ඌරන්ගෙන් ප්‍රවේශම් වන්න..!!!

ඌරන්ගෙන් ප්‍රවේශම්වන්න...!!!


සන්නස්ගල හා තිස්ස යනු දේශපාලනය කෙසේ වෙතත් රට ට වැඩැති පුරවැසියන් සුවිශාල වූ තරමින් බිහි කළ සාර්ථක ගුරු පියවරුන් දෙපලක් ලෙස සැලකිය හැක.

සන්නස්ගලයන් පුද්ගලික පන්ති හරහා සිංහලයේ හැරවුම් ලක්ෂයක් වූ කල, තිස්ස ජනනායකයන් ද විද්‍යාව නවමු මුහුණුවරකින් ජනගත කරමින්‍ සිසු දරුවන් අතර ජනප්‍රිය වූ ගුරුවරයෙකි.

දෙදෙනාටම සමාජයේ ගෞරවාදරය දැඩිව හිමි වූ අතර තම ගෝලයන්ට දෙවියන් හා සමාන වූවන් ද විය.ඕනෑම දක්ෂ ගුරුවරයෙකුගේ වදන් සිසු දරුවන්ට දේව වාක්‍යය හා සමාන බව කිව යුතු නොවේ.

දේශපාලනිකව සන්නස්ගලයන් එදා එ.ජා.ප ට පක්ෂ වූව ද අද එය වෙනස් කර වෙනත් දේශපාලන මතයක එල්ඹ සිටින අතර,තිස්ස ජනනායකයන් පවතින ආණ්ඩුවට කඩේ යමින් සිටී.නමුදු ඒ ඔවුන්ගේ පුද්ගලික කැමැත්ත සහ ඔවුන්ගේ දැක්මන් ය.

දෙදෙනාටම දේශපාලනිකව සමාජයේ යම් අපකීර්තියක් විවේචනයක් ලැබුණ ද ඔවුන් ගුරුවරුන් ලෙස ලබා ගත් ගෞරවයත් කීර්ති නාමයක් සමාජය තුල කිදා බැස ඇත්තකි.(දේශපාලනය නිසා පළිඳු වු තැන් නැතුවා ද නොවේ.)

නමුත් දෙදෙනාම රට ට යම් සැලකිය යුතු මෙහෙවරක් කළ සහ තව දුරටත් කළ හැකි උගතුන් බව නොරහසකි.

ඉරාජ් යනු දක්ෂ ව්‍යපාරිකයෙකි.රටේ සමාජ මාධ්‍ය තම අත දරා, රටේ තාරුණ්‍යයේ මතය යම් තරමකට වෙනස් කිරීමට යම් හැකියාවක් ඇති අයෙකි.

පවතින ආණ්ඩුවට කඩේ යමින් ආණ්ඩුවට විරෝධි උන් හට මඩ ගසමින් රටේ ජනප්‍රිය චරිත  හෑල්ලුවට ලක්කරමින් වුව හෝ මුදල් ඉපයීමටනම් අති ශූරයෙකි.

එමෙන්ම අපකීර්තිමත් යම් සමාජ ජාලා ක්‍රියාකාරකම්, ගීත වැනි දෑ නිසා සමාජයේ විවේචනයට සහ පිළිකුලට ලක් වුව ද සමාජ මතය කුමක් වුවත් තම වාසියට ඕනෑම කුණු ගොඩකට අත ගසන පුද්ගලයෙකි.

සන්නස්ගල හා තිස්සයන් අතර ගැටුම ද එසේමය. එය ඔවුන් දෙදෙනා විසින් විසදා ගන්නේනම් සාමකාමීව විසඳෙනු ඇත.මන්ද දෙදෙනාම උගත් අය නිසාවෙනි.

නමුදු දැන් මේ තුන්වෙනි පාර්ශවයක් අත ගසා ප්‍රශ්නයට කුණු ගඳක් ලබා දී ඇත.

එය ද ඉරාජ් වැනි අසුචි නාගත්, අනුනට මඩ ගැසීම වෘර්තීය කරගත් අයෙකු අතට යාම තුල තත්වය තව තවත් කුණු වෙනු ඇත.

සාමකාමීව විසදිය හැකි ප්‍රශ්නය තුන්වැනි පාර්ශවයක් අතට ගොස් ප්‍රශ්නය විසදනවා වෙනුවට එය තව තවත් ජරාජීර්ණ වෙමින් ඔඩු දුවමින් ඇත.

ඉරාජ්ලා ඌරන් ය. ඕනෑම අසුචි ගොඩක ගඳ ඔවුන්ට නොදැනෙනු ඇත.සිංහයන් බදු ගුරුවරුන් මැදට පැන දෙදෙනාටම මඩ ගසා ඒ දෙදෙනාම ගඳ ගස්සවා සිංහයන් ද ඌරාගේ තත්වයට පත් කරනු ඇත.

තමා වැටුණුවලට අනෙකා ඇඳ දැමීම සාමන්‍යකරණය වෙමින් ඉරාජ් තම වලට මේ උගතුන් දෙදෙනාව ඇඳ දමා ඇත.

අද තිස්ස ජනනායකයන් හට ඉරාජ් ඉටු දෙවියෙකු ලෙස පෙනෙනු ඇත.

නමුදු මතු දිනෙක තමාව ඇඳ දැමුයේ පතුල නොපෙනෙන මහා අගාධයකට බව වැටහෙනු ඇත.
සන්නස්ගලයන්,තිස්සයන් අද නැතත් මතු දිනෙක සමාකාමි මිත්‍රයන් වනු ඇත.

නමුදු ඒ වන තුරු ඉරාජ් තම තනිය මකාලීමට තිස්ස ජනනායක සහ සන්නස්ගලයන් බයිට් එකට ගනු ඇත.

හොඳම දේ ප්‍රශ්නයට අදාල දෙදෙනා ප්‍රශ්නය විසදා ගැනිම නොවේ ද..

ඕනෑම ප්‍රශ්නයක් අදාල උන් විසදගන්නවා වෙනුවට ඌරන් අතට පත් කිරීමෙන් වන හනියට මෙයටත් වඩා වෙනත් උදාහරණ තවත් රට ට හෝ අපට අවැසි ද?

මුහුණු පොත තුල තිස්ස ජනනායකයන්ට වඩා ක්‍රියාකාරීව සන්නස්ගලයන් සිටින බැවින් තිස්ස ජනනායකයන්ට අවාසි වනු ඇත.

පොහොර දමන උන් තප්පුලමින් දෙපසට මඩ විසි කරනු ඇත.අවසන දෙදෙනා මෙය වටහා නොගත හොත් දෙදෙනාම පරජය වී මඩ ගසන උන් කෙටි කාලීනව ජය ගනු ඇත.

නමුදු දිනක සත්‍යය ජය ගන්නවාම ය.ඔවුන් දෙදෙනා එක් වන බවනම් මට සක් සුදක් සේ පැහැදිලි ය.

මන්ද පිට උන් නොදකිනා නොදන්නා සමානකම් දෙදෙනාටම ඇති නිසාවෙන් සහ දෙදෙනාම උගත් පුද්ගලයන් හෙයිනි.

ඌරන්ගෙන් ප්‍රවේසම්වන්න. නැත්නම් ඔබ ද අසුචි ගඳ ගසන ඌරන්ගේ තත්වයට ම වැටෙනු නොඅනුමානය.

මන්ද ඌරන්ට අවැසි කාගෙ හෝ ප්‍රශ්න මැදට පැන මඩ ගසා විසදීමට නියමිත ප්‍රශ්නය වනසා තමාගේ ගොඩට සිංහයන්ව ද ඇද දැමීම ය.

සමාජ මාධ්‍ය ජාලා, ඕනෑම කෙනෙකුට ඕනෑ හැටියට අකුරු කෙටිය හැකි තැනකි.නූගතුන් මඩ ගසනු ඇත.නමුදු සන්නස්ගලයන්, තිස්සයන් වැනි සමාජයේ පිළිගැනීමක් ඇති උගතුන් ඒවා දෙස නිසොල්මන්ව බලා සිට තම ප්‍රශ්නය විසදා ගන්නවානම් එය ඔවුන්ගේ ගෞරවය තව තවත් ඉහළ යන, සමාජයට ආදර්ශමත් ලෙසින් ප්‍රශ්න විසදන අය වීම කිසිදා කාටනම් වලකාලිය හැකි ද ?

ජය !

අරවින්ද රත්මල්ගම_______✍️

Comments

  1. උබ සන්නස්ගලගෙ ගංජා පොට් එකේ කස්ටමර් කෙනෙක් නේද ?

    ReplyDelete
    Replies
    1. එහෙම එකක් ම් ලිපියෙන් පෙනෙනවද...මම හිතන්නෑ..මහත්මයා..

      Delete
  2. I don't know much about Tissa, but Iraj and Sann is same (pigs)

    ReplyDelete
    Replies
    1. දේශපාලනිකව බැලුවොත්නම් ඇත්තෙන්ම තිදනාටම එසේ ආමන්ත්‍රනය කල හැකියි.නමුත් මා මෙහි දේශපාලනයට වඩා ඉරාජ්ගෙ භුමිකාවේ ඇති පිළිකුල් සහගත ක්‍රියාවත්,සමාජයේ දෙදෙනෙකුගෙ ප්‍රශ්ණයක් මැදට පනින සමහරු ප්‍රශ්ණය විසදන මුවාවෙන් පටු ලාභ ලබන ආකාරයත් ගැනයි උලුප්පා දක්වන්ට අවශ්‍ය උනේ

      Delete
  3. කල දුටු කල වළ ඉහ මඩ ගා, කෑම හෙවත් ඉරාජ්ගේ මාකටිං...😬

    ReplyDelete
    Replies
    1. සමාජයේ බොහො උන් එසේමැයි..

      Delete
  4. ජනනායක සර්ලගෙ දැක්ම හරි, රට ගැන හිතල කරන කියන දේවල්, ඕනෙම කෙනෙක්ට තමන්ගෙ මතේ රට ගැන හිතල කියන්න අයිතිය තියනව, තිස්ස සර්ල වගේ අයට කොහොමත් තියනව, මොකද බුද්ධිමතුන්, ඒත් ඒ බුද්ධිමතුන් කියන්නෙ මොකද්ද කියල තේරුන් ගන්න සමහර අයට බුද්ධිය මදි.😥

    ReplyDelete
    Replies
    1. ඔව්..මේ බොරදියෙ මාළු බාන්න දගලන සමහරු නිසා තමයි අනවශ්‍ය ප්‍රශ්ණ..

      Delete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත