20 වහන ප්‍රේමලාල්,විධායකය සහ අධිකරනය

                               


                                             20 වසන ප්‍රේමලාල්, විධායකය සහ අධිකරණය.


     දේශපාලනය මිනිසා විසින් පාලනය කළ යුත්තක් වුව ද අද ලාංකාව තුළ දේශපාලනය මිනිසා පාලනය කරමින් සිටී.


     පසුගිය මැතිවරණයේ පුරවැසි අමනෝඥ්ඥ ක්‍රියා කලාපයත්, ලබා දුන් වරමත් බැලු කල දේශපාලනය ගැන ලිවීම අත් හැර දැමූව ද රට තුළ සිදු වන යම් ක්‍රියා දුටු විට නිතැතින් ම ලියැවේ.


     වත්මනේ රටේ දේශපාලන පිටු ඉතා වේගයෙන් පෙරළුන නමුදු අවසාන පිටුව ප්‍රේමලාල් නොහොත් චොකා මල්ලිගෙන් අවසන් විය. හෙට කුමක් වේදෝයි අවිනිශ්චිත ව ඒ ගැන සටහන් තබමි.


    ලංකාවේ ග්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විධායකයට යටත් ය. ස්වාධීන ලෙස පෙනෙන පවසන බොහෝ ආයතන විධායකයේ සපත්තුව යට බව දන්නෝ දනිති.


    බලයට පත්වීමට පෙර 77 ව්‍යවස්ථාව විවේචනය කළ කිසිඳු නායකයෙකු එය වෙනස් නොකළේ තම වාසිය තකා ය.


     සිදුකළේ සංශෝදන වන නමුදු ඒවා ද තම පවුල හෝ තම බලය රැකගැනීම සඳහා ය. මෑත කාලීනව 20 වැනි සංශෝදනය ගෙන ආවේ රටට හිතැතිව ද නැතිනම් පාලකයන්ගේ පවුලේ වාසියට දැයි පුරවැසියා සිතා බැලිය යුතුය.


     නමුදු පසුගිය මැතිවරණ ප්‍රතිඵල හා බැලීමේ දී එසේ සිතීමේ ශක්තියක් පුරවැසියාට ඇත්දැයි සැක සහිත ය.


     විපක්ෂ පවා එයට, රටට දැනෙන විරෝධයක් නොපාන අතර එසේ විරෝධය පෑමට තරම් ශක්තිමත් විපක්ෂයක් ද අද නැත.


      20 වෙනි සංශෝදනය රටේ අනාගතයට දරුණුවට බලපාන දිර්ඝකාලීන අයහපත ගෙන දෙන සංශෝදනයක් බව පාලකයෝ දනිතත් රටට පෙර තමා ලෙස දකිනා පාලකයාට එය අදාල නොවේ.


     නමුදු මෙම ගැටළුව රට තුළ කතාබහට ලක් වන අතර ප්‍රේමලාල් නොහොත් චොකා මල්ලී හට මරණ දඩුවම හිමි ව තිබිය දී පාර්ලිමේන්තු පැමිණීමට ලැබු අවසරය සහ හරක් මස් කතාවක් තුළින් රට තුළ ඇති විය යුතු වැදගත් සාකච්ඡාවක් යට ගැසු බව මාගේ හැඟීමයි.


     ලාංකේය දේශපාලනය සැමදා ගේම් ගසනා පොර පිටියකි. මෙවර 20 වසා ගැනීමට ප්‍රේමලාල් ද හරක් මස් ද ඉදිරියට දමා ජන මනස වෙනතක හැරවීමේ ගේම ද සාර්ථකව සිදු කර ඇත.


    ප්‍රේමලාල් පාර්ලිමේන්තු පැමිණීම ගැන ජනතාව ඇත්තෙන් ම කලබල විය යුතු නැත. J.R.ජයවර්ධනයන් තම ව්‍යවස්ථාවෙන් ගැහැනියක පිරිමියෙකු කිරීමටත් පිරිමියෙකු ගැහැනියෙකු කිරීමත් හැර වෙන ඕනෑ ම දෙයක් කළ හැකි බව පවසා උදම් ඇනූ බව අප දනිමු.


දැරියක් දුෂනය කර මරණ දණ්ඩනය නියම වු ගෝනවල සුනිල්ට ජනපති නිදහස දුන් රට මෙය ය. පොළවේ පය නොගසන, දේශපාලන ඉතිහාසය නොදන්නා, කාමරයට කොටුව ස්මාර්ට් ෆෝන් එකෙන් ලොව දකින සමහරුන්ට එය එතරම් නොදැනුන ද අද එය කණ පිට පෙරළී ඇත.


     ජයවර්ධන, ගෝනවල සුනිල්ට සමාව දී අධිකරණයට අපහාස කිරීමේ දිගුව, චන්ද්‍රිකා තනි මතයට චෝදනා ඇති නුසුදුස්සෙකු ලෙස රට ම හඬ ගෑ සරත් එන්. සිල්වාට මහඅධිකරණ විනිසුරුකම ලබා දි නීතියේ ආධිපත්‍යය, ගෞරවය කෙලසා දැමුවේ ය.


      මහින්දයන් ශිරාණී බණ්ඩාරනායකයන් එලවා දමද් දී, මෛත්‍රිපාල පවා ජනපති නිදහස දී මරණ දණ්ඩනය හිමි වූවන් නිදහස් කර නීතියේ දෙවඟන කෙලෙසූ විධායකයක් ඇති කාලකන්ණි රටකි මෙය.


      එසේ බලන කල ප්‍රේමලාල්ට පාර්ලිමේන්තු ඒමට ගෝඨාභය ජනපති අවසර දී නැත.අවසර දී ඇත්තේ අධිකරණය යි.


      චොකා මල්ලි, රත්නපුරේ වැඩි ම මනාප ගත්තේ ගෝඨාභයන්ගේ කතිරයෙන් නොව මරිමෝඩ වහල් පුරවැසි මනාපයෙනුයි.


      ජෙ.ආර්. ගේ ආදර්ශයෙන් චන්ද්‍රිකා, මහින්ද, මෛත්‍රිපාල වැනි ජනපතිවරුන් කළ නීතිය නැමීමේ ක්‍රියා හා සැසදීමේ දී මෙය ජනතාව තම ගෙල තමා ම මිරිකා ගැනීමකි.


     නමුදු මෙය පිටට නොපෙනෙන දරුණු ගේමකි.   ප්‍රෙමලාල් අතින් මිය ගියේ මෛත්‍රිපාලයන්ට සහය දැක්වු අයෙකු බව රට ම දනිති.


     අද ප්‍රේමලාල් නියෝජනය කරන ආණ්ඩුව ම මෛත්‍රිපාල ද නියෝජනය කරයි. මැතිවරණයේ දී පොළොන්නරුවේ රොෂාන් සහ මෛත්‍රිපාලයන් මරාගන්නා බව පෙන්වා මැතිවරණයෙන් පසු එකට හිඳ සිනාසෙන හැටි අප දුටිමු.


     එසේම මැතිවරණයේ තමාට සහය දුන් අයෙකු මරා දැමු එකාට විරුද්ධව හඬක් මෛත්‍රිපාල වැනි ග්‍රාමසේවක මනසක් හිමි ජෙලටින් කොන්දකට හිමිකම් කියන නායකයෙකුගෙන් කිසිසේත් බලාපොරොත්තු ද විය නොහැක.


     නැතිනම් රටේ ඉහළ නායකත්වය මෛත්‍රිපාලයන්ගේ කට වසා 20 යට කර ප්‍රේමලාල් උඩ දමා දැවැන්ත හයේ පහරක් එල්ල කර ඇත.


     ප්‍රේක්ෂක පුරවැසියා බෝලය යන අත බලනවා මිස පිටිය තුළ විනිසුරුවරුන් සහ අනෙකුත් ක්‍රීඩකයන්ගේ ක්‍රියා කලාපය නොබලනු ඇත.


     එසේම ප්‍රේමලාල් නමැති බෝලය දෙස බලා සිටින අමනෝඥ්ඥ පුරවැසායාට පාර්ලිමේන්තුව නම් පිටිය නොපෙනෙනු ඇති.


    එහි ජනපති අගමැති නැමති විනිසුරුවන් ඇතුලු 225 ක් වන සෙසු ක්‍රීඩකයන් පිටිය තමාට අවැසි ලෙස සකසා ගනු ද ඇත.


     එවිට දේශපාලනය කතා කරන එයට උනන්දු ව ඇති තරුණයන්ට ද මෙය කලකිරී අපි හම්බකළොත් අපි කනවා වැනි පිටු සදා ගනිමින් රට ම විහිළුවකට පත් වනු ඇති.


     පාලකයන් තම දූ මුනුපුරන්ට ද ක්‍රීඩා කළ හැකි ලෙස පිටිය සකස් කරගනු ඇති අතර ප්‍රේක්ෂක පුරවැසියා තරගය අවසන ඇණකොටා ගනිද්දී දෙපිලේ ම ක්‍රීඩකයන් එකට එක්ව ජය පැන් බොනු ඇති.


      කවුරු දින්නත් පැරදුනත් ක්‍රීඩා කරන දෙපිල අවසන ජයග්‍රාහණය කොට පුරවැසි ප්‍රේක්ෂකයාට යන එන මං නැති රටකට උරුමකම් කීමට සිදු වනු ඇති.


      පරම්පාරනුගතව පාලනය හුවමාරු කරගැනීමෙන් ම දුවා දරුවන්ට වෙනත් රටවල අධ්‍යාපනය ද ද්ත්ව පුරවැසි භාවය ද ලබා දී අනාගතයේ වෙනත් රටක සිට අමුතු ඇටේ පාලනය කරන නායකයන් බිහි නොවුණ හොත් පුදුමයකි. අද පවා ඡන්දය කාලයට පමණක් ගමට යන ඇමතිවරු සිටිනා රටේ ඡන්ද කාලෙට තම රටට පැමිණෙන ඇමතිවරු බිහි නොවේවියැයි කාටනම් කිව හැකි ද?


ජය!


අරවින්ද රත්මල්ගම _____✍️

09/09/20

Comments

  1. Lalith සමාවෙන්න ඔබේ කමෙන්ටුව මා නොදැනුවත්ව ඩිලිට් වි ඇත.අපි ඒ ගැන ලිපියක් ලියමු..ජය.

    ReplyDelete
  2. This is called 'Janatha Parama Adipathyaya' people voted he won. Public opinion is not law, but public can ask justice from a court of law. So far no one went to courts asking to disqualify him, why? Wijebahu

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

මතක මිය ඇදෙන සඳ

පිරිමි නිරුවත.

බල්ලෙකුගෙ හදවත