Posts

Showing posts from February, 2021

දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා.

Image
දුස්ටකමේ සවුන්දර්ය සහ රත්මලානේ තවත් කතා  ලංකාවේ ස්වතන්ත්‍රකරුවන්ගෙන් මා මනාප ස්වතන්ත්‍රකරුවන් ජීවත්ව සිටින්නේ එක් අතක ඇඟිලි ප්‍රමාණය තරමට යැයි පැවසීමට මා පැකිලෙන්නේ නැත.       ඒ කිහිප දෙනා අතර මංජුල වෙඩිවර්ධනයාණෝ සිටින බව කිව යුතු ම ය. එයට හේතු බොහෝ තිබුණ ද ඒ සෘජු, නොබිය ලිවීම ප්‍රධාන කාරණා වන අතර අන්තර්ගතය කෙසේ වෙතත් ඒ කාව්‍යමය කතාකරණය ද මා සිත් ඇද බැඳ තබා ඇත.       කවියන් කිහිපදෙනෙකු කතාකරණයට පය තබා ඇති අතර ඒ කිසිවෙකුට තම කාව්‍යත්වය සඟවා ගත නොහැකි විද ? නැතිනම් හිතාමතා තම කාව්‍ය වචන හසුරවමින් කතාවට ඔබ්බවුවේ ද ? කෙසේ වෙතත් වෙඩිවර්ධන නම් කවියා ඔහුගේ කිසිම ලේඛනයකින් සැඟවීමට ඔහු උත්සහ නොදැරීම ම ප්‍රස්තුතය කිම වුව පාඨක අප එහි ඇද බැඳ තැබීමට සමත්ව ඇත.       වෙඩිවර්ධනයාණන්ගේ සියලු පොත් කියවූවෙකුනම් ඔහුගේ පොත් තුළ කිදා බැසීමේ දී ඒ අකුරු වචන භාෂා ශෛලය තුළ අප අතර මං කරනු ඇති. එනිසා ම ඔහුගේ පොතේ ම වචන සොරා ගෙන මෙම සටහනට මා ද ඔබ්බවමි.        ඔහුගේ සියලු පොත් හරහා ලිංගිකත්වය, මිනිසාට කෑම බීම තරමට සමීප අත්‍යවශ්‍යතාවක් ලෙස පෙන්නුම් කිරීම සුවිශේෂී වන අතර මේ කෙටි කතා පොත තුළ ද එසේමැයි.        "පා

කලු අගහරුවාදා

Image
 ඒ සහෘදයා සමුගත් කලු අඟහරුවාදා..... එකල විවිධ වු පෞද්ගලික ගුවන්විදුලි නාලිකා නොමැති යුගය යි. බොහෝ නිවෙස්වල ශ්‍රී ලංකා ගුවන්විදුලිය අසන අවධියයි. එහෙත් රාත්‍රියේ මූසල නිහඬ බව හැර රේඩියෝ තබා විදුලි එළිය පවා රතු සහෝදර තුන්ඩුවෙන් නොදැල්වෙන යුගය යි. එදින හිරු සැඬ වු දිවා කළ උදා වී තිමබුණි. රට තොට භිතිය, සැකය,රජයන අසුභ පුවත් නිතර ඇසෙන යුගයයි.බොහෝ නිවැස් වල කැබිනෙට්ටු උඩ පරණ රේඩියෝවක් තබා හො ආරංචි දැනගැනිමට උත්සුක පිරිසයි. නිතර නිතර විශේෂ පුවත් සුලබ කලකි ඒ. නිවස් පූරා රැව්දුන්නේ සුපුරුදු ගුවන්විදුලි සංස්ථා වෙළඳ සේවයේ තම්මැට්ටම් හඬයි. මෙන්න විශේෂ ප්‍රවෘත්තියක්...කියු සැනින් කඩපිලේ නිවසේ අය රේඩියෝව වටා රොක් වන්නෙ කුමකින් කුමක් සිදුව ඇත්දැයි දැන ගැනිමේ කුහුලෙනි.අපරාධ මිනිමැරුම් පැහැරගැනිම් සාමාන්‍යය කරනය වි තිබුනද එදින ලක්මාතාව දෙදරා යන ශෝකි රාවයක් ගුවන් විදුලියෙන් ප්‍රචාරනය විය. ඒ වෙනකක් නොව රටේ බහුතර පිරිසකගේ හදවතේ ලැගුම් ගත් ඒ සිහින කුමරා ජනනායකයා කලාකරුවා වු විජය නම් සුවිශේෂි සහෘදයාගේ ඝාතනයයි.රටම එකවර මොහොතකට නිහඩ විය.කිසිවෙකුගෙ මුවින් වදනක් පිට නොවුනි,පහර ලද නිදිකුම්බා පත්‍ර සේ ජන හදවත් මොහො