අනගාරික ධර්මපාල මාක්ස්වාදීද?

අනගාරික ධර්මපාල මාක්ස් වාදීද?

සෝවියට් දේශය මුල් කරගත්
සමාජවාදී කඳවුර විනාශ කරලීමෙන් පසු අද අධිරාජ්‍යවාදී බටහිර බලවතුන්ගේ ප්‍රධාන කාර්යය බවට පත් ව ඇත්තෙ තෙවන ලෝකය තුලින් මතුවන ජාතිකත්වය මුල්කරගත් ජාතික ව්‍යාපාර විනාශ කිරීමයි.

මෙයට ජාතිවාදි විෂ නැමති ටොපිය දේශපාලනය නමැති කොළයෙන් දවටා සරසා ජනතාව අතට දෙමින් ජනතාව මුලා කරමින් නව යටත් විජිතවාදි සංකල්පය සරුවට ඔවුන් කරගෙන යන බව පෙනෙන්නට ඇත.

ඔවුන්ට විරුද්ධ, යටත් නොවන තර්ජනයක් වන ඕනෑම රටක් විනාශ කිරීමට CIA එක හරහා ඇමෙරිකානු අධිරාජ්‍යයත් බටහිර අනෙක් බලවතුනුත් කිසිවිටෙකත් පසුබට නොවේ.

1991 වන විට සමාජවාදය හා ජාත්‍යන්තරවාදය බිඳ වැටුණ බවත් එයට මූලිකව රැසියන් ජනපති ඉත්තෙකු කර, ඇමෙරිකාවට රිසි ලෙස නටවා, 1918 ලෙනින් එක්කල සෝවියට් සමුහානණ්ඩුව විනාශ කළ සැටි අප දනිමු.

සමාජවාදි රටවල් පමණක් නොව මොහොමද් ගඩාෆි සාර්ථකව ගෙන ගිය ලිබියාව ඇමෙරිකානුවන් විනාශ කළේ ඒකපුද්ගල ආදායම ඉතා ඉහළ මට්ටමක පමණක් නොව ලොව ඉහළ ම සුභසාධන කටයුතු වන රටක් ව තිබිය දී බව අප දනිමු.

එදා ගඩාෆි මියගිය පුවත ඇසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් දෑඟිලි ඔසවා ජයග්‍රාහී සලකුණ පෙන්වා සිනාසුන සැටියෙන් ලොව ඔවුන්ගෙ අල්ලේ නැටවිය හැකි බව නොවේ ද පවසා සිටියේ.

ලොව කරුණු කාරණා කෙසේ වුව ද ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය වාමාංශික වුවා පමණක් නොව බල ලොභීව පක්ෂ කඩා බිඳි නොගියේනම් එදා D.S සේනානායකයන් ප්‍රමුඛව එජාපය ලංකාවට ගත් නිදහස බොහෝ විට වාම බලවේගයක් අතට පත්වන්නට තිබුණි.

නමුදු 1956 වන විට ලක් වැසියන් වම ගැන කලකිරි සිටිය ද පැය 24 න් රාජ්‍ය භාෂාව සිංහල භාෂාව කරනා බවට ත් බෞද්ධාගම ප්‍රධාන ආගම බවට පත් කරන බවට ත් පැවසු සිංහල හරි හැටි වත් කතා කරගත නොහැකිව සිටි බණ්ඩාරනායකයන් හට බලය ලබා දුන්නේ ඇයි ?

ගුණදාස අමරසේකර......

1977 ජනපතිවරණයෙන් ද 1982 ජනමත වචාරනයෙන් ද අන්ධකාරයේ ප්‍රපාතයට වැටි සිටි රටට යම් අරමුණක් ලබා දිය හැකි වු මහා විද්වතෙකි.

ජාතිවාදි අදහස් සහ අන්තවාදි අදහස් ඇතැයි යම් යම් අයගේ විවේචන තිබුණ ද,පැරණි මෙන්ම නව වම අදහස් ගැන ද කලකිරී සිටි ලාංකීය ජනතාවට යම් බලාපොරොත්තුවක හිරු කිරණක් ලබා දිය හැකිවු මහා විද්වතෙකි.

ජාතික චින්තනයක් ගැන කතා කරමින් මාක්ස් වාදයට නව අර්ථකතන ලබා දෙමින් ජ.වි.පෙ දෙවනි කැරැල්ලට ආසන්න සමයේ සහ එසමයේ මංමුලා වු බොහෝ තරුණයන් යම් අරමුණක් කරා මෙහෙය වු විද්වතෙකි.

එතුමා විසින් රචිත...

" අනගාරික ධර්මපාල මාක්ස්වාදී ද? "

නම් වු කෘතියේ ද ජාතික චින්තනය ගැන කතා කොට ඇති බව ඉතිං කිව යුතුද?

එතුමා විසින් ඉහත මා සඳහන් කළ 56 පෙරලළිය තුල ජනතාව බණ්ඩාරනායකයන්ට බලය ලබා දුන්නා නොව එය ධර්මපාල මෙහෙයුමේ එක් කොටසක් බව ද පහදා දී ඒවාට පිළිතුරු දී ඇත.

යම් තැනක ධර්මපාලයන්ට වැරදුණේ ඇයි ද යන්න සාකච්ඡාවට බදුන්කරමින් ද? ධර්මපාලන්ගේ අනාගත දැක්ම ගැන ද මනා විචාරයක යෙදෙයි.

මෙතුමාගේ ජාතික චින්තන පදනම ද සිංහල බෞද්ධ නිසාත්,ධර්මපාලයන්ගේ සටන ද සිංහල බෞද්ධ රාජ්‍යයක් කරා ගමන් කිරීම නිසාත් බොහෝ තැන් ධර්මපාලයන් ඉතා නිරවද්‍ය කොට නිබන්ධනාත්මක සටහන් තබා ඇත.

නමුදු සමහර කරුණු හා එකඟ විය  නොහැකි අවස්ථා ද ඇත.බුදු දහම සහ මාක්ස් වාදය සමාන කර දැක්වීමට මෙතුමා යොදා ඇති උත්සහය එවන් තැනකි.

ධර්මපාලයන් මාක්ස් වාදයේ පිහිට නොපතා වෙනම මගක ගමන් කිරීම ගැන මෙතුමා පවසන සමහර තැන් ද එකග විය නොහැක.

මන්ද මාක්ස් වාදය බොහෝ විට ලංකාවෙන් බ්‍රිතාන්‍ය වැනි රටක අධ්‍යාපනය ලබා මෙරට ට පැමිණි උන් තම තත්වය ආරක්ෂා කර ගැනීමට අනුගමනය කල ක්‍රියා පිළිවෙතක් බව අප දනිමු.

ධර්මපාලයන් එසේ නොගිය අතර ඔහු මාක්ස් වාදය හරිහැටි නොදත්තාදැයි මා හට පුද්ගලිකව සිතෙනා කාරණාවකි.

එමෙන්ම අශෝක අධිරාජයා ධර්මානුකූලව ලක් රජය යටත් විජිතයක් කල බව මාගේ අදහස යි.(එය බොහෝ විද්වතුන් පවා පවසා ඇත.)

එසේ තිබිය දී ධර්මපාලයන් ලංකාව සහ ඉන්දියාව අශෝක අධිරජ කල මෙන් එකතුකිරීමට පැවසු මනෝරාජික කතා පවා පැසසීම සුදුසු ද යන්න පාඨකයාට නැඟෙන තවත් ප්‍රශ්නයකි.

එවැනි එකඟ විය හැකි සහ නොහැකි තැන් ද පාඨකයාට අලුතින් සිතිමට ද යමක් ඇතුල් කරමින් පාඨකයාට තර්ක කිරීමට අවස්ථාවක් ද ලබා දීම නම් මෙම කුඩා පොත් පිංචේ මනාවට සිදු කර ඇත.

කෙසේ වෙතත් යමක් අලුතෙන් සිතිය යුතු නව දර්ශනයක් ගැන පාඨක මනසට කොළ එළියක් ලබා දෙන මාක්සිවාදය ගැන ද නව අර්ථකතන නව සහ සාර්ථක අදහස් ලබා දෙන අති සාර්ථක පොතකි.

විශේෂිත ම කරුණ ධර්මපාලයන් මාක්ස් වාදි ද?

ඒ පැනයට පිළිතුරු නොදි පාඨකයාට බලෙන් තම අදහස පොවනවා වෙනුවට කරුණු ඉදිරිපත් කර ඇත්තේ ස්වයං අදහසක් ලබා ගැනීමට මෙනි.

එබැවින් ධර්මපාල මාක්ස්වාදි ද නැද්ද යන්න පාඨකයා ම තම තර්ක බුද්ධියෙන් විමසාලීමට පොළඹවන සාර්ථක පොතක් ලෙස හැඳින්විය හැක.

ගුණදාස අමරසේකරයන්ගේ අනෙකුත් පොත් මෙන්ම මෙම පොත ද සංවාදානාත්මක පොතක් ලෙස සටහන් තැබිය හැක.

ජය !

✍️ අරවින්ද රත්මල්ගම.

Comments

  1. මෙම පොත සංවාදාත්මක පොතක්.මං දකින්නේ අනගාරික ධර්මපාලතුමා මාක්ස්වාදියෙක් නෙවෙයි.යම් යම් මාක්ස්වාදි ලක්ෂණ ප්‍රකට උනත් මාක්ස්වාදියෙක් නෙවෙයි.අනගාරික ධර්මපාලතුමා සිංහල බුද්ධ රාජ්‍යකට හීන දැකපු කෙනෙක්.
    ගුණදාස අමරසේකරයන් ගේ ප්‍රයත්නය අපට එවැනි ප්‍රශ්නයක් යොමු කිරීමනම් මං කියන්නෙ අනගාරිකතුමා මාක්ස්වාදියෙක් නෙවෙයි

    - නිල්මිණි වීරරත්න -

    ReplyDelete
    Replies
    1. ස්තුතිය ඔබට,හොද දැක්මක්...ජය..

      Delete
  2. නොකියූ පොතක් ගැන වගක් කීමට බෑ...
    ඔබේ මේ පෙරඅපර ගලපා ලිවීම,ඇත්තටම ධර්මපාලයන් මාක්ස්වාදී දැයි දැන ගන්නට කුහුලක් ඇති කරනවා.

    ඔබට ජය!

    ReplyDelete
  3. මම මේ පොත කියවලා නෑ.ගන්න පුළුවන් තැනක් පිළිබඳව දැනුවත් කරනවා නම් වටිනවා.කොහොම උණත් ධර්මපාලතුමා මාක්ස්වාදියෙක් නම් නෙවෙයි.හැබැයි බුදු දහමේ තියෙන ඇතැම් කරුණු මාක්ස්වායට ළඟින් යන නිසා බුදු දහම සරලව පැහැදිලි කිරීමේදීත් මාක්ස්වාදය සරලව පැහැදිලි කිරීමේදීත් සමාන ලක්ෂණ පෙන්නුම් කරනවා.අන්න ඒ ලක්ෂණ යොදා ගන්න පුළුවන් ලංකාවේ මිනිස්සුන්ගේ ඔලුවල තියෙන බෞද්ධ ලාටු මත මාක්ස්වාදී ලාටු තැවරීම පහසු කරවා ගැනීමට.ගුණදාස අමරසේකර කරලා තියෙන්නේ ඒකයි කියලා මම හිතනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඔබේ සටහනට,මේ පොත මම ගත්තෙනම් සරසවි නුගේගොඩ.හැබැයි අරගෙන දැන් අවුරුද්දකට වැඩි.

      Delete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත