පුජ්‍ය ඕලන්දයේ ජිනවංශ හිමි.

වාසියට කට සොලවන රූකඩ බෞද්ධ මහනායකවරු සහ නාමික බෞද්ධයා. ============================================== ආගම මිනිසාගේ සාමය,සතුට,හික්මවීම,අධ්‍යාත්මක සුවය වැනි කරුණු නිසා ලොව පහළ වුවද මෙතෙක් ලොව වැඩි ම ලේ ගැලීම් සිදුව ඇතතේ ද සිදුවන්නේ ද ආගම මූලික කරගෙනය. ලොව අන්තවාදී මුසල්මානුවන් දරුණු ලෙස ලේ වගුරවද්දී එයට මුල පිරූ වතිකානුව ඇතුළු පෙර ක්‍රිස්තියානි ප්‍රජාව ද කුරුස යුදයේ නාමයෙන් ඇසට ඇසක් දතට දතක් යන න්‍යායෙන් එකල යුරෝපයේ ලේ ගංගා ගලායෑමට සැලැස්වු බවත් එයට එවක පාප්වහන්සේලා පවා මූලිකත්වය ගත් බවත් අප දනිමු. ලොව යුද්ධ හෝ ලේ වැගිරීම් අවම ලෙස සිදු කරනු ලබන්නේ බෞද්ධයන් සහ හින්දූන්ය. හින්දුන් පවා ඉන්දියාවේ සිදු කළ යම් යම් දෑ නිසා ලේ වැගිරීම් අවම තැනට බෞද්ධයන් පත්ව ඇත. නමුදු ලංකාවේ මෑත කාලයේ එය කණපිට පෙරළමින් බෞද්ධ අන්තවාදය ද හිස එසවු බව අප දනිමු. සතුරාට ද මෛත්‍රී කිරීමට ඉගැන්වු බුදු දහමේ යතිවරුන් බොදු බලසේනා වැනි සංවිධාන පිහිටුවා ගනිමින් අන්තවාදී අදහස් ජනතාව අතර පැතිරවු බව අප දනිමු. බේරුවල ඇති වු ගැටුමේ දී බෞද්ධ යැයි කියා ගන්නා පිරිස් එයට සහය දැක්වන බව හෙළි විය. ඩෑන් ප්‍රියසාද් වැනි කුක්කන්...