Posts

Showing posts from September, 2020

ඩිස්නිලන්තයෙන් උගනිමු.

Image
 ඩිස්නිලන්තයෙන්වත් උගනිමු..... ප්‍රංශය කියූ සැනින් බොහෝ අයගේ මනසට නිරායාසයෙන් ම එන වචනයකි නැතිනම් නගරයකි පැරිස්. සෑම වසරක ම එක් කාර්තුවක ප්‍රංශය තුළ රැකියාවෙහි නිරත වීම නියමිත කාර්‍ය්යක් වුව ද ඒ අතර වාරයේ පැරීසිය වෙත මා පය තබන්නේ එක් දිනකි හෝ දෙ දිනකි.එසේත් නැත්නම් පය තබන්නේ ම නැත. ඒ යන්නේ ද මා කුඩා කල සිට ම ඇසුරු කරනා මිත්‍රයෙකු පැරිස්වල රැඳි සිටින නිසා ඔහු ඇරයුමට, ඔහු හා කාලය ගත කිරීමට ය. එහෙත් පැරිස් යන සෑම දෙනාම සෙන් නදියට සේම  අයිපල් කුළුනට පෙම් බඳි. බොහෝ දෙනෙකු සිහින මවන්නේ ද සෙන් නදිය හා ඒ මහා දැවැන්ත කුළුන දැක ගැනීමට හෝ එහි කාලය ගත කිරීමට ය. මා හටනම් ජනාකීර්ණ නගරයේ වන ඒ ජල කඳ නිකම්ම ජල කඳකි. ප්‍රංශ කුළුන යකඩ ගොඩකි. නමුදු බොහෝ අයගේ ප්‍රිය ස්ථානයකි. නමුදු මා ප්‍රංශයේ වඩා කැමති ම තැනකි ඩිස්නිලන්තය. කුඩා ළමුන්ට වුවද මා යන සැම වසරක ම දොස්තර පුතා(මා විසින් මගේ මිත්‍රයාව හඳුන්වන්නේ එසේය.) මට ද එහි යාමට අවස්ථාව සලසලමින් ප්‍රවේශපත් මිල දී ගන්නේ ඔහුගේ දරුවන් ද රැගෙන යාමේ අභිලාශයෙනි. ඩිස්නිලන්තයේ හැඩ ගැන නොව එයින් අපට උකහාගත හැකි දේ බොහෝ වන්නේ දැන් දේශිය දේ ඇගයීම (ප්‍රදර්ශනාත්මකව හෝයියා )

පිරිමි නිරුවත.

Image
පිරිමි නිරුවත.  රෝමයේ රජවරු සත් දෙනාගෙන් අන්තිම රජු වූ ටාකුන් රජු රාජ්‍යත්වයෙන් පහකර රෝම සමුහාණ්ඩුව පිහිටවූ බව ඉතිහාසයේ සඳහන් වේ. ක්‍රි .පූ. 509 පමණ ආරම්භ වු රෝම සමුහාණ්ඩුව ලොවට දායද කළ දෑ අති මහත් ය.       කලා,සංස්කෘතික,සමාජීය දේශපාලනික ආදි නොයෙක් දෑ ඔවුන් ලොවට දායාද කර ඇත. එලෙස ලොවට දායාද කළ කලා කෘතීන් සුවිශේෂී කොට මා දකිමි. කලාව පිළිබඳ කතා කළ යුතු බොහෝ දෑ ඇතත් ලොවට හඳුන්වා දී ඇති විස්මිත මූර්ති කලාවෙහි එක් සුවිශේෂී කරුණක් ගැන සටහනක් තැබීමට සිතුණි. ඒ අනෙකක් නොව පිරිමි නිරුවත යි.      ලොව විශිෂ්ඨත ම පිරිමි නිරුවත් රූපය ලෙස මයිකල් ආන්ජලෝගේ ඩාවිඩ් රූපය සලකයි. එය ඉපැරණිත ම රෝම සමුහාණ්ඩුවට සම්බන්ධ නැතත් එය ද ක්‍රි.ව.1501-1504 කාලය තරම් දුර ඇදී යයි. ඒ අප ලංකාවට පෘතුගීසින් පය තැබීමටත් පෙර සමය යි. එනම් කෝට්ටේ රජධානිය පැවති සමය යි.      නමුදු මයිකල් ආන්ජලෝ ඉතාලියට මෙම නග්න පිරිමි  මූර්ති හඳුන්වා දුන්නේ නැත. අද ෆොලොරන්ස් නගරයේ මයිකල් ආන්ජලෝගේ ඩේවිඩ් මූර්තිය දැක ගත හැක.      මෙම ප්‍රදර්ශනාත්මක පිරිමි නිරුවත අතීත රෝම අධිරාජ්‍යය දක්වා දිව යන්නකි. පැරණි ඔලිම්පික් තරගවල පවා පිරිමි තම ශරීර හැඩ පෙන්ව
Image
 නීතිය, ප්‍රජාතන්ත්‍රවාදය විහිළුවට ගත් අනුර ______________________________________      අනුර කුමාර දිසානායකයන් පාර්ලිමේන්තුව තුළ ආන්දෝලනාත්මක කතාවක් සිදු කළේ යැයි බොහෝ ජ.වි.පෙ. සමාජිකයන් ද මැදහත් පුරවැසියා ද අත්පොළසන් දෙනුත්, ප්‍රීති ඝෝෂා හඬ නංවමිනුත් සිටින බව දැක ගන්නට ලැබුණි. ඇත්තෙන් ම එය ප්‍රීති ඝෝෂා නැඟිය යුතු කතාවක් ද...? නැත.       එය පක්ෂ විපක්ෂ ඕනෑම අයෙකු කරන වාචාල කතාවක් මෙන්ම රටේ නීතිය අවමානයට ලක් කළ කතාවකි.       කලකට පෙර සභානායක තනතුර දැරූ, ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ (නැසීගිය) කතා කළ අයුරු මට සිහි වේ. ඔහුගේ සුප්‍රසිද්ධ එළු බෙටි කතාවත් අනුරගේ මේ කතාවත් අතර වෙනසක් මට නොපෙනේ. මෙය වැදගත් කතාවක්නම් වත්මන් පාර්ලිමේන්තුවේ රංජන් රාමනායක මීට වඩා වැදගත් කතාවක් සිදු කර ඇති බව අමතක නොවනු ඇත.       අයෙක් තමාට විරුද්ධ වු පමණින් ඔහුගේ පරණ file ඇඳ පහර දීම ධනපති පක්ෂ ප්‍රතිපත්තියකි. එය ජයවර්ධන ජනපතිවරයාත් පසුව මහින්ද ජනපතිවරයාත් මනාව ප්‍රයෝජනයට ගත්හ.       අද අනුර දිසානායක ද යන්නේ ඒ පාරේ ද..? පාර්ලිමේන්තුව තුළ සිටින මන්ත්‍රිවරුන්ගෙන් දූෂනය අවම සහ රටේ බොහෝ දෑ කකාකරන, විවේචනය කරන පාර්ලිමේන්තුවේ

20 වහන ප්‍රේමලාල්,විධායකය සහ අධිකරනය

Image
                                                                             20 වසන ප්‍රේමලාල්, විධායකය සහ අධිකරණය.      දේශපාලනය මිනිසා විසින් පාලනය කළ යුත්තක් වුව ද අද ලාංකාව තුළ දේශපාලනය මිනිසා පාලනය කරමින් සිටී.      පසුගිය මැතිවරණයේ පුරවැසි අමනෝඥ්ඥ ක්‍රියා කලාපයත්, ලබා දුන් වරමත් බැලු කල දේශපාලනය ගැන ලිවීම අත් හැර දැමූව ද රට තුළ සිදු වන යම් ක්‍රියා දුටු විට නිතැතින් ම ලියැවේ.      වත්මනේ රටේ දේශපාලන පිටු ඉතා වේගයෙන් පෙරළුන නමුදු අවසාන පිටුව ප්‍රේමලාල් නොහොත් චොකා මල්ලිගෙන් අවසන් විය. හෙට කුමක් වේදෝයි අවිනිශ්චිත ව ඒ ගැන සටහන් තබමි.     ලංකාවේ ග්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විධායකයට යටත් ය. ස්වාධීන ලෙස පෙනෙන පවසන බොහෝ ආයතන විධායකයේ සපත්තුව යට බව දන්නෝ දනිති.     බලයට පත්වීමට පෙර 77 ව්‍යවස්ථාව විවේචනය කළ කිසිඳු නායකයෙකු එය වෙනස් නොකළේ තම වාසිය තකා ය.      සිදුකළේ සංශෝදන වන නමුදු ඒවා ද තම පවුල හෝ තම බලය රැකගැනීම සඳහා ය. මෑත කාලීනව 20 වැනි සංශෝදනය ගෙන ආවේ රටට හිතැතිව ද නැතිනම් පාලකයන්ගේ පවුලේ වාසියට දැයි පුරවැසියා සිතා බැලිය යුතුය.      නමුදු පසුගිය මැතිවරණ ප්‍රතිඵල හා බැලීමේ දී එසේ සිතීමේ ශක