අක්සාන්‍යා

හං හං හං...😂😂😂
ග්‍රිගොරි....,
ග්‍රිගොරිට කඩේ යන අරවින්ද...😂😂😂
තොපේ නියෝජනය පිරිමි සංහතිය ම ද බොල...!
නැත්නම් තොපේ ෆැන්ටසිය ද...?
අරවින්දලා දන්න ආදරේ...😂
රෙද්ද...!

උඹලට රෙද්ද ඉස්සුවම ඒක ආදරේ...
නෑ...මට නිදහස සොයා යන්න මාර්ගය බං ඒ...
මම කළේ ගණුදෙනුවක් බං...

පිරිමි තොපි සිහින ලෝකවල තියලා,
මම පස්සෙනුන් හිනා වුණ බව උඹල දන්නෑ බං...
ලෝකෙ වටේ කරක් ගහපු ග්‍රිගොරිට තියා
ඌට කඩේ යන අරවින්දයටවත් ඒක තෙරෙන්නෑ බං...

ගේ ඇතුලේ හිරවෙලා,
මගෙ මිනිහගෙ ලිංගික වහලියක් වෙලා,
උගේ වැඩයි ගෙදර වැඩයි කරලා,
නිදි ඇඳේ දි නරුම විදියට පියයුරු කඩා තලා පොඩි කරන,
මගෙ ගැහැණු ආත්මයම නැති කරන
මගෙ මිනිහා වෙච්ච ස්තෙපාන් අස්තකොව් නිසා
මම පිරිමි සංහතියට ම වෛර කරනව බං...

මට ඕනි ආදරයක් නෑ බොලං...
මට ඕනි නිදහස...ඔව් නිදහස...
ග්‍රිගොරි මට ඒ නිදහසට යන පාර විතරයි...
ඒක නැති කළ ග්‍රිගොරිවත් අත්හැරිය මං...
මගේ සැපතට ග්‍රිගොරි නැති කල,
යෙව්ගිනි ලිස්ට්නිට්ස්කි එක්කත් බුදිය ගත්තා මං...

උඹල හිතන්නේ ග්‍රිගොරිගෙ ප්‍රේමයට මම වහ වැටුණා කියල ද...?
ග්‍රෝගොරි මාව ඇල්ලුව කියල ද ...?
නෑ...තොපිට වැරදිලා බං...

සරාගික විද්‍යුත් චුම්බන ආකර්ශනයෙන්...
ඒ රාගික රෂ්මි විහිදුවමින්...
ග්‍රිගොරි හා යහන්ගත වුණේ...
ආදරයට නෙමේ බං ඌව අල්ලගන්න...
ඔව්... මම අල්ල ගත්තා...
මට සැනසීමත්, ඌට සදාකාලික වේදනාවත් මම හිමි කළේ නැද්ද බං...

පිරිමි තොපි හරි කුහකයි...!
ඒක මම මගෙ මිනිහගෙන් දැක්කේ...
මම ඒක ග්‍රිගොරි පිට ඇරිය එච්චරයි.
වෙන ඇති දෙයක් නෑ...

අනුන්ගේ ගැනියෙක්ගේ රෙද්ද අස්සේ
ප්‍රේමය හොයපු ග්‍රිගොරි...,
ගෑනුන්ගේ වචනවල ප්‍රේමය හොයපු උඹල හරි පව් බං...

මට ලාභයක් නැති තැන මුකුත් නෑ බං..
ආදරය ප්‍රේමය...
මොන විකාර ද බං...
හං හං හං...

ඒවා අරවින්දලගේ ෆැන්ටසි බං...

උන් සිහින ලෝකවල ඉන්නේ බං..
ආදරේ කන්න ද බං...
මට ඕනි නිදහස...නිදහස...
කිසිවක් නැති ආදරය...
තියලා වාඩිවෙයන්...

කිසිවක් නැති රෙද්දෙ ආදරේ බං...
ඔව්...මං අක්සාන්‍යා
--------------------

දොන් නදිය නිසලව ගලා බසී
මිහයිල් ෂෝලහොව්

ලියාලු විසල් සිව් වෙලුමක
කියවා හැඳින ඈ ගතු,
හකුලා අකුරු කළ මා....,

අරවින්ද රත්මල්ගම.

නුඹට ජය....අක්සින්‍යා !

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත