Posts

Showing posts from June, 2020

ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ

Image
ඈන් ෆ්‍රෑන්ක් මතක සුවඳ.... ලොව වැඩිම පොත්  සංඛ්‍යාවක් ,එක් පුද්ගලයෙකුට ලියවී ඇත්නම්, ඒ ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් ට වේ. ලෝකයේ ගමන් මග වෙනස් වු සංධිස්ථාන අතර දෙවන මහා ලෝක සංග්‍රාමය මූලිකත්වයක් ගනු ලැබුවා මෙන්ම දෙවන ලෝක මහා සංග්‍රාමය හා බැඳුණු විවිධ සුවිශේෂි කතා මෙන්ම චරිත කතා ද බොහෝ වේ.ඒවාට ඇති ඉල්ලුම ද ඉතා ඉහළ ය. නමුදු චරිත කතා අතරින් හිට්ලර්ගේ චරිතය වඩා ප්‍රසිද්ධ මෙන්ම එක් පුද්ගලයෙකුට ලොව ලියවුණු වැඩි ම පොත් සංඛ්‍යාව ද හිට්ලර් වටා ගෙතී ඇත.  ඔහුට ළං කළ හැකි සුප්‍රසිද්ධ චරිතයක් ඇත්නම් ඒ ඈන් ෆ්‍රෑන්ක් යයි කීම වරදක් නොවේ.ඒ ඇගේ දිනපොත ලොව පුරා භාෂා විශාල ප්‍රමාණයකට පරිවර්තනය වී විශාල පාඨක පිරිසක් වැලඳ ගැනීම හේතුවෙනි. ඇයට ලැබුණ පිළිගැනීමේ උච්චත ම අවස්ථාවක් පසුගිය වසරේ අපට දැකගත හැකි වූයේ ලෝක පාපන්දු තරගාවලියේ දී ඈන් හට තම ආචාරය පුද කරමින් ඉතාලි පාපන්දු කණ්ඩායම ඇය වසරේ චරිතය කිරීමත් එය අනුගමනය කරමින් මුලු පාපන්දු තරගාවලිය ම ඇය හා බැඳී තිබීමත් ය. ඈන් එසේ ප්‍රසිද්ධ වුව ද ඇය එතැනට ඔසවා තැබුවේ කවුරුන් ද? ඒ ගැන ලොවට එතරම් වැදගත් නොවුවක් ලෙස පෙනුන ද ඇත්තටම අප වැදගත් ලෙස සැලකිය යුත්තේ

තොන්ඩමන්ලාගේ භූමිකාව..

Image
තොන්ඩමන්ලාගේ භූමිකාව.. තොණ්ඩමන්ලාගේ කතාව ඇරඹෙන්නේ 1913 උපන් සෞම්‍යමූර්ති තොණ්ඩමන්ගෙනි.ඔහුගේ පින පෑදෙන්නේ කඳුකරයේ තේ නෙලීමට දකුණු ඉන්දියාවෙන් ගෙනා, කෑම පවා නොමැතිව දුක් විදිමින් සිටි දකුණු ඉන්දීය දමිළ  කම්කරු ජනතාවගේ පව මතිනි. ලක් වැසියන්, වතු ආශ්‍රිත කම්කරු රැකියා කිරීම මදි පුංචිකමක් යැයි සිතූ සමයක, බ්‍රිතාන්‍යයන් ඉන්දියාවෙන් මෙරටට පිරිස් ගෙන්වූහ.යාපනයෙන් ගොඩබැස වූ ඔවුන් හට ලැබුණේ පාන් පිටි පමණක් බව ද වතුර දමා පාන්පිටි අනා කමින් කඳුකරයට ගෙන ආ බවත් අතර මග දී බොහෝ පිරිස් සාගතයෙන් මියගිය බවත් ඉතිහාස කතාවල සඳහන් ය. එදා සිට නිසි අධ්‍යාපනය,නිවාස මෙන්ම සෞඛ්‍යය වැනි මුලික පහසුකම් ද නොමැති ඔවුන් රැකීමට, ඔවුන්ගේ කර මතින් සෞම්‍යමූර්තිලා පාර්ලිමේන්තු ගියෝ ය. ඔහු එතැනන් නොනැවතුනි. සෞම්‍යමූර්ති මිය ගිය ද පක්ෂය තම මුණුපුරා අත තැබීමට තරම් සෞම්‍යමූර්ති දක්ෂ විය. වතු කම්කරුවාට කෑම නැති තැන තොණ්ඩමන්ලා අනුභව කළේ රජ බොජුන් ය.කම්කරුවාට නිසි සෞඛ්‍ය පහසුකම් නැති කල, තොණ්ඩමන්ලා අසනීප වූ කල ඉන්දියාවට ගියේ ය.වතු කම්කරුවාට අධ්‍යාපනය නැති වුව ද තොණ්ඩමන්ලා අධ්‍යාපනය ලබන්නේ රාජකීය විද්‍යාලයේ ය. අවසන්