ඉතාලියෙත් කොරොනා.

ඉතාලියෙත් කොරොනා...

ලෝක ඉතිහාසයේ වරින් වර රෝග බිය වසංගත ආදිය පැතිර බොහෝ මිනිසුන් මියයන්නේ, ස්වභාදහම විසින් ම අධික ජනගහනය පාලනයට යොදන උපායක් ලෙස දැයි මට සිතේ.

නමුදු කොරොනා යනු සොබාදම් රීතියට පටහැනි වූ නිහීන මිනිස් ක්‍රියාකාරකමක අනිසි ඵලයක් ලෙස සැක සංකාවන් ද වේ.

කෙසේ වුවත් කිසිඳු රෝගයක් වැළදෙනවාට කිසිවෙකුත් අකමැති වේ.එයත් නිසි ඖෂධයක් නොමැති රෝගයකට, වසංගතයකට ගොදුරු වීමට කිසිවෙකුත් කැමති නොවේ.

කවුරු කැමති අකමැති වුවද චීනයෙන් ආරම්භ වු කොරොනා වෛරසය අද වන විට ලොව වෙනත් රටවලට පැතිර ඇති අතර ඉන් ඉදිරියෙන් ම ඉතාලිය සටහන්ව ඇත්තේ ආසාධිතයන් ගණන ඉහළ යමිනි.

ප්‍රථමවරට චීන ජාතිකයෙකු හැර තම ජාතිකයෙක් මියයෑමේ වාර්තාවට ද ඉතාලිය හිමිකම් කීම නිසා ලොව සියල්ලන්ගේ ම අවධානය ඉතාලිය වෙත යොමුව ඇත.

ඉතාලිය යනු ශ්‍රි ලාංකිකකයන් විශාල පිරිසක් රැකියාවේ නියුතු රටකි.නිල වශයෙන් එය 150000 (ලක්ෂ එකහමාරක්) යැයි පැවසුව ද ගණන ඊට වැඩි විය හැක්කේ මුහුදු මාර්ග හෝ වෙනත් මාර්ග ඔස්සේ ඉතාලියට තම සිහින සැබෑ කරගැනීමට පැමිණි පිරිස් නිසාවෙනි.

තත්වය එසේ තිබිදී මෙම වෛරසය හේතුවෙන් ඉතාලියේ සේවා නියුක්තිකයන්ගේ ලංකාවාසී  දෙමව්පියන්, බිරින්දෑවරුන්, දුවා දරුවන්, පෙම්වතියන්, නෑ හිතමිත්‍රාදීන් බියෙන් බියට පත්ව ඇත.

ඉතාලියේ සිටින මාගේ මෙන්ම මා මිත්‍ර සහෘර්දයන්ගේ ද ලංකාවාසී නෑසියන්, ප්‍රේමවන්තියන්ගේ බියමුසු හැඬුම් වැළපුම් මා ද අසා සිටිනුයේ දැඩි සංවේගයෙනි.

නමුදු කලක් මුහුණුපොතේ නොමැතිව හදිසියේ මා මෙසේ පැමිණියේ ම එම සියල්ලන් හටත් යම් පණිවිඩයක් තැබීම මා යුතුකම නිසාත් යම් කරදරයකට අප සහෝදර සහෝදරියන් පත්ව සිටිය දී අප යුතුකම පැහැර හැරිය නොහැකි නිසාත් ය.

ලංකාවේ වෙසෙන ඔබගේ සමීපතමයෙකු ඉතාලියෙහි වෙසෙයිනම් ප්‍රථමයෙන් කිව යුතුව ඇත්තේ අනිසි බිය පහකරගන්නා ලෙසයි.

ඉතාලිය යුරෝපා සංගමයේ රටකි. එවන් දියුණු රටක, රෝග නිරෝධනය උපරිමයෙන් සිදුකරන බව කිව යුතු නොවේ.

එමෙන්ම දැනට ඉතාලියේ රතු ප්‍රදේශ ලෙස නම් කර ඇති පළාත් හැර අනෙක් පළාත්වල වැඩකටයුතු සාමාන්‍ය ලෙස සිදු වෙමින් පවති.

දැනට මිය ගොස් සිටින අඩු ම වයස ඇති පුද්ගලයාගේ වයස අවු.62 වන අතර ඔහු වෙනත් අසනීප ත්ත්වයකින් ද පෙර සිට ම  පීඩා විදි අයෙකි.එබැවින් අනිසි බියක් ඇතිකරගත යුතු නැති අතර මෙතෙක් කිසිඳු ලාංකිකයෙකුට කිසිඳු හානියක් වාර්තාවී ද නොමැත.

එබැවින් ඉතාලියේ සේවා නියුක්තිකයන්ගේ ලංකාවේ වෙසෙන කිසිවෙකුටත් අනිසි බියක් ඇති කර නොගත හැකිය.

දැනට රෝග නිරෝධනය ඉතා වේගයෙන් සහ ඉතා සාර්ථකව සිදු වෙමින් ද පවති.ඉහත සඳහන් කළ පරිදි රතු පළාත් ලෙස නම් කර නැති පළාත්වල අය හට දැනට කිසිඳු  තර්ජනයක් ද නොමැති බව මෙසේ සටහන් තබමි.

ජය !
අරවින්ද රත්මල්ගම.

Comments

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත