Why I Assassinat Mahatma Gandhi?

මහත්මා ගාන්ධි
----------------------------

    ආසියාවේ පමණක් නොව ලොව ම හඳුනන සාමයේ දූතයා ඔහු ය...?

    නොබෙල් ත්‍යාගයට ද කිහිප වරක්ම නාම යොජනා විමට වරම් ලැබු බැවින් ද යුරෝපය ගාන්ධි චරිතය ඔසවා තැබූ බැවින් ද ජන මනසට බලහත්කාරයෙන් ලොව පහළ වු සාම දූතයා ලෙස ගාන්ධිව කා වද්දා ඇත.

    නමුදු එය සැබෑවක් ද?

    අපට අනුව එදා සිට ම නැත.මේ ගාන්ධි මරා දැමු මිනිසාගේ පාපොච්චාරණයෙන් ද එය මනාව පිළිබිඹු වේ.

    පුවත්පත් කතුවරයෙකු ව සිටි ඝාතක නතුරාම් ගොඩ්සේගේ පාපොච්චාරණය හුදෙක් පාපොච්චාරණයක් නොව මහා දේශපාලනික කියවීමකි.

   ඉන් මෙම ඝාතනය ද හුදු පුද්ගල මතවාදය ඔසවා දැමීමක් නොව මහා දේශපාලනික කතාවක එක් පිටුවක් බව ද පැහැදිලි වේ.

    එම පාපොච්චාරණය රජය විසින් ප්‍රසිද්ධ නොකෙරෙනු ද එනිසාවෙනි.

    එමෙන්ම මෙම ගොඩ්සේ, ගාන්ධි මරා දැමු පසු පලා නොයෑම, පිස්තෝලය අතැතිව පොලීසියට භාරවීම පමණක් නොව පොලීසිය නොසැලකිලිමත් ව පිස්තෝලය අතිනත යැවීමේ දී පොලීසිය අමතා එය ඔබ භාරයට ගන්න නැතිනම් කෙනෙකුගේ අත්වරදින් ඝාතනයක් සිදු විය හැකි බව පැවසීමෙන් ඔහු මනා සිහි බුද්ධියෙන් මෙම ඝාතනය සිදු කළ බව පෙනේ.

     එමෙන්ම ඔහු ගාන්ධි ඝාතනය ප්‍රතික්ෂේප කළේ ද නැත. එය තමන් තනිව සිදු කළ දේශපාලන ඝාතනයක් බව පැවසුවා පමණක් නොව තීන්දුවට එරෙහිව අභියාචනා ද ඉදිරිපත් නොකළේ ය.

    එමෙන් ම එදා ඔහුගේ පාපොච්චාරණය අනාගත අනාවැකියකි.එය ඉන්දියාවට පමණක් නොව අද ලංකාවේ ද දේශපාලන මුහුණුවර බව අපට හැඟේ.

    එදා ගාන්ධි ඝාතනය කරන විට ඔහුට වන අපකීර්තිය මෙන්ම තමා මරණයට පත්වන බව ගොඩ්සේ මනාව දැන සිටි බව ඔහුගෙ පාපොච්චාරණ මඟින් පිලිබිඹු වේ.

    එකල ගාන්ධි විවේචනය එම ඝාතනයේ සැකකරුවෙකුවීමට හේතු විය හැකි වාතාවරණයක කිසිවෙකු ඔහු විවේචනය නොකළ ද දැන් එය සිදු වෙමින් පවති.

    මා ද දැඩි ලෙස ගාන්ධි එදා සිට විවේචනය කළ අයෙක්මි.

    ඒ ගාන්ධිගෙ සාම ක්‍ර‍යාවලිය නොව ඔහුගේ රට දෙකඩ කිරීම, බටහිර ගැති ක්‍රමය, දුප්පතා දුප්පතා ලෙස ම මිය යාමට නැතිනම් පීඩිතයා පීඩිතයෙකු ලෙස ම ජීවත්වීමට ගාන්ධි අනුබල දීම නායකත්ව උමතුව නිසා තම රට ජාතිය බිල්ලට දීම,බ්‍රහ්මචාරය ලොවට කියාපාමින් විකෘති ලිංගික ආශා ඉටු කරගැනීම වැනි ප්‍රතිපත්තියක් නොමැති කාරණා නිසාවෙනි.

    නමුදු ගාන්ධිගෙන් වූ සේවය ද අප අගය කරන්නෙමු. ගාන්ධි ඉන්දියානු නිදහස් අරගලයේ පියා ලෙස හැඳින්වුව ද එය මුසාවකි.

ලෝකමාන්‍ය තිලක්ගෙ මරණය නිසාත්, එකල සුප්‍රසිද්ධ නායකයෙකු නොසිටි නිසාත් ,ජනතාව ගාන්ධිට ගෞරව කළ නිසාත්,කොංග්‍රසයෙ සහය ඒ වන විට ගාන්ධිට හිමි වු නිසාත් ඉදියානු නිදහස් සටනෙ කිරුළ පෙර පිනකට තම හිස මත කඩා වැටුන බව ඉදියානු නිදහස් සටනත් ගාන්ධි චරිතයත් සියුම්ව හදාරන්නෙකුට මනාව අවබෝධ වේ.

    නමුදු ගාන්ධිටත් වඩා එම ගෞරවය ලෝකමාන්‍ය තිලක්, සුභාෂ් චන්ද්‍රබොස් වැන්න උන්ට ලැබිය යුතුය.

    හිටුලර්ගෙන් පවා නම්බුනාම ලැබු සුභාෂ් චන්ද්‍රබොස්ලාගේ නාමය ගාන්ධි ඇතුලු කොන්ග්‍රසය හිතා මතා වල පල්ලට යැවු බව ඉතිහාසය මනාව දත් අය හට නොරහසකි.

     ගාන්ධි නිදහස් අරගලයේ පියා නොව රට දෙකඩ කිරීමේ පියා බව අප ද නිතර පවසා ඇත.

     ගාන්ධි දකුණු අප්‍රිකාවේ දී සේවයක් කළ බව සැබෑවකි. ඒ එදා හිංදු මුස්ලිම්වරුන්ට අප්‍රිකාවේ දී මානුෂීය අයිතිය ප්‍රධාන අවශ්‍යතාවය වු නිසා ය.

     ඒ කළ සේවයට ගාන්ධිට ඉන්දියාවේ පිළිගැනීමක් ඇති වු නිසාවෙන් ගාන්ධි එම ක්‍රියාවලිය ඉන්දියාවට ආදේශ කිරීමට ගොස් ඇණගත්තාදැයි මා නිතර සිතූ දෙයකි.

    ගාන්ධි නීතිඥයෙකු වුව ද උසාවිය තුළ නඩුවකට පෙනි සිට කතා කරගත නොහැකිව ගොළු වු චරිතයකි.

    උසාවියේ සිටි පිරිසගේ හිනාවට, සමචිචලයට ලක්වු කුලෑටි මිනිසෙකු තමපෞරුෂය අප්‍රිකාවේ දී ගොඩ නගාගත්තා නොව ඔහුගේ වෘර්තීය හරහා පොදු ජනයා ඔහුව පෙළඹා ලූ බවත් පසුව ගාන්ධි ඉන් ඵල නෙලා ගත් බවත් අප හැඟීමයි.

     නිතර චර්කය සහ රෙදි කඩ පැළදීමෙන් ගාන්ධි ඉන්දියාවට කළ සේවයක් නැත.දවස පුරා චර්කයෙන් රෙදි විවීම මත ඉන්දියාවේ රෙදි අවශ්‍යතාවයෙන් සියයට 10 ක් වත් පුර්ණ කළ නොහැකි විය.

     ගාන්ධි රෙදි කඩ ඇඳ දුප්පතාට කීවේ උඹලත් මෙහෙම ඉදපන් කියා ද?

    එහි අර්ථය පීඩිතයා පීඩිත භාවයෙන් ම දුප්පත්කමින් ම මිය යා යුත් බව ද?

මෙසේ ඇඳ සිටිය ද ගාන්ධි කාමභෝගි මිනිසෙකි.එයට ඔහු භාවිතා කළ නිවස ද හොඳ උදාහරණයකි.

     මිනිසා ලිංගික සත්වයෙකු බව මාගේ හැඟීමයි.අප පරිණාමය වී ඇත්තේ ද අප ශරීරයෙ කෙස් පවා ඉවත් වන්නේ ද ලිංගක සතුට ඉහළ නැංවීමට බවත් පියයුරු පවා දරුවා හට කිරි දීමට වඩා ලිංගිකව සතුටු වීමට පරිණාමය වී ඇති බවත් අප තොල් පවා එසේ සැකසි ඇති බවත් අද වන විට සොයාගෙන ඇත.

    බුදුන් පවා පෘතග්ජන ජීවිතයේ ඉහළ ම සතුට ස්ත්‍රි පුරුෂ සම්භෝගය ලෙස දේශනා කොට ඇත.ජේසු තුමන් පවා ලිංගිකත්වයට වැට බැදි බවත් අප නොදනිමු.

     නමුදු ගාන්ධි බ්‍රහ්ම චරියාව දේශනා කරමින් එහි අනිත් පැත්ත සිදු කළ කාමභෝගි විකෘති ලිංගික ආශා හෙබි අයෙකු බව ගාන්ධි චරිතය සියුම් ව නිරීක්ෂනය කළ උන් දනිති.

     තම පියා මරණ මංචකයේ සිටිය දී එවකට දහතුන් හැවරිදි තම බිරිඳ හා යහන්ගත වීමට දිව ගිය ගාන්ධි පසු කලෙක ඒ පිළිබඳ පස්චාත්තාප වීම හොඳම උදාහරණයකි.

     එමෙන්ම නවක විවාහ යුවලයන් ද බ්‍රහ්මචර්‍යාව රැකගැනීමේ වැදගත්කම ගාන්ධි දේශනා කිරීමේ නිෂ්ඵල බව නිදහස් ඉන්දියාවේ ප්‍රථම අගමැති නේරු තුමා ද අවධාරණය කළ බව අපි දනිමු.

    නග්න ගැටවර යුවතියන් සමඟ නිදාගනිමින් සිය බ්‍රහ්මචර්‍යාවේ ප්‍රභල බව පෙන්වීමට තරම් ගාන්ධි නිර්භය වුව ද එය මානසික ගැටලුවක් බව මනෝ වෛද්‍යවරුන් පමණක් නොව පසු කල ගාන්ධි චරිතය ලියූ අය ද නොබියව පැවසූ බව අප දනිමු.

    තම ආශ්‍රමයේ තරුණ ගැහැනු හා පිරිමින්ට එකට දිය නෑමට, එකට නිදා ගැනීමට ඉඩ දී විමසිලිමත් වීම,ලිංගික කතා පවා යෞවනයන්ට තහනම් කිරීම වැනි දෑ සැබෑ මානසික රෝග නොවන්නේ ද?

     අනුන්ට එසේ වුව ද ගාන්ධි එසේ බ්‍රහ්ම චර්යාව නොරැක්කේ ය. ලොවට බණ දෙසුවා පමණි.

     රූබර සුශිලා නායර් නොහොත් ගාන්ධිගෙ ලේකම්ගෙ සොයුරිය සමඟ දිය නෑමට, නිදා ගැනීමට හුරුව සිටියා පමණක් නොව ඒ ගැන විමසීමේ දී එයා දිය නානකොට මම තදේට ඇස් පියා ගන්නවා වැනි මන්ද බුද්ධික කතා පවසමින් ජනතාව නොමඟ ඇරියේ ය.

    තම බිරිඳගේ මරණයෙන් පසු වැඩිපුර ගැහැනුන්ට ළං වු බවත් ඉන්දීය සැමියන්ට සිය බිරිඳ සමඟ නිදා ගැනීම ද ඉවත ලු බව මෙම පොතෙහි ද තැනක සඳහන් වේ.

     පුරුෂ සුක්‍රධාතුව සුරක්ෂිත මිනිසාට මහා අධ්‍යාත්මික බලයක් ලැබෙන බව පැවසු මේ මිනිසා එදා වයස 77 දී 33 හැවිරිදි සුසිලා සමඟ යහන්ගත ව බැලු බව ලොව ම දනිති.

     එපමණක් නොව වරෙක වයස 17 වූ තම මිනිබිරිය (මනුට)බෙංගාලයේ නිදහස් සටන් බිමේ දී තමා සමඟ නිදා ගන්නා ලෙස අරාධනා කළ බව ය.
"මැරුවොත් මුස්ලිම්වරු අපි දෙන්නව ම මරාවී,ඒත් අපේ පාරිශුද්ධත්වය අපි රැකගනිමු.පුජනීය යාගය එහෙමයි,එනිසා දැන් අප එකට නිදා ගැනීම අරඹමු."
ඒ ගාන්ධිගෙ සුප්‍රසිද්ධ ලියමනක කොටසකි.

    ගාන්ධිගේ බිරිඳ වන 18 වියැති අභා සහ මනු යනදෙදෙනා සමඟ ම ගාන්ධි යහන්ගත වු බව ප්‍රසිද්ධ කරුණකි

    මේ ලඳුන් දෙදෙනාගෙ කරට අත තබා තම දේශනයට පැමිණෙමින් සිටි මොහොතේ වෙඩි තැබු බව අප දනිමු.ගොඩ්සේ වෙඩි තැබීම පරක්කු කිරීමට ද මෙම දෙදෙනා ඉතා සමීපව ගාන්ධි ළඟ සිටී ම හේතු විය.

    ගොඩ්සේට මෙම ලඳුන්ට හානි කිරීමට අවශ්‍ය නොවු නිසා පමා වී වෙඩි තැබු බව ඔප්පු විය.

    අවසන් වසර කිහිපය තුළ මේ අසැබි සබඳතාවයට පවුලේ අය උරනව සිට මනු ඔහු වෙතින් මුදාගැනීමට දැඩි ප්‍රයත්නයක් දරා ඇත.

     තම පුතුට "මම ඇයට (මනුට) මා සමඟ නිදාගත් අයුරු ප්‍රසිද්ධ කරන්නට කිවා" යනුවෙන් ලිපියක් ලියා තැබුව ද ගාන්ධි චරිතාප්‍රධාන කළ උන් ගාන්ධිගේ චරිතයට හානියක් වන නියාවෙන් එය ඉවත ලූහ.

    එමෙන්ම ගාන්ධි පුත් දේවදාස් කළේ මනුව දිල්ලියට රැගෙන ගොස් ඇයව නිහඬ කිරීමයි.

    ගාන්ධිගෙ චරිතය පුම්බන බොහෝ උන් කොන්ග්‍රසය ද ඇතුළුව ගාන්ධිට වෙඩි වැදුන පසු "හරේ රාම්" යැයි පවසා මියඳුන බව පවසයි.

    නමුදු සත්‍ය එය නොවේ. සත්‍යයනම් ඒ වන විට් මනුගෙ කරමත අත තිබු මේ මහලු මිනිසා "ආහ්" යන හඩ පමණක් නංවා මිය ගොස් ඇත.

     කෙසේ වෙතත් අඩුපාඩු කාගෙත් ඇත.ලොව ජයගත් බොහෝ උන් හට මානසික රෝග හෝ අඩුපාඩු එකක් හෝ තිබී ඇත.

    නිව්ටන් සොක්‍රටිස්ලාට ද ගාන්ධිට ද එය එසේම ය.

    එසේ කියා ඔවුන්ගෙන් වු සේවය ඉවත ලා නොහැක.අප කළ යුත්තේ සමාජය දේශපාලනය ඔවුන්ට රිසි ලෙස පුම්බා ඇති චරිතවල සත්‍ය හෙළි කර ඔවුන්ගෙන් වු සේවය ඇගයීම මෙන්ම ඔවුන්ගෙන් ගත යුත්ත ගෙන ඉවත ලෑ යුතු දෑ ඉවත ළෑම ය.

    මෙම ගාන්ධි මැරූ මිනිසාගේ කරුණු අඩ‍ංගු "මා මහත්මා ගාන්ධි ඝාතනය කළේ ඇයි?" පොත ගාන්ධි චරිතය ගැන යමක් උගනීමටත්, ලොව බොරුවට පුම්බා ඇති සත්‍ය ගාන්ධි කවුරුදැයි දැන ගැනීමටත් මහත් රැකුලක් ලබා දෙන පොතකි.

    නමුදු ගාන්ධි චරිතය මෙම පොත මතින් ම තීරණය කිරීම ද නොකළ  යුත්තකි.මන්ද එය ගාන්ධිට අසාධාරණයකි.වෙන්ව සිටි ඉන්දියානුවන් එක් කිරීමට ගාන්ධි ද සුවිසල් සේවයක් කළ මිනිසෙකි.

    එබැවින් ගාන්ධි ගැන හදාරන අයට මෙම පොත රැකුලක් වනවා මිස මෙය ගාන්ධිගෙ සැබෑ ම චරිතාප්‍රදානයවත්, පූර්ණ සත්‍යවත් නොවන බව සැලකිය යුතුය.

    නමුදු කියවා යම් අදහසක් ලබාගත  හැකිය.

ජය!

අරවින්ද රත්මල්ගම.

Comments

  1. මම මේ ගැන දැන සිටියා..මේ විතරක් නෙවේ මුඩුක්කුවේ දෙවගන කියපු තෙරේසා මව්තුමිය පවා තම ලමා නිවාස වල දරුවන් නොසලකා හැර බවත් රෝගී දරුවන්ට ප්‍රතිකාර නොකොට යාක්නා කරමින් සිටි බවත් ඒ දරුවන් දුක් විද මියගිය බවත් ඇගේ එම නිවාස ඉතා අපිරිසිදු ඒවා බවත් කියැඋන ලිපි මා කියවා තියෙනවා ..ල්ංකාවේ යුද්දේ බලන්න අරා..වැඩ කාරයෝ නිහඩයි..කියවන්නේ කව්ද...ඔනේම කෙනෙක් සතු එක පැත්තක් සහ අවශ්‍ය පැත්ත පමනයි එලියට ගන්නේ..අනික මම දන්න තරමින් ගාන්ධ් නොබෙල් දිනාගත්තේ නෑ.පොඩ්ඩ්ක ඒ ගැන හොයලා බලන්න..
    හොද ලිපියක් අරා..ලස්සනට ලියලා තියෙනවා ..ඒත් මම මේක ෆ්බ් දැක්කේ නෑ.

    ReplyDelete
    Replies
    1. තුතියි අක්කෙ,නැ නොබෙල් ත්‍යාගයට කිපවරක් නොමිනේට් උනා 1948 අවසන් වරට නොමිනෙට් උනෙ,ඒකයි එහෙම ලිවේ.අක්ක කියන දේ හරි..තුති අක්කෙ..ජය.

      Delete
  2. මේ විස්තර වලින් අඩක් කලින් දැන සිටියා.ගාන්ධි ලොවට පෙන්වූ තරමේ, ලොව ප්‍රසිද්ධියට පත්ව ඇති තරමේ සාන්තුවරයෙක් නොවන බව.ඒත් නොදැන සිටි බොහෝ තොරතුරු ඔබේ ලිපියේ අඩංගුයි.සවිස්තරාත්මක ලිපියක්. 👌

    ReplyDelete
  3. හොද ලිපියක් අරවින්ද,,දැන සිටිය කරුනු වලට තවත් බොහෝ දේ එකතු වුවා.එලියට පෙනවන මුහුණ සහ සැබෑ මුහුණ හරිම වෙනස්,මෙවැනි ලිපියක් පලකිරිමට නොබියවු ඔබට ගල් සහ මල් ලැබෙන්නත් පුළුවන්,ජය,,,

    ReplyDelete
    Replies
    1. පාඨකයාට සත්‍යය හෙලි කිරිම ලේකකයෙකු සතු වගකිම,ගල් හො මල් ලැබුනත්.ඉතිං හැකි ලෙස අප එය ඉටු කරමු.තුතියි මේ දිරි ගැවීමට..ජය.

      Delete
  4. ගාන්ධි චරිතයෙහි මෙවැනි දෑ යම්තරමින් කියවා අසා දැන තිබුණ ද මෙතරම් සවිස්තරාත්මකව කියවූයේ අද...

    බොහොමත්ම ස්තූතියි ඔබට...

    ReplyDelete
    Replies
    1. ලිපි කියවන ඔබටත් තුති.

      Delete
  5. හොද ලිපියක් වගේම අගයනව මල්ලි ඔයාගෙ නිර්භය හැකියාව.ලෝක පූජිත චරිතයක් ගොඩාක් කරුණු කාරණා දැනගෙන ඕන මෙවැනි හෙලිදරව්වක් කරන්න.අහල තිබුන ඒත් සවිස්තරාත්මකව කියෙව්වෙ අද ස්තුතියි දැන සිටි දැනුමට එහා යමක් දැන ගගත්තට .

    ReplyDelete
    Replies
    1. තුති අක්කෙ ලිපි කියවනව විතරක් නෙමේ,එය අගයා මා දිරි ගැන්වුවාටත්,ජයවේවා.

      Delete
  6. ඉතාම හොඳ ලිපියක්.මේ පොත කියවන්නත් කලින් ඉඳන්ම මම ගාන්ධිගේ චරිතය සැක කළා.ඒ සැකය තව තවත් තහවුරු වුණා මේ පොතෙන්. මම දකින තවත් දෙයක් තමයි ගාන්ධි කියන්නේ ඉතා ප්‍රබල බ්‍රිතාන්‍ය බළල් අතක්.භගත් සිං ප්‍රමුඛ විප්ලවකාරී හා වාම වාදී බලවේගය අතට නිදහස් ඉන්දියාවේ දේශපාලන බලය හුවමාරු වීම බ්‍රිතාන්‍යට අවාසියක්.එම අවාසිය වළක්වා ගන්න නම් වාමවාදී බලවේගය පරයා වෙනත් බලවේගයක් ඉස්මතු කිරීමේ අවශ්‍යතාව බ්‍රිතාන්‍ය තේරුම් ගත්තා. එම අවශ්‍යතාව බ්‍රිතාන්‍යයන් සම්පූර්ණ කර ගත්තේ ගාන්ධිගේ අවිහිංසාවාදී ව්‍යාපාරයෙන් බව මගේ විශ්වාසයයි.ඉන්දීය නිදහස් සටන දියාරු ව්‍යාපාරයක් බවට පත් වුණේ ගාන්ධිගේ අවිහිංසාවාදී ව්‍යාපාරය නිසා.මේ දියාරුකම ලංකාවේ නිදහස් ව්‍යාපාරයටත් බලපෑවා.ඒක නිසා තමයි සපත්තු අස්සේ ලියුම් හංගාගෙන එංගලන්තයට ගොස් මහරැජින බැහැ දැක කන්නලවු කිරීම, නිහඬ විරෝධතා පැවැත්වීම වගේ දියාරු උපක්‍රම මගින් නිදහස දිනා ගත හැකිය කියන විශ්වාසය ලංකාවේ නායකයින් තුළ ඇති වුණේ.

    වටිනා ලිපියක්.ඉන්දියාව පකිස්ථානයට වන්දි ගෙවිය යුතුය යන ගාන්ධිගේ ස්ථාවරය පිළිබඳවත් ලිවුවා නම් තවත් වටිනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ,ඔබේ සටහනට සහ ඔබේ දැනුවත් කිරිම් වලටත්,ගාන්ධි හිතන තරම් පිරිසිදු චරිතයක් නොවන බව බොහො අයට දැන් පැහැදිලි වෙමින්...

      Delete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත