Posts

Showing posts with the label බැමිණිතියාකාලය.

බැමිණිතිකාලය.

Image
පොතක් යනු මහා ධනස්කන්ධයකි.එමෙන්ම පොතක කතුවරයෙකු යනු පුර්ණ විඥ්ඥානයෙන් හෙබි අයෙකු යැයි පොදු මතයයි. ඒ අර්ධ විඥ්ඥානය සහිත  පාඨකයා ගේ විඥ්ඥානය අවදි කිරිමේ මහඟු කාර්‍ය්ය ඔවුන් සතු බැවිනි. නමුත් දැන් දැන් පොතක් එළි දක්වන්නේ පාඨක  විඥ්ඥානය අවදි කිරිමටද නැතිනම් " මමත් පොතක් කළා "යැයි සමාජයට හුවා දැක්වීමටදැයි සමහර පොත් කියවීමේදීි අපට හැඟේ  සාමාන්‍යයෙන් එවැනි පොත් නොකියවූවද කෙසේ හෝ මාගෙ පොත් එකතුවට එවැනි පොතක් එකතු වී ඇත. ඒ බැමිණිතියා කාලයයි. මෙය නවකතාවක්ද?නවකතාවක් නම් එහි නවකතාවකට අවැසි දැ අඩංගු විය යුතුය.භාෂාවද ඉන් ප්‍රධාන වේ. විශේෂයෙන් ඉතිහාස කතාවක්,  නවකතාවකට ප්‍රස්තුතය වු කල කතුවරයා ඒ පිළිබද මනා හැදෑරීමකින් හා  මනා දැනුමකින් යුතු විය යුතුය.  ඒ වසර ගණනක  දුර්භික්ෂ කාලය ලක් ඉතිහාසයේ සත්‍ය සිදුවිමකි.එය වංශකතාවල සඳහන් නිසා ජන මනස තුල මෙවන් කතාවක් කියවිමේදී නිසඟයෙන් පාඨකයා ඒ කාල වකවානුවට දිව යාම වලකා ලිය නොහැක. නමුදු මෙහි භාෂා ශෛලිය කිසිසේත්ම අනුරපුර යුගයට තියා නූතන ඉතිහාසයටවත් නොගැලපෙන බව එය  කියවන විට කාහටත් වැටහේ. වසභ සංග්‍රාමය වැනි පොත...