Why I Assassinat Mahatma Gandhi?
මහත්මා ගාන්ධි ---------------------------- ආසියාවේ පමණක් නොව ලොව ම හඳුනන සාමයේ දූතයා ඔහු ය...? නොබෙල් ත්‍යාගයට ද කිහිප වරක්ම නාම යොජනා විමට වරම් ලැබු බැවින් ද යුරෝපය ගාන්ධි චරිතය ඔසවා තැබූ බැවින් ද ජන මනසට බලහත්කාරයෙන් ලොව පහළ වු සාම දූතයා ලෙස ගාන්ධිව කා වද්දා ඇත. නමුදු එය සැබෑවක් ද? අපට අනුව එදා සිට ම නැත.මේ ගාන්ධි මරා දැමු මිනිසාගේ පාපොච්චාරණයෙන් ද එය මනාව පිළිබිඹු වේ. පුවත්පත් කතුවරයෙකු ව සිටි ඝාතක නතුරාම් ගොඩ්සේගේ පාපොච්චාරණය හුදෙක් පාපොච්චාරණයක් නොව මහා දේශපාලනික කියවීමකි. ඉන් මෙම ඝාතනය ද හුදු පුද්ගල මතවාදය ඔසවා දැමීමක් නොව මහා දේශපාලනික කතාවක එක් පිටුවක් බව ද පැහැදිලි වේ. එම පාපොච්චාරණය රජය විසින් ප්‍රසිද්ධ නොකෙරෙනු ද එනිසාවෙනි. එමෙන්ම මෙම ගොඩ්සේ, ගාන්ධි මරා දැමු පසු පලා නොයෑම, පිස්තෝලය අතැතිව පොලීසියට භාරවීම පමණක් නොව පොලීසිය නොසැලකිලිමත් ව පිස්තෝලය අතිනත යැවීමේ දී පොලීසිය අමතා එය ඔබ භාරයට ගන්න නැතිනම් කෙනෙකුගේ අත්වරදින් ඝාතනයක් සිදු විය හැකි බව පැවසීම...