පුජ්‍ය ඕලන්දයේ ජිනවංශ හිමි.


 වාසියට කට සොලවන 

රූකඩ බෞද්ධ මහනායකවරු සහ නාමික බෞද්ධයා.

==============================================


ආගම මිනිසාගේ සාමය,සතුට,හික්මවීම,අධ්‍යාත්මක සුවය වැනි කරුණු නිසා ලොව පහළ වුවද මෙතෙක් ලොව වැඩි ම ලේ ගැලීම් සිදුව ඇතතේ ද සිදුවන්නේ ද ආගම මූලික කරගෙනය.


ලොව අන්තවාදී මුසල්මානුවන් දරුණු ලෙස ලේ වගුරවද්දී එයට මුල පිරූ වතිකානුව ඇතුළු පෙර ක්‍රිස්තියානි ප්‍රජාව ද කුරුස යුදයේ නාමයෙන් ඇසට ඇසක් දතට දතක් යන න්‍යායෙන් එකල යුරෝපයේ ලේ ගංගා ගලායෑමට සැලැස්වු බවත් එයට එවක පාප්වහන්සේලා පවා මූලිකත්වය ගත් බවත් අප දනිමු.


ලොව යුද්ධ හෝ ලේ වැගිරීම් අවම ලෙස සිදු කරනු ලබන්නේ බෞද්ධයන් සහ හින්දූන්ය. හින්දුන් පවා ඉන්දියාවේ සිදු කළ යම් යම් දෑ නිසා ලේ වැගිරීම් අවම තැනට බෞද්ධයන් පත්ව ඇත.


නමුදු ලංකාවේ මෑත කාලයේ එය කණපිට පෙරළමින් බෞද්ධ අන්තවාදය ද හිස එසවු බව අප දනිමු.


සතුරාට ද මෛත්‍රී කිරීමට ඉගැන්වු බුදු දහමේ යතිවරුන් බොදු බලසේනා වැනි සංවිධාන පිහිටුවා ගනිමින් අන්තවාදී අදහස් ජනතාව අතර පැතිරවු බව අප දනිමු.


බේරුවල ඇති වු ගැටුමේ දී බෞද්ධ යැයි කියා ගන්නා පිරිස් එයට සහය දැක්වන බව හෙළි විය. ඩෑන් ප්‍රියසාද් වැනි කුක්කන් බෞද්ධ සළුපිළි පොරවා ජාතිවාදි අදහස් වැපිරවීම, බදුර්දීන්ලාට මුස්ලිම් අන්තවාදි මත පැතරවීමට රුකුල් දුණි.


පෙර මුස්ලිම්වරු ද බෞද්ධයන්ද සහයෝගයෙන් සිටිය ද ප්‍රථමව සුද්දන් විසින් සිංහල මරක්කල ගැටුමක් 1918 වැනි ඈත අතීතයේ ඇති කර වාසි ගත් අතර එය පසුකාලිනව යම් දුරකට සමනය විය.


නමුදු මෑත කාලයේ පෙර නොවු විරූ ලෙස රාජපක්ෂ පාලන සමයේ මේ නැති බිල්ලෙකු මවා මුස්ලිම් විරෝධී රැළි,වද පෙති වැනි රැළි හරහා සිංහල, මුස්ලිම් ගැටුම් ඇති කළ අතර එය අන්තවාදී මුසල්මානුවන්ට මාලු බෑමට බොරදිය සකස් කර දීමක් විය.


අවසන ලොව කොහේවත් ඇති isis වැනි ජඩ මුස්ලිම් සංවිධානවල සහය ඇතිව ලාංකේය අන්තවාදී මුසල්මානුවන් අප්‍රේල් ප්‍රහාරය වැනි දෑ දියත් කර ජනතාව අමු අමුවේ ඝාතනය කල අතර බදුර්දීන්ලා ගස් කපා හුස්ම ගැනීමට තිබූ අයිතිය ද නැති කළහ.


මේ සියල්ලට සියලු දේශපාලකයන් නියම් හො අනියම් අයුරින් උඩගෙඩි දුන්නේ බලයට කෑදර කමිනි.


කරුණු එසේ තිබිය දී රටේ මුස්ලිම්වරු ද දෙමළ ජනයා ද තම ජාතිවාදි පක්ෂ නිර්මාණය කර තිබු නිසාදෝ බෞද්ධ නම් යොදා පක්ෂ පිහිටුවා හිමිවරු විසි තිස් ගණන් පොකුරු එකවර පාර්ලිමේන්තු ගිය හැටි අපට මතක ඇති අතර ඥානසාර හිමි වැනි අය බෞද්ධයන් ගැන කෑ මොර දෙද්දී රටේ බුදුවරු ද රහත්වරු ද පහළ වූ අතර නාග ලොවින් ධාතු ද වැඩම විය. 


රට මෙසේ යද්දී, දහම නැත්තට ම නැති වෙද්දී සමහර යතිවරු දහම, දහම සේ රැකගනු අපට දැක ගත හැකි විය 


විදෙස් යතිවරු ද අප රටේ ඇති බෞද්ධ පදනම නිසා ම මෙරටට ආදරය කළ අතර විදෙස් රටක යතිවරයාණන් කෙනෙකු වු ටිබෙට් ජාතික ඇස්. මහින්ද හිමි එකල රට ගැන කතා කරද්දී, පුජ්‍ය ඕලන්දේ ජිනවංශ වැනි යතිවරු මෙකල භාවනායෝගීව තම මනස දියුණු කරගනිමින් සිටිය හ.


"තමන් ජයගන්න. අනුන් ගැන නොව රියනක් පමණැති තමා ගැන සොයන්න." යන බුදු වදන් සිත් තබා ගෙන ජිනවංශ හිමියන් පිටිසර බඳව භාවනායෝගීව සිටින්නට ඇති.


කොළඹින් දුර බැහැර සිටීම පහසුවක් වන්නට ඇති නිසාවෙන් උන්වහන්සේ දුර බැහැරක වෙසෙද්දී  කොළඹ සුඛෝපභෝගී ජීවිත ගත කරන හිමිවරු රහත් ය,බුදු ය යැයි පවසමින් ද තව සමහරු ජාතිවාදී ගිනි පුපර වපුරවමින් ද ප්‍රසිද්ධ වූහ.


කුණු ම සොයනා මාධ්‍යය ද කුණු රසට ම ඇදුණෙන් එවන් හිමිවරු ප්‍රසිද්ධ කර විය.


අද වන විට ඕලන්ද හිමිනම අපවත් ව ඇත. නැත අපවත් කරවිය. අතපය ගැට ගසා ගලක් බඳ ගං පතුලේ සැගවී සිටියදි හමුව ඇත.


මෙය මිනී මැරුමක් බව පෙනි පෙනී තිබිය දී ම එම හිමි නම වැඩ විසූ සේනාසනය හිමි කොළඹ වජිරා රාමය වෙතින් නිකුත් කරන්න නිවේදනයේ සඳහන් වන්නේ මෙය සිය දිවි නසා ගැනීමක් බවයි.


ඒ ඕලන්ද හිමි නම විදෙස් හිමි නමක් නිසා ද නැතිනම් එයිනුත් යම් වාසියක් ලබා ගැනීමට දැයි අප නොදනිමු.


රෝගයකට පැණියක් සොයාගත් කල ද කවි ගී සිංදු සංවාද යන තැන් පවා නිහඬ ය. නිසල ය.


දේශපාලන සාටකයට යි, ටයි කෝට්වලට යි කට ඇරෙන මල්වතු, අස්ගිරිලා කුකුල් කැහුතු උගුරේ සිරවිදෝ  නිහඬය. නිසලය.


මිනීමරු කරුණා අම්මන්ලාට පිරිත් නූල් බඳින මහනායකලා නිහඬය. නර්ස් නෝනලාට මේස් කුට්ටම නොදුන්නත් කෑ මොර දෙන හිමි නම පෙන්න නැත.


පුරා විද්‍යා චක්ක්‍රවර්ති හිමි නම මන්ත්‍රී වැටුපෙන් සමාජ සේවය කරන නිසාදෝ මේවා නොපෙනෙයි. මේ අසල මුස්ලිම් ගමක් තිබුණානම් ඥාණසාර හිමි සිවුර කර තබා ගෙන ගෝල පිරිස් සමඟ එහි ගොස් ය.


දුමින්ද සිල්වා බේරා ගැනීමට මුදල් ගෙන ඇති නිසා සිංහල බෞද්ධ ඩෑන් ප්‍රියසාද් ද දුමින්ද වෙනුවෙන් කාර්යය බහුල වී ඇතිද?(මුදල් ගෙන ඇතැයි සැකයක් පමනි.ඔප්පු කිරිමට සාධක නැත.හැසිරිම නිසා එසේ සටහන් කලෙමි.)


කෙටියෙන්ම රටේ මහනායකවරු දේශපාලන වාසි තකා සසනිකව මේ ආත්මයේ සුඛිතව මුදිතව වැඩ විසීමට කැමති නිසා නිහඬ ය. නිසල ය.


දේශපාලකන් හෝ පක්ෂ ගැන කුමන කතා ද?

උන් හැන්දක් බීමට නියමිත පැණි,කෝප්ප ගණන් බී නිදි වඳිනවා ඇති.


සිංහල ඡන්දයෙන් පත් වුවා යැයි මහ චෛත්‍යය ඉදිරි පිට සිය ප්‍රථම දේශනය දී අත්සන් කර පෑන පෙට්ටියට දැමීමට තරම් සිහි බුද්ධිය තිබූ ජනපතිට මෙය අමතක වුයේ පෑන පෙට්ටියට දැමීම තරම්වත් මෙය වැදගත් නොමැති නිසා ද?


පුතාණෝ ද වැල් බයිලා ගසති. උන්දෑට මේවා නොපෙනෙති.

අනුරගේ කට මේවාට උල් වන්නේ ද නැතිද?

රනිල් වික්‍රමසිංහටනම් මේවා එදත් අදත් වගේ වගක් නැත.


සිහළ උරුම,නව සිහළ උරුම,බොදු බලසේනා පමණක් නොව ගම්මන්පිලලා චම්පිකලා ද පමණක් නොව,හෙළයෝ ද යක්කයෝ ද  ව, රාවණා පරපුරේ උන් ද මේ මරණයෙන් ගත හැකි වාසියක් නැති නිසාදෝ තවමත් නිහඬය.


ඉදිරියේ දී යම් වාසියක් දැක උඩු බුරාවිදැයි නොදනිතත් තවමනම් එසේ පෙනෙන්නට හෝ නැත.


අහෝ! රටක්, ආගමක්, ජාතියක් ගමන් ගත් තැනක්.


බුදු දහම අවසන් කල, අතේ කහ නූලක් බැඳි පිරිස් ඉතිරි වනු ඇතැයි බුදුන් වඳාලහ.


නමුදු බුදුන්ටත් ලංකාවේ උන් වරද්දා ඇත්දැයි සිතේ. දැනටමත් බුදු දහම නැති වී යන අතර කහ නූල් බඳින තාක් කල් බුදු දහම නොපවතිනු ඇත.


ධර්මයනම් දැනටමත් විකෘති කර අවසන්ව ඇති නිසා ධර්මය ගැන කතා කුමට ද?


පිහිටක් ඇති සරණක් නැති

මිනිසුන් ඇති සතුටක් නැති

මේ සසර දනවුවේ....

අපි අසරණ වෙලා වගේ 

හිතට දැනෙනවා 

බුදු හාමුදුරුවනේ.....


හඹලක් ඇති ඔරුවක් නැති 

සයුරක් ඇති වෙරළක් නැති

මේ සසර දනවුවේ....

අපි අසරණ වෙලා වගේ 

හිතට දැනෙනවා 

බුදු හාමුදුරුවනේ.....


නිවනක් නැති මිනිසුන් ඇති

ගමනක් ඇති බෙර සක් නැති

මේ සසර දනවුවේ....

අපි අසරණ වෙලා වගේ 

හිතට දැනෙනවා 

බුදු හාමුදුරුවනේ.....


ජය!


අරවින්ද රත්මල්ගම _____✍

12/12/20

Comments

  1. Issuing a press release about unsolved case is wrong/prejudice, could be even against the law. (you agree with that?) And the point is applicable for all others you are accusing here for not talking. They should not talk about things they don't know.

    Even you are pointing to a murder without proof (this is still 50/50) and Mahanayaka pointing to a suicide is also without proof. In this case you and Mahanayaka are same, without brains (LOL) Reply if you do not agree (Wijebahu)

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

බල්ලෙකුගෙ හදවත

පිරිමි නිරුවත.