මාගේ ප්‍රේමිය ජකරන්ද..
මාගේ ප්‍රේමිය ජකරන්ද.. ඒ වසර බොහෝ කලකට ඈත දී ය..... එකමත් එක රටක මා යම් ගැටුම් මත වුව සතුටින් ගෙවු කාලයයි. ඒ එකමත් එක රටෙහි රැජිනක් රජව සිට රජෙක් වෙත බලය මාරු වු කාලය යි. කැමැත්ත අකමැත්ත, සතුට නොසතුට මත නොව දෛවයේ තීන්දු තීරණ මත නොරටකට යාමට සිදු වු මොහොත යි. මා අකමැති වුවද මා මිත්‍රයන්ගේ ලියවිලි හරහා යුරෝපා සංගමයට අයත් ප්‍රංශය වෙත ගුවන්ගත වුණි. ප්‍රංශයට පැමිණ කෙටි කලක් රැකියා විරහිතව නීෂ්(Nice) හී රැඳී සිටිය මා හට, ගෙන්වු අයගෙ සහයක ඇතිව එක්තරා ඉතාලියානු සමාගමක කුඩා රැකියාවකට උරුමකම් කිව හැකිව තිබිණි. ඒ බොහෝ ඉතාලියානුවන් ගැවසෙන සෙන් ත්‍රොපේ(Saint-Tropez)හී රැකියාවට බැදුණු මා හට ප්‍රංශ බස වෙනුවට ඉතාලි බස ප්‍රගුණ කිරීමට සිදු වුයේ එසේය. මා නීෂ්(Nice) මුහුද අසල සිටිය ද සේන් නදියට හිතින් පෙම් කළේ කියවා අසා තිබු දෑ නිසා ය. මා පැරිසිය දැක ගැනීමට පැමිණියේ ලොව සියල්ලන් පවසන ප්‍රේමයෙන් උමතු වු පාරාදීසය සියැසින් දැකීමට ය. නමුදු ඒ පීඩනකාරි, අතිධාවනයක යෙදෙන ප්‍රංශ ජන සමාජය මා හට දිරවිය හැකි වූයේ නැත. සමහර විටෙක ප්‍රංශ බස ද එයට හේතු වන්නට ඇත. සිහින කඩා වැටුණි...