Posts

පුජ්‍ය ඕලන්දයේ ජිනවංශ හිමි.

Image
 වාසියට කට සොලවන  රූකඩ බෞද්ධ මහනායකවරු සහ නාමික බෞද්ධයා. ============================================== ආගම මිනිසාගේ සාමය,සතුට,හික්මවීම,අධ්‍යාත්මක සුවය වැනි කරුණු නිසා ලොව පහළ වුවද මෙතෙක් ලොව වැඩි ම ලේ ගැලීම් සිදුව ඇතතේ ද සිදුවන්නේ ද ආගම මූලික කරගෙනය. ලොව අන්තවාදී මුසල්මානුවන් දරුණු ලෙස ලේ වගුරවද්දී එයට මුල පිරූ වතිකානුව ඇතුළු පෙර ක්‍රිස්තියානි ප්‍රජාව ද කුරුස යුදයේ නාමයෙන් ඇසට ඇසක් දතට දතක් යන න්‍යායෙන් එකල යුරෝපයේ ලේ ගංගා ගලායෑමට සැලැස්වු බවත් එයට එවක පාප්වහන්සේලා පවා මූලිකත්වය ගත් බවත් අප දනිමු. ලොව යුද්ධ හෝ ලේ වැගිරීම් අවම ලෙස සිදු කරනු ලබන්නේ බෞද්ධයන් සහ හින්දූන්ය. හින්දුන් පවා ඉන්දියාවේ සිදු කළ යම් යම් දෑ නිසා ලේ වැගිරීම් අවම තැනට බෞද්ධයන් පත්ව ඇත. නමුදු ලංකාවේ මෑත කාලයේ එය කණපිට පෙරළමින් බෞද්ධ අන්තවාදය ද හිස එසවු බව අප දනිමු. සතුරාට ද මෛත්‍රී කිරීමට ඉගැන්වු බුදු දහමේ යතිවරුන් බොදු බලසේනා වැනි සංවිධාන පිහිටුවා ගනිමින් අන්තවාදී අදහස් ජනතාව අතර පැතිරවු බව අප දනිමු. බේරුවල ඇති වු ගැටුමේ දී බෞද්ධ යැයි කියා ගන්නා පිරිස් එයට සහය දැක්වන බව හෙළි විය. ඩෑන් ප්‍රියසාද් වැනි කුක්කන් බෞද්ධ සළ

සුවසැරිය,මුහුණු පොත හා මාධ්‍ය මර්ධනය.

Image
 සුවසැරිය, මුහුණු පොත හා මාධ්‍ය මර්ධනය. =================================== මුහුණු පොත යනු අද ඕපාදූප, බොරු, මඩ ආදි දෑ ප්‍රචාරය වන කිසිඳු හරයක් නැති භාවිතයක් මෙන්ම ඉන් රටේ ප්‍රශ්න විසඳිය නොහැකි බව ද රටේ ඉහළ පෙළ නායකයින් මෙන්ම උගතුන්,බුද්ධිමතුන් ද මුහුණු පොතේ ම සමහර පුද්ගලයෝ ද වරින් වර පවසනු මා දැක ඇත. නමුදු ලෝකයේ කෙසේ වෙතත් ලංකාවේනම් මුහුණු පොතින් සිදුකළ හැකි දෑ බොහෝ වන අතර එය ආණ්ඩු සෑදීමට මෙන්ම පෙරළීමට තරම් වරෙක ප්‍රභල වේ. එයට හොඳ ම සාධක ලෙස රටේ සියළු පක්ෂ මුදල් වියදම් කරමින් මෙහි  බලය තමා අතට ගැනීමට තැත් දැරීම සහ ලියන අය හට මුදල් ගෙවා තම කණ්ඩාමට එකතු කර ගැනීම ද දැකිය හැක. ඒවා පිළිනොගන්නා අයට දිය හැකි හොඳ ම උදාහරණය රටේ අවසන් නායකයන් දෙදෙනා ම මුහුණු පොත හරහා පළ කළ අදහස්ය. වරෙක මෛත්‍රීපාල සිරිසේන මහතා තමා බලයට ගෙන ඒමට සහයෝගය දැක්වා මුහුණු පොතේ තරුණ කණ්ඩායම් ප්‍රසිද්ධියේම ඇගයීය.,  පසුව එම කණ්ඩායම්ම එතුමාව හාස්‍යයට ගෙන පහර පිට පහර ගැසූව ද එතුමන් මුහුණු පොතට පුර්ණ නිදහස දුන්නේ තමා බලයට ගෙන ඒමට මුහුණු පොත දුන් සහයට කෘතගුණ සැලකීමක් ලෙසදැයි අප නොදනිමු. ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් බලයට පත්වූ පසුව අ

මා දුටු ප්‍රංශය...විදෙස් දිවිය..

Image
 මාගේ විදෙස් අත්දැකීම්.... ප්‍රංශය.. මා මුලින්ම විදෙස් ගත වූයේ ගමන් බලපත්‍රයක් පවා නැතිවය. "එහෙම කොහොමද රට යන්නේ?" කියවන ඔබට සිතීම, වරදක් නොවේ. නමුදු මා මුලින් ම ඉන්දියාවට බෝට්ටුවෙන් ගියෙමි. මසක් හමාරක් නැවතීමට සිතා නීති විරෝධීව ගිය ඒ ගමන මට එරට ම එපා කරවිය. ඒ අපිරිසිදුකම පමණක් නොව මගේ රටේ ඇති ඒ බොහෝ දෑ මට නිතර සිහිවීම එයට බලපෑ ප්‍රධාන හේතුවයි. දින දහයක් හෝ එහි නොසිට මා නැවත මවුබිමට පැමිණියේ ඒනිසාවෙනි. දෙවනුව මට සිංගප්පූරු වරායේ රැකියාවක් ලැබුණූ අතර මා ගමන් බලපත්‍රය හැදුවේ එම රැකියාවට ය. එදා බෑගයක ඇදුම් ඇසුරුම් කළේ ද අම්මා ඇතුළු ගෙදර උදවියයි. මා ඊටවත් උනන්දුවක් නොදැක්වූයේ රට යාම ඒ තරමට මට එපා වු කාරණාවක් නිසාවෙනි. සියල්ල ලක ලෑස්ති කර දී මා ඇරලීමට ගුවන්තොටුපලට යාමට ද සූදානම් වූ විට නිවසේ කිසිවෙකුටත් එහි පැමිණීම  තහනම් කර මිතුරන් සමඟ ඒ හිතුවක්කාර පුත්‍රයා කටුනායක බලා ගියේය. කටුනායක දී මිතුරන් හැරදා යා නොහැකිව හා පෙර රට අත්දැකීමේ අප්‍රසන්නතාවය මත නැවත හැරී ගෙදර පැමිණියේ ය. එදා මට ලක්බිම හැරයාමට නොහැකියාවක් විද, නොදන්න මිනිසුන් මැද තනිවීමට බියක් වීදැයි මා නොදනිමි. පසුව මට ප්‍රංශය

ආයම්මා..

Image
 තම දරුව ගෙදර දමා නොරටක දරුවා නලවන අපේ අම්මා..[ආයම්මා] ========================================================== තමරට ගම ඇරලයි ආවේ.. ගේ දොර ඇරලයි ආවේ.. නෙත පිරි කඳුළිනි ආවේ.. නුඹ නළවන්නයි ආවේ... කාන්තාවක් රැකියාව සඳහා විදෙස් ගත වීම තුළ එම පවුල් පසුබිමේ ඇති වන ගැටළු ගැන කතා බහට ලක්කරන කිසිවෙකුත් එම කාන්තාව මුහුණ දෙන මිල කළ නොහැකි සිත් වේදනාවන් ගැන කතා කරනුයේ ඉතා සුළුවෙනි. මොනිකා රුවන්පතිරණ යනු කාන්තා පීඩනය ගැන ප්‍රායෝගිකව තම කවියෙන්, සමාජය දැනුවත් කළ කවිදි‍යකි. කාන්තාවක් තම ගම රට හැරදා සතුටින් වෙනත් රටක බැල මෙහෙවරට යයි ද? මෙම කවි පද හතර කියවු මා හට වෙනත් රටවල දරුවන් නළවමින්, පැය විසි හතර පුරා තම රටේ තනිකර ආ තම දරුවා ගැන හිතන, විඳවන, පිච්චෙන අම්මා කෙනෙකුගේ වේදනාව කෙතරම්දැයි හැඟිනි. අද කාන්තාව තම රට හැර වෙනත් රටක සේවයට යන්නේ සතුටින් ද? බොහේ විට සතුටින් බව හැඟවුව ද ඇය ඇතුළතින් හඬාවැටෙන සැටි කිසිවෙකු සිතා ඇත් ද? අද මුහුණු පොත හරහා බොහෝ විදෙස්ගත සහෝදරියන් සිනා මුසු මුහුණින් පිංතූර දැමුව ද සමාජයට තමා සතුටින් බව හැඟවීමට යම් යම් දෑ ලියා පල කළ ද ඇගේ කඳුළේ වේදනාව ඈ හිස තබනා කොට්ටය හැර කවුරුන් දන

කොරොනාවට බිය වෙමුද?

Image
 කොරෝනාවට බිය වෙමු ද ?? කොව්ඩ් 19 නැත්නම් අප දන්නා කොරෝනා ලෝක වසංගතය අද ලක්මව ද වෙළාගෙන සිටි. පළමු රැල්ලේ දී ලංකාව තුළ ප්‍රචලිත වීම අවමයෙන් සිදු වුව ද ලොව පුරා එය දරුණුවට ව්‍යාප්ත වු අතර ඇමෙරිකාව දිගින් දිගට ම බැටකමින් ද යුරෝපය පළමු රැල්ලේ දැඩි ප්‍රහාරයෙන් මදක් විඩා නිවා දැන් දෙවන රැල්ලේ දරුණුත ම ප්‍රහාරයට ලක්ව ද ඇත. ප්‍රංශය ඉන් ඉහළ ම අගයක් ගෙන ඇති අතර ඉතාලිය ස්පාඤ්ඤය, ජර්මනිය පවා බේරී නැත. ප්‍රංශය, ඉතාලිය යන දෙරටේ දැනට දිනකට රෝගීන් 30000 පන්නා හමුවන අතර එය පළමු රැල්ලේ දි හමු වු රොගින් ප්‍රමාණයට වඩා ඉතා ඉහළ අගයක් ගෙන ඇතත් වත්මනේ මරණ ප්‍රමාණය අඩුව ඇත. ලංකාව තුළ රෝගීන් හමුවීම ඉහළ යන අතර රට වැසියා දැඩි භීතියට ලක්ව ඇත. ඇත්තට ම එසේ අප බිය විය යුතුද..? කොරෝනා රෝගීන් මැද දිවිගෙවන අයෙකු ලෙස මා පවසන්නේ, බිය වීමෙන් පලක් නැත.නමුදු අප සෞඛ්‍ය නීති පිළිපදිමින් ආරක්ෂාවීමට වෙර දැරිය යුතුය. මෙයට මේ වන විටත් බෙහෙතක් නොමැත. එසේනම් යුරොපයේ ද මෙතරම් රෝගීන් හමු වූව ද මරණ සංඛ්‍යාව අඩුවන්නේ ඇයි? කුමන ආගමකට අනුව ගත් කල ද විද්‍යානුකූලව ගත් කල ද ලොව මිනිසා තුරන්වීමට මෙය කාලය නොවේ. එය ප්‍රධානත ම සාධකය යි. එසේනම්

මධුෂ් මැරුනාද?

Image
 මධූෂ් කුඩු පෙන්වන්නට ගොස් මරුට.... වැලිකඩ නාටකයේ දෙක. ================================== මා නිවසේ සිටින දිනට බොහෝ විට මාගේ ජංගම දුරකතනය සක්‍රීය කරන්නේ උදෑසන මාගේ සියලු වැඩ හමාරකර ය. මන්ද සක්‍රීය කළ විගස ලොකයේ ම කුණු කන්දල් හිස මත කඩා වැටීම හේතු කොටගෙන මාගේ දවසේ ආරම්භය අවුල් සහගත නොවිය යුතු හෙයිනි. නමුදු ඉදහිට රාත්‍රී වැඩ මුරයෙහි යෙදුන දිනට උදෑසන ම දුරකතනය සක්‍රීය කරන්නේ සේවස්ථානයේ රැඳී සිටම ය. එවැනි දවසක් වූ අද දින ද උදයේ ම දුරකතනයට පණ දුන් සැනින් පුරුදු ලෙස හඬ නඟා ගලා එන කෙටි පණිවිඩ බොහොමයකි. එම පණිවිඩ කියවා බැලීමට ප්‍රථම ඇමතුමකි. ඒ ලංකාවෙනි. "ගුඩ් මොර්නින්..." ඒ මාය. "මොන මොර්නින් ද ...උඹ ඇහැරෙනකොට වැඩේ හරි..." ඒ මට හුරු පුරුදු හඬකි. මොකක් ද..? මධූෂ්ට ගහල... නෑ..! නෑ නෙමේ ඔව්. මධූෂ්ට ගහල...කතාවට එසේ කියන්නේ වෙඩි තැබීමක් බව කිවයුතු නොවේ. ඉතිං..! ඉතිං බඩු එතනමයි.. නෑ..! ඔව්... දැන් හරි ද.. ඒක දන්නෑ..කට්ටිය හැපි..මෑතක අහු වුණ ලොකු ම පාතාලයනේ බං... රෙද්ද ඕකට ගහල ලොකු උන් ටික බේරුණා කියල තේරෙන්නෙ නැද්ද උඹට.. ඔව් සමහර විට..ඒත් මූ පතාලේ උඩින් ම හිටි එකානෙ බං.. මා හට නම්

කොලරා කාලේ ආලේ..

Image
 කොලරා කාලේ ආලේ..කෑවා මගේ කාලේ.. =================================== මා බොහෝ තැන්වල ඉතා හොඳ කෘතියක් ලෙස සටහන් දැක ඇති නමුදු කිසි දින කියවීමට ඕනියැයි සිතා සිටි පොතක්නම් නොවේ.      කෙසේ වෙතත් ගියවර ලංකාවට පැමිණ, මරදාන පරණ පොත් කඩ අවුස්සා පොත් සොයා මිල දි ගන්නා විට එහි හිමිකාර අංකල් "ආ පුතා මේං මේකත් ගන්න" යැයි ඉතා අඩු මිලකට පොත ලබා දුන් නිසාත් පොතෙහි කතුවරයා වූ ගබ්රියෙල් ගාර්සියා මාර්කේස්, සුප්‍රසිද්ධ කතුවරයෙකු වන නිසාත් නිකමට මෙන් පොත ගතිමි.     මා පොතක් කියවීමට ගත් කල එක දිගට කියවීම පුරුද්දයි. කොපමණ තෙරුම් ගැනීමට අපහසු පොතක් වුවත් එය මා එක දිගට කියවා ඇත්තේ තොරතුරු ද සොයමින් විදිමින් ය.  අහෝ...මාගේ කාලය....!      මෙය අතට ගත් දින සිට කිසිඳු පොතකට වැය නොකක තරමේ කාලයක් මා අතින් වැය විය. මන්ද එතරම්ම වැදගම්මකට හිමිකම් නොකියන පොතක් නිසාවෙනි.       අප ලාංකිකයන්, කතෘගේ නම ප්‍රසිද්ධනම් හෝ කිහිපදෙනෙකු හොඳයි කීවේනම් හෝ එම පොත ගැන වරදක් දුටුව ද ඒ ගැන කතා කිරීමට බිය වෙති.       ඇත්තට ම මෙම කොලරා කාලේ ආලේ හොඳ පොතක යැයි පවසන්නේ කුමක් නිසාදැයි මටනම් නොතේරේ. මෙය ප්‍රේම කතාවක් බව සැබවි. තම ප්‍ර