Posts

Showing posts with the label බල්ලෙකුගෙ හදවත

බල්ලෙකුගෙ හදවත

Image
වල් බල්ලා....... පාරේ සිටින බල්ලෙකුට බොහෝ විට ජන වහරේ එන වචනයකි ඒ. නමුත් ඒ වල්බල්ලා ම ප්‍රස්තුතය කරගනිමින් යමෙකු හිතාගත නොහැකි ලෙස සමාජ,දේශපාලන,ආර්ථික පරිහානිය වැනි දෑ කතා කරන්නේනම් එය සුළු පටු වේද? "බල්ලෙකුගේ හදවත" (Heart of a Dog) වත්මනේ බොහෝ අය සමාජවාදය හෝ ධනවාදය අර්ථ දක්වමින් තම දේශපාලන මතය තහවුරු කිරීමට දරණ අප්‍රසන්න තැත දැක ගත හැක. තම පක්ෂ දේශපාලනයේ පක්ෂ මතය තහවුරු කිරීම වස් තම පක්ෂය දරණ ඕනෑම කුණුගොඩක් නිවැරදි බව ඇගවීමට කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරන නිහීන තැත අප දැක ඇත. බොහෝ විට සමාජවාදය ගැන සාකච්ඡාවේ ද සමාජවාදය පූර්ණ දෙව්ලොවක් මවන්නා සේ බොහෝ උන් ප්‍රලාප නගනා හැටි අප දැක ඇත. (සමාජවාදයේ ගත යුතු හොඳ දෑ බොහෝ ය.) එනමුදු එසේ මොරදෙන බොහෝ උන් සමාජවාදී ප්‍රතිපත්ති ගැන මොරදෙන්නේ ධනවාදයේ පහස ලබමින් හෝ ධනවාදයෙන් සියළු පහසුකම් ලබමින් ය. එසේත් නැතිනම් ධනවාදී රටක සියළු සැප විදිමින් මනෝරාජික සමාජවාදී තර්ක ලොවට හඬ ගා කියමින් ය. ඒවා පිළිගන්නා සමහර මධ්‍යම පාන්තිකයා නොදන්නා කමින් කඩේ යන්නේ එවැනි උන් ධනවාදී රටවල සියළු සැප විදිනා බව හෝ උන්ගේ දරුවන් ධනවාදී...