේ කාලයක් මා අතින් වැය විය. මන්ද එතරම්ම වැදගම්මකට හිමිකම් නොකියන පොතක් නිසාවෙනි.       අප ලාංකිකයන්, කතෘගේ නම ප්‍රසිද්ධනම් හෝ කිහිපදෙනෙකු හොඳයි කීවේනම් හෝ එම පොත ගැන වරදක් දුටුව ද ඒ ගැන කතා කිරීමට බිය වෙති.       ඇත්තට ම මෙම කොලරා කාලේ ආලේ හොඳ පොතක යැයි පවසන්නේ කුමක් නිසාදැයි මටනම් නොතේරේ. මෙය ප්‍රේම කතාවක් බව සැබවි. තම ප්‍ර

උස්වැටකෙයියානු ප්‍රේමය..

Image
 උස්වැටකෙයියානු ප්‍රේමය.. ලෝකෙ කොහේ ගියත් හිතට වදින තැන් මිනිස්සුන්ට තියනවා.... ආනන්දයන්ව බුදු හිමි දෙව්ලොව ගෙනියන තුරු තම ප්‍රේමිය නවදැලි හේනක පිළිස්සුණු වැඳිරියක සේ නොපෙනෙනුනේ ද එනිසාවෙනි. එදා දෙව්ලොව යැයි ආනන්ද මිහිපිටට පෙම් කළ ද දෙව්ලොව දෙව්ලියන් දුටු කල හිත එසේ වෙනස් විය. නමුදු දෙව්ලොව ගෙන යාමට අද ආනන්දවත් බුදු හිමිවත් නැත. එනිසා පුහුදුන් දෑසින් මනසින් බැඳුණු තැන රැඳී සිටි. මීට වසරකට පෙර..... ඒ ඔක්තොම්බරයේ.... උස්වැටකෙයියාව මුහුදු තීරයට මාද එසේ පෙම් බැන්දෙම්... අද කොරෝනාවෙන් මව්බිමට පා නොතැබිය හැකි මොහොතේ පවා ඒ උස්වැටකෙයියා මුහුදු වෙරළ මත සිට කොළඹ වරායෙන් දුම් දමා පිට වන නැව් දෙස බලා... අහෝ....! මව්බිමෙන් මදින් මද දුරට යන අර ඈත පෙනෙන නෞකාව සේ කවදා මව් බිමෙන් පිට වෙම්දෝයි සිතුවෙමු. දින ගැන්නෙමු. බලාපොරොත්තු පොදි බැන්දෙමු. ඔව් අප පිට උනෙමු. බලාපොරොත්තු සපල විය.. නමුදු නොසිතූ ලෙස මව් බිමට පා තැබිය නොහැකි ලෙස ද නොසිතු දෑ සිදුවීමට ද ජීවිත කණ පිට පෙරළීමට ද මිනිසුන් නොමිනිසුන් කිරීමට ද, රැවටීම්, කඩා වැටීම්, හිමිවීම්, අහිමිවිම්...අත්විදිමට ද... අහිමිවීම්, රැවටීම් යැයි දැනීමට ද සමාජය ද මෙම

ලංකාවේ දේශපාලනික කෝවිඩ් සහ පොර මානසිකත්වය.

Image
 ලංකාවේ දේශපාලනික කොවිඩ් සහ  පොර මානසිකත්වය ===============================       ආරක්ෂාව සහ බිය යනු දෙකකි. අදවන විට covid 19 යනු ලොවට නව රෝගයක් නොවන අතර නමුදු අද වන තුරුත් නිසි ප්‍රතිකාරයක් නොමැති වුවද ලොව බොහෝ රටවල් මුහුණදෙන ගෝලීය වසංගත රෝගයකි.      අද වන විට ලොව දියුණු ම රටවල් දණ ගැස්සීමට මෙම වෛරසය සමත් ව ඇති අතර බොහෝ රටවල් එය පාලනය කිරීමට ද බොහෝ දෑ සිදු කරමින් සිටි.      චීනයෙන් ආරම්භ වුවද එය පසුව ඉතාලිය, ප්‍රංශය ගිලගත් අතර එංගලන්තය, බ්‍රසීලය, ඇමරිකාව සොහොන් පිටි වන තරමට වෛරසය පැතිර ගියේ ය.      එසේ වුවද එම රටවල ජනතාවගේ දැනුවත්කමත්, ඒ රජයන් මෙය තම දේශපාලන වාසියට හරවා නොගැනීමත් නිසා අද වන තුරුත් සමස්ත ජන ජීවිතයට හානි නොවි යම් යම් සුළු ගැටළු මත වුව ඉදිරියට ඇදී යයි.      ඉතාලියේ හිටපු අගමැති හට ද ප්‍රංශයේ ඇමතිවරයෙකුට මෙන්ම අද වන විට ඇමරිකා ජනපති හට ද මෙය වැළඳී ඇති බව අප දනිමු.      එසේ වූවා යැයි රටේ අනෙක් දේශපාලකයන් කලබල වි නොමැත. මෙම රටවල තම නිවසට යාබද නිවසේ කොරෝනා රෝගියෙකු හමුවුවා යැයි  තමන්ගෙ නිවෙස්වලින් එළියට නොබැස සිටින්නේ ද නැත. "අනේ අපේ බිල්ඩිමේ කෙනෙකුට කොවිඩ් පොසිටිව්. අව